- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
ලසිත් මාලිංග 'අසනීපෙන්': හෙට තරගයට නෑ
BBC Sandeshaya මිනිත්තු 59 පෙර
Image copyright Getty Images
ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ට උණ රෝගයක් වැළඳී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ඉදිරි පැය 48 ඇතුළත විවේක ගන්නා මෙන් ඔහුට වෛද්‍ය උපදෙස් ලැබී තිබෙන බැවින් ඔහුට ඉරිදා (ජුලි 02) ගාල්ලේ පැවැත්වීමට නියමිත සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි දෙවැනි එක් දින තරගයට සහභාගි වීමට නොහැකිවන බවත් පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
මෙම වෛරස් රෝගය හේතුවෙන් ලක්ෂාන් සඳකැන් ට සිකුරාදා (ජුනි 30) ගාල්ලේ පැවති පළමු එක් දින සීමිත ඕවර තරගයට සහභාගි වීමට නොහැකි වූ බවත් ක්‍රිකට් ආයතනය පවසයි.
සිකුරාදා තරගයේදී ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා කණ්ඩායම සිය රට තුළ දී සිම්බාබ්වේ කණ්ඩායමට පරාජය වූ අතර, තරගාවලිය ආරම්භවීමට ප්‍රථම කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාව ඇතුළු කරුණු සම්බන්ධයෙන් ක්‍රීඩකයන් සහ ක්‍රීඩා බලධාරීන් අතර මතභේදයක් හටගෙන තිබිණ.
ශ්‍රී ලංකාව තුළ ලකුණු 300 කට වැඩි ඉලක්කයක් හඹා ගොස් ජයග්‍රහණය ලැබූ පළමු ජාත්‍යන්තර කණ්ඩායම ද එයයි.
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයකින් අනතුරුව අවසර නොගෙන මාධ්‍ය වෙත අදහස් පළ කළ බවට ලසිත් මාලිංගට චෝදනා එල්ලවිය.
ඒ සම්බන්ධයෙන් පැවති විනය පරීක්ෂණයකින් අනතුරුව ක්‍රිකට් පාලක මණ්ඩලය ලසිත් මාලිංගට හය මසකට අත්හිටුවන ලද එක් වසරක තරග තහනමක් මෙන්ම දඩයක් ද නියම කළේය.
ගාල්ලේ විරෝධතා
තමන් පුද්ගලිකව ලසිත් මාලිංග විවේචනය නොකළ බව අමාත්‍යවරයා පසුව සඳහන් කළේය.
මේ අතර ක්‍රීඩා ඇමතිවරයා ඇතුළු බලධාරීන් ලසිත් මාලිංග සම්බන්ධයෙන් දක්වන ආකල්පය ක්‍රීඩාලෝලීන් ගේ විරෝධයට හේතු වී තිබුණු බව සිකුරාදා ගාල්ලේ පැවති තරගය අතරවාරයේ දක්නට ලැබිණ.
ගාල්ලේ ක්‍රීඩාංගණය තුළ දී අමාත්‍යවරයා දැඩි විවේචනයට ලක්කරමින් ක්‍රීඩාලෝලීහු විරෝධතා බැනර ප්‍රදර්ශනය කළ අතර, පොලිසිය යොදා එම බැනර ඉවත්කිරීමට බලධාරීන්ට සිදුවිය.
මේ වන විට එක් දින පිටියේ කඩුලු 295 ක් දවා ගෙන සිටින මාලිංග කඩුලු 300 සම්පූර්ණ කිරීමෙන් අනතුරුව එක් දින පිටියෙන් සමුගැනීමට සූදානම්ව සිටින බව ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස් සහ සනත් ජයසූරිය එක් දින කඩුලු 300 ක් දවාගැනීමට සමත් වූ අනෙක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් තිදෙනාය.