- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
කොළඹ කොටස් හයදහසෙන් පහළට යළි පසු බසී
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,000 න් පහළට යළිත් වරක් පැමිණ තිබේ. අද (14) මධ්‍යහ්නය වන විට එහි අගය ඒකක 5,986.92 ක් ලෙසින් සටහන් වූ අතර පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව එය ඒකක 33.03 ක හෙවත් 0.55% ක පහළ යාමකි.
මේ අතර පසුගිය සතියේ අවසාන ගනුදෙනු දින දෙකෙහි පිළිවෙලින් ඒකක 85.8 හා 71.8 බැගින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 157කින් කැපී පෙනෙන ඉහළ ගියේය.
මේ සම්බන්ධයෙන් අද දෙරණ Biz කළ විමසීමක දී කොටස් තැරැව්කාර සමාගමක ආයෝජන උපදේශකවරයෙකු මෙසේ කියා සිටියේය. “දිගින් දිගටම කොටස් මිල මට්ටම් පහළ බැසීම හමුවේ ඇති වූ (b)අධි විකුණුම් (Over sold)(/b) තත්ත්වය හමුවේ තවදුරටත් කොටස් වෙළෙඳපොළ පහළ බැසීම තාක්ෂණික විශ්ලේෂණයන්ට (Technical analysis) අනුව සිදුවිය නොහැක්කක්. ඒ නිසා වෙළෙඳපොළ නිවැරදි කිරීමක් (market correction) සිදුවිය යුතුයි. එම තත්ත්වය තමයි පසුගිය දින දෙකෙහි දැකගත හැකිවූයේ. කෙසේ වෙතත් කොටස් වෙළෙඳපොළ ගනුදෙනු යථාතත්ත්වයට පැමිණීමට අවශ්‍ය සාර්ව ආර්ථික පරිසරය මෙතෙක් සකස් වී නැහැ. එම නිසා අඛණ්ඩ වර්ධනයක් මේ අවස්ථාවේ දී බලාපොරොත්තු විය නොහැකියි“.
මෙහිදී වැඩිදුරටත් දක්වමින් ඔහු කියා සිටියේ කොටස් ගනුදෙනු සඳහා නව බදු පැනවීම්, පොළී අනුපාතික ඉහළ යාම වැනි කරුණු කොටස් වෙළෙඳපොළ මෙලෙස පහළ යාමට තුඩු දී ඇති බවයි.