- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
රක්ෂණ සංස්ථාව සහ ETF ටයිල් වෙළෙඳාමෙන් නික්මෙයි
රෝයල් සෙරමික් සමාගමේ සිය කොටස් අයිතිය විකුණා දැමීමට සේවක භාරකාර අරමුදල (ETF) සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව අද (19) දිනයේ දී පියවර ගනු ලැබීය.
මේ අනුව රෝයල්සෙරමික් පීඑල්සී හි 5 වැනියට විශාලතම කොටස් හිමියා වූ සේවක භාරකාර අරමුදල සතුව තිබූ කොටස් 1,981,270 (1.77%) ක් සහ 9 වැනියට විශාලතම කොටස් හිමියා වූ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ – ජීවිත රක්ෂණ අරමුදල සතුව පැවති කොටස් 1,353,186 ක් (1.22%) රු. 125.00 බැගින් අලෙවි කර තිබේ.
මෙහිදී ගිවිසා ගනු ලැබූ ගනුදෙනු ලෙසින් රෝයල් සෙරමික් කොටස් මිලියන 5.5 ක් අද දිනයේ දී රු. 125.00 බැගින් ගනුදෙනු වී ඇත.
කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ විදෙස් ආයෝජකයෙකු විසින් මෙම මිල දී ගැනීම සිදුකර ඇති බවයි.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: රක්ෂණ සංස්ථාව සහ ETF ටයිල් වෙළෙඳාමෙන් නික්මෙයි
(Remember the old Sinhala song " අපටත් දවසක හද පායනවා. එදා අපි.... " ).