- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
අඳුර දුරලන්න සීලිමේ එල්ලා ගත් කාල බෝම්බය
නගරයේ පළාත් පාලන ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන කසළ ප‍්‍රතිචක‍්‍රීකරණ මධ්‍යස්ථානය තුළ ගොඩ ගසා ඇති කුණු ගොඬේ භාවිත කර ඉවත් කළ, CFL බල්බ් විශාල සංඛ්‍යාවක් විය. මේ කුණුගොඩ සමඟ දවස ගෙවන කම්කරු මහතුන්ගෙන් මෙම CFL බල්බවලට කුමක් කරන්නේ දැයි විමසූ විට ඔවුන් කියා සිටියේ කරන්න දෙයක් තමන් නො දන්නා බැවින් තැන් තැන්වල ගොඩ ගසා තබන බවයි. එවිට මා හට සිහි වූයේ මාගේ නිවසේ මුල්ලක පෙට්ටියක දමා එවැනි ඉවත් කළ CFL බල්බ දහයක් පහළොවක් පමණ ඇති බවයි. ඒවාට කරන දෙයක් මම ද නො දනිමි.
කියුබානු වැසියෙකු තම කාමරයේ දැවී ගිය CFL බල්බයක් එය සිසිල් වන්නට පළමු නො සැලකිල්ලෙන් ඉවත් කරන්නට යාමේ දී රත් වී තිබූ බල්බය බිම වැටී පුපුරා ගිය අතර, බල්බයේ තිබුණු රසදිය වාෂ්පය තැවරී තිබුණු වීදුරු කැබැල්ලකට ඔහුගේ පාදයක් කැපිණ. අනතුරු ව රෝහල් ගත කෙරුණූ ඔහු හට සති කිහිපයක් ම යන තෙක් දැඩි සත්කාර ඒකකයේ තබා ප‍්‍රතිකාර කරන්නට සිදු වූ අතර, ඉනුත් මාස ගණනාවක් යන තෙක්ම මේ අසරණයාගේ පාදයේ ඇති වී තිබුණු තුවාලයෙන් මස් කුණු වී, දිය වී යන්නට වූයෙන් දීර්ඝ කාලයක් යන තෙක් ඔහුට රෝහලේ සිටින්නට සිදු විය.
බලශක්ති සංරක්ෂණය කර ගැනීමේ, විදුලි බිල ඉතිරි කර ගැනීමේ සහ පරිසර හිතකාමී හරිත නිෂ්පාදනයක් ලෙස මෙම CFL බල්බ ලොව පුරා ප‍්‍රචලිත වෙමින් පවතින අතර, ලොව ඇතැම් රටවල් සාම්ප‍්‍රදායික බල්බ භාවිත කිරීම තහනම් කරමින්, CFL බල්බ භාවිතය අනිවාර්යය කරමින් නීති රෙගුලාසි පණවමින් ද සිටී.
වසරින් වසර නිවෙස් තුළ, කුණුගොඩන් තුළ, පාරේ තොටේ, ගංගා ඇළ දොළවල් තුළ එකතු වෙන භාවිත කර ඉවත් කළ CFL බල්බවලට කළ යුතු දේ, නො එසේ නම් ඒවා පරිසර හිතකාමී ලෙස බැහැර කරන්නේ කෙසේ දැයි ඒවා අළෙවි කරන්නන් (මෙම බල්බ හරියට ම වගකීමේ කාලය ඉක්ම ගිය වහාම දැවී යන ලෙස නිෂ්පාදනය කරන්නට වග බලා ගත්ත ද) හෝ කිසිදු බලධාරියෙකු අපට කියා නො දෙන බැවින් වත්මන් සමාජය මදි නො කියන්න අත්විඳින පාරිසරික හා සෞඛ්‍ය ගැටලූවලට අමතරව තවත් ගැටලූවක් බවට පත් වන්නට පෙරාතුව මේ පිළිබඳව අවධානය යොමු කිරීම මැනවැයි සිතමි.
CFL බල්බයකින් ජලය ගැලූම් 6,000ක් විස බවට පත් කරයි.
ලංකාවේ භාවිත කර ඉවත දමන සියලූ ම CFL බල්බ අවසානයේ දී මහ පොළොවට, ජල මූලාශ‍්‍රවලට එකතු වන අතර, සාමාන්‍යයෙන් වසරකට ලෝකය පුරා මිලියන 900ක් පමණ මෙසේ CFL බල්බ අක‍්‍රමවත්ව බැහැර කරණු ලබන බව සොයාගෙන ඇත.
* මෙසේ බැහැර කරන එක් CFL බල්බයක ‘රසදිය’ මිලි ග‍්‍රෑම් 5ක් පමණ ඇතැයි ගණන් බලා ඇත. රසදිය වනාහි ඉතාම විෂ සහිත බැර ලෝහයක් වන අතර, එක් බල්බයක ඇති රසදිය ප‍්‍රමාණයෙන් ජලය ගැලූම් 6,000ක් දූෂණය කෙරෙන බව පරිසර විද්‍යාඥයින් ප‍්‍රකාශ කරනු ලබනවා.
* මෙවැනි බල්බ 5ක ඇති රසදිය ප‍්‍රමාණය ජලය ලීටර් 7,70,000ක් තුළ සිටින සියලූ ජලජ ජීවීන්ගේ පැවැත්ම අනතුරේ හෙළීමට ප‍්‍රමාණවත් වනු ඇත.
ඉතිරි කොටස....
http://mahamegha.lk/2012/08/29/andura-duralanna-seelime-ellagath-kala-bombaya/