- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
වැට් බදු වැඩි කළ ආකාරය ගැටළු සහිතයි-අගවිනිසුරු
වැට් බද්ද වැඩි කිරීමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බලන ලද අවස්ථාවේයි අගවිනිසුරුවරයා එම ප්‍රකාශය කළේ.
පෙත්සම්කාර පාර්ශවය අධිකරණය හමුවේ කියා සිටියේ ආණ්ඩුවට වැට් බදු ප්‍රතිශතය ඉහල නැංවීමට අවශ්‍ය නම් ඒ සඳහා පළමුව පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතුව තිබුණ බවයි.
එහෙත් එම බද්ද වැඩි කිරීමට පෙර විෂය භාර ඇමතිවරයා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා නොගත් බව කියා සිටි පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිවේදියා එම ක්‍රියාව විග්‍රහ කළේ 'මහා දවාලේ මහජනයාගෙන් සිදු කරන මුදල් කොල්ලකෑමක්' හැටියටයි.
එබැවින් වැඩි කළ වැට් බදු අය කිරීමේ තීන්දුව අත් හිටවීමේ අතුරු තහනම් නියෝගයක් පනවන ලෙසයි නීතිවේදියා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
එහෙත් එම ඉල්ලීමට විරෝධය පළ කළ රජයේ නීතිඥවරිය බදු වැඩි කිරීමට සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමට විෂය භාර ඇමතිවරයා ළඟදීම කටයුතු කරන බව ප්‍රකාශ කළාය.
එම අවස්ථාවේ ප්‍රකාශයක් කළ අග විනිසුරු කේ.ශ්‍රී පවන් පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව බදු වැඩි කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කරමින් මෙහි ගැටලු සහගත තත්වයක් පවතින බවයි සඳහන් කළේ. කියා සිටියා.
ඒ අනුව පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන බව කියා සිටි ශ්‍රේෂ්ඨාධිකරණය වැට් බද්ද වැඩි කිරීමේ තීරණය අත් හිටවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ලබන 11 වනදා තීන්දු කරන බවයි සඳහන් කළේ.
http://www.bbc.com/sinhala/sri-lanka-36596593