The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
Plantation Sector UpdatesTue Oct 20, 2020 3:11 pmslstock
HAYC - HaycarbFri Oct 16, 2020 12:55 amsubash
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Trading Journal Tue Sep 15, 2020 10:37 pmThe Invisible
AEL Access EngineeringTue Sep 15, 2020 7:24 pmsmallville
CFVF - First CapitalWed Sep 09, 2020 9:42 pmWonderer
අනං මනං! #/+?.<>Tue Aug 18, 2020 11:15 pmYin-Yang
Dividend AnnouncementsMon Aug 17, 2020 1:27 pmRana
Ceylon Tobacco CTCSun Aug 16, 2020 5:11 pmThe Invisible
Sunshine HoldingsFri Aug 14, 2020 9:39 pmThe Invisible
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන Empty කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන

on Sun Jun 25, 2017 6:50 pm
Message reputation : 100% (3 votes)
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන
BBC Sandeshaya  මිනිත්තු 33 පෙර

කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන _96676213_captudsdssdre
කටාර් රාජ්‍ය සහ සෞදි අරාබිය ඇතුළු ආරාබි රටවල් අතර මතුව ඇති අර්බුදකාරී වාතාවරණය පිළිබඳ ශ්‍රී ලාංකිකයන් ද දැඩි අවධානයකින් පසු වේ.

ශ්‍රී ලාංකිකයන් 120,000 ට අධික සංඛ්‍යාවක් කටාර් රාජ්‍යයේ සේවයේ නිරතව සිටීම ඊට බලපා ඇති විශේෂ හේතුවකි.

කටාර් රාජ්‍ය, කලක් ගල්ෆ් කලාපයේ දුගී රටවල් අතරින් එකකි. නමුත් මේ වනවිට කටාර් රාජ්‍ය එම කලාපයේ තිබෙන ධනවත්ම රටවල් අතරින් එකක් බවට පත්ව ඇත.

කටාර් රාජ්‍ය සිය කලාපීය සහ ගෝලීය අභිලාෂ මුදුන් පත් කර ගැනීම සඳහා ඛනිජ සම්පත් ඔස්සේ ලැබෙන ආදායම උපයෝගී කර ගනු ලබයි.

   කුමක්ද මේ කටාර් අර්බුදය?

පලස්තීන හමාස් සංවිධානය, ඊජිප්තුව සහ සිරියාවේ ඉස්ලාමීය කණ්ඩායම් වැනි කලාපයේ ඇතැම් සංවිධාන සම්බන්ධයෙන් ඩෝහා පාලනය සිදු කරනු ලබන මැදිහත්වීම් සෙසු අරාබි රටවල නායකයන්ගේ සතුටට හේතු නොවේ.

ත්‍රස්තවාදයට සහාය ලබා දෙන බවට චෝදනා කරමින් සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, බහරේනය, ලිබියාව, යේමනය සහ ඊජිප්තුව යන අරාබි රටවල් කටාර් සමග පවතින රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා අතිහිටුවීමට කටයුතු කරන්නේ එවැනි පසුබිමකය.

කෙසේ නමුත් කටාර් රාජ්‍ය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන _96676215_gettyimages-508567274
Image copyright Bryn Lennon
කටාර් රාජ්‍යය

   අගනුවර - ඩෝහා
   ජනගහනය - ලක්ෂ 27
   භූමිය - වර්ග කිලෝමීටර 11,437
   භාෂාව - අරාබි
   ආගම - ඉස්ලාම්
   ආයු අපේක්ෂාව - අවුරුදු 78.5
   මුදල් ඒකකය - රියාල් (මූලාශ්‍ර: ලෝක බැංකුව, එක්සත් ජාතීන්)

මේ අතර කටාර් පාලනය තම රට තුළ ද ඇතැම් ගැටලුවලට මුහුණ දෙමින් සිටී.

ඛනිජ තෙල් ඔස්සේ ලැබෙන මුදල් සිට රට වැසියන්ගේ සුභසාධනය වෙනුවෙන් යොදවන කටාර් රාජ්‍ය එරට සේවයේ නිරත විදෙස් ශ්‍රමිකයන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානවල විවේචනයට ලක්වේ.
අල්-තානි පවුල

2013 වසරේ දී ෂේක් තමිම් බින් හමාද් අල්-තානි කටාර්හි නායකත්වයට පත් වන්නේ ඔහුගේ පියාගෙන් පසුවයි.

ඔහු එරට සන්නද්ධ හමුදාවේ නියෝජ්‍ය සේනාධිනායකයා වන අතර ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධානියා ද ඔහුයි.

මෑත කාලය තුළ ඔහු විසින් හමුදා සහ ආරක්ෂක අංශවල වගකීම් විශාල වශයෙන් සියතට පවරා ගනු ලැබ ඇත.

සිය පියා මෙන් ඔහු ද බ්‍රිතාන්‍යයේ ඉගනුම ලැබීය.

කටාර් ආණ්ඩුව විසින් අල් ජසීරා ප්‍රවෘත්ති ආයතනයේ හිමිකාරිත්වය දරනු ලබයි.

කලාපය තුළ සංවේදී යැයි සැලකෙන විෂයන් පිළිබඳ අල් ජසීරා අරාබි සේවය විවෘතව කතාබහට ලක් කළ ද කටාර් රාජ්‍ය සහ මිත්‍ර ගල්ෆ් රටවල් සම්බන්ධයෙන් විවේචන කිරීමෙන් එම ආයතනය වැළකි සිටී.
මාධ්‍ය සහ අන්තර්ජාලය

කටාර්හි දිනපතා පළ වන ප්‍රධාන පුවත්පත් හා පාලක තානි පවුල අතර සබඳතා පවතී.

කටාර්හි දේශීය සහ විදේශීය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් එරට පුවත්පත් සුළු වශයෙන් හෝ වාර්තාකරණයේ නොයෙදෙයි.

එරට අන්තර්ජාලය භාවිත කරන පිරිස ලක්ෂ විසි දෙකකි. ඉස්ලාම් ආගමට නිගරු වන බවට සැලකෙන සහ ලිංගික දර්ශන සහිත වෙබ් අඩවි කටාර් ආණ්ඩුව විසින් නියාමනයට ලක් කරනු ලැබ ඇත.
ඉතිහාසයේ සුවිශේෂී අවස්ථා

1700: කටාර්හි වෙරළබඩ ප්‍රදේශවල මුතු කර්මාන්තය සහ වෙළඳාම ආශ්‍රිත සංක්‍රමණික ජනාවාස බිහි විය.

1916: ආරක්ෂාව ලබා දෙන බවට වූ සහතිකය මත බ්‍රිතාන්‍ය කටාර්හි විදේශ සබඳතා පාලනය කිරීමේ ගිවිසුමකට අත්සන් තැබීය.

1936: ඛනිජ නිදි සොයා ගනු ලැබූ නමුත් දෙවන ලෝක යුද්ධය හේතුවෙන් කැණීම් කටයුතු ප්‍රමාද විය. නමුත් මුතු සහ ධීවර කර්මාන්තය වෙනුවට ඛනිජ තෙල් කටාර්හි ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත් විය.

2005 ජුනි: ඇතැම් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් කටාර්හි පළමු ලිඛිත ව්‍යවස්ථාව බලාත්මක විය.

2017 ජුනි: සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, බහරේනය, ලිබියාව, යේමනය සහ ඊජිප්තුව යන අරාබි රටවල් කටාර් සමග පවතින රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා අතිහිටුවීමට කටයුතු කළහ. ඒ අන්තවාදයට සහ ඉරානයට සහාය ලබා දෙන බවට චෝදනා කරමිනි.
HUNTER
HUNTER
Top contributor
Top contributor
Posts : 1867
Join date : 2014-07-14

කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන Empty Re: කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන

on Sun Jun 25, 2017 7:49 pm
Good One ET!
Like to see more like this from you.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන Empty Re: කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන

on Mon Jun 26, 2017 2:39 pm
Message reputation : 100% (1 vote)
Nice to see you back Hunter, with nice wave pattern analysis. ?How about your best performing 100 shares thread. That was a hit @ that time. I know you are struggling with time but at least occasional updating would be welcome.
HUNTER
HUNTER
Top contributor
Top contributor
Posts : 1867
Join date : 2014-07-14

කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන Empty Re: කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන

on Mon Jun 26, 2017 7:52 pm
Message reputation : 100% (1 vote)
Thanks ET.

I have revised a little my approach on screening shares due to time limitation. Now, I am more aligned with 'long term' high cap shares.

Hope to post some details in the same thread soon.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන Empty Re: කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන

on Tue Jun 27, 2017 9:50 am
Thanks.
WasteofTime
WasteofTime
Posts : 271
Join date : 2014-09-29

කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන Empty Re: කටාර්: දුගීබවේ සිට ධනවත්ම රාජ්‍යයක් දක්වා වූ ගමන

on Thu Jun 29, 2017 10:12 am
One of the Signs of the Day of Judgment From the Words of prophet Muhammad  predicted 1438years ago,  about Saudi Arabia ,Qatar, Dubai and the Arabian peninsula  Very Happy


"Naked, destitute, barefoot shepherds will compete in building tall buildings"

Naked, destitute, barefoot shepherds  mean origin of those rulers .
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum