- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
ට්‍රම්ප් -පුතින් පළමු වරට මුහුණට මුහුණ මුණගැසෙයි
BBC Sandeshaya මිනිත්තු 29 පෙර
Image caption නායකයන් දෙදෙනා පළමුවරට මුණගැසෙන්නේ අද ජූලි හත්වෙනිදායි
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පුතින් මුහුණට මුහුණ මුණගැසෙන පළමු දිනය අදයි.
එම හමුව සිදු වන්නේ ජර්මනියේ හැම්බර්ග් (Hamburg) නගරයේ අද (ජූලි 07) ආරම්භ කෙරෙන G 20 සමුළුවේදීය.
රුසියාව ඇමෙරිකානු ජනාධිපතිවරණයට අතපොවා ඇති බවට එල්ල වෙමින් පවතින චෝදනා මෙන්ම සිරියාවේ සහ යුක්රේන් අර්බුද මුල්කර ගනිමින් දෙරට අතර සබඳතා වලට සිදුව ඇති හානිය යළි යථා තත්වයට පත්කර ගැනීම සඳහා ඔවුන්ට ඇති අවශ්‍යතාව නායකයන් දෙදෙනා විසින්ම ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත.
මේ අතර හැම්බර්ග් සමුළුවේ දී ලෝක දේශගුණ විපර්යාස සහ ජාත්‍යන්තර වෙළෙඳාම වැනි මාතෘකාත් මුල්තැන ගනු ඇතැයි සැලකෙයි.
Image copyright EPA
Image caption පොලිසිය සහ විරෝධතාවාදීන් අතර ගැටුමක්
සමුළුව ආරම්භ කරනු ලැබීමට පෙර පටන්ම එම කරුණු මුල්කර ගනිමින් මහජන උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ විය.
"Welcome to Hell" යනුවෙන් නම් කරනු ලැබ ඇති එම විරෝධතා ව්‍යාපාර වලදී උද්ඝෝෂකයන් සහ ජර්මන් පොලිසිය අතර ඇති වූ ගැටුම්වල දී පොලිස් නිලධාරීන් 76 දෙනකු තුවාල ලද බව වාර්තා කෙරිණ.
අද සිකුරාදා තවත් විරෝධතා ව්‍යාපාර දියත් කරනු ලැබීමට ඇති ඉඩකඩ හමුවේ දැඩි ආරක්ෂක විධි විධාන යොදා ඇතිබව හැම්බර්ග් නගරයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙයි.
Image copyright EPA
Image caption විරෝධතාවාදීන් විසින් හැම්බර්ග්හි පුළුස්සා දමන ලද මෝටර් රථයක්
උතුරු කොරියානු ප්රශ්නය මුල්කර ගනිමින් මෙවර G 20 සමුළුවේ දී ලෝක නායකයන් අතර බෙදීමක් ඇතිවිය හැකි බවට ද අනාවැකි පළවෙමින් ඇත.