- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
ඇමෙරිකානු යුද නැවක් අනතුරේ; නැවියන් හතක් නැහැ
BBC Sandehaya පැයකට පෙර
Image copyright EPA
Image caption අනතුරට පත් ඇමෙරිකානු නැවේ කාර්ය මණ්ඩලය ජපානයේ බේරා ගැනීමේ කණ්ඩායම් විසින් ඉවත් කර ගනු ලබන ආකාරය
ජපානයේ නැගෙනහිර මුහුදු සීමාවෙන් ඔබ්බේ දී ඇමෙරිකානු නාවික හමුදා යාත්‍රාවක් සහ භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන කන්ටේනර් නැවක් ගැටීමෙන් ඇමෙරිකානු නාවික හමුදා භටයන් හත්දෙනකුට සිදු වූ දෙයක් දැනගැනීමට නැත.
ජපානයේ වෙරළාරක්ෂක හමුදාව සෝදිසි කිරීමේ සහ බේරා ගැනීමේ කණ්ඩායමක් අනතුර සිදුව ඇති මුහුදු කලාපයට හෙලික්ප්ටර් යානා මගින් යවා ඇති බවත් වාර්තා වෙයි.
මේ අතර එක්සත් ජනපද නාවික හමුදාවේ ප්‍රකාශකයෙක් අදහස් දක්වමින්, අනතුර සිදු වීමත් සමඟ නෞකාව තුළට තවත් ජලය ගලා ඒම වළක්වා ලමින් එහි කාර්ය මණ්ඩලය විසින් වසා දමනු ලැබ ඇති කොටස්වල සිය නාවික හමුදා භටයන් රැඳී සිටීමේ ඉඩකඩක් පවතින බව කියා සිටියේය.
Image copyright EPA
Image caption යුද නැවේ ගැටුන භාණ්ඩ ප්‍රවාහක නෞකාව යාත්‍රා කරමින් තිබුණේ පිලිපීන කොඩිය සහිතවයි.
අනතුරට ලක් වූ 'USS Fitzgerald' ඇමෙරිකානු යුද නැවේ අණදෙන නිලධාරියා සහ තවත් නිලධාරීන් දෙදෙනකු තුවාල ලැබ සිටි අතර ඔවුන් ජපානයට අයත් හෙලිකොප්ටර් යානයක් මගින් බේරා ගනිමින් රැගෙන ගොස් ඇත.
එම යුද නැව සමඟ ගැටුණ මීටර් 220 ක් දිග භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන නෞකාව යාත්‍රා කරමින් තිබුණේ පිලිපීන කොඩිය සහිතවයි.
සිකුරාදා (ජූනි 16) රාත්‍රී කාලයේ සිදු වූ ගැටුමට හේතුව කුමක්ද යන්න තවමත් ප්‍රකාශයට පත්කොට නැත.
Image caption අනතුර සිදු වූ මුහුදු කලාපය
ගැටුමේදී එම කන්ටේනර් නෞකාවට වැඩි අලාභ හානි සිදුව නැති බවත් වාර්තා වෙයි.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: ඇමෙරිකානු යුද නැවක් අනතුරේ; නැවියන් හතක් නැහැ
(අපි හිතුවේ අපේ පාරවල් වල විතරයි පිස්සෝ වගේ එලවන්නේ කියලා).
What happened to the onboard collision avoidance system?
_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: ඇමෙරිකානු යුද නැවක් අනතුරේ; නැවියන් හතක් නැහැ
You raised a valid question. This shows a grave weaknesses of the US navy.
කිත්සිරි ද සිල්වා wrote:Thanks ET.
(අපි හිතුවේ අපේ පාරවල් වල විතරයි පිස්සෝ වගේ එලවන්නේ කියලා).
What happened to the onboard collision avoidance system?Hyundai Heavy develops new collision avoidance system for ships
- spw19721Active Member
- Posts : 683
Join date : 2015-08-22