- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි
ඒ අනුව, ෆෙඩරල් සංචිත බැංකුවේ ප්‍රතිපත්ති සැලසුම් කමිටුව විසින් පොලී අනුපාතය 0.50% සිට 0.75% අතර පරාසයකින් ඉහළ නංවා ඇත්තේ ශක්තිමත් ආර්ථික වර්ධනයක් හා රැකියා නියුක්තිය වැඩි කිරීමේ අරමුණ ඇතිවය.
එමෙන්ම, මෙය කෙටි කාලීනව ආර්ථිකයේ ක්රමික වර්ධනයක් වෙනුවෙන් සිදුකළ ක්‍රියාවක් බවද එම බැංකුව පවසයි.
2007-2009 කාලවකවානුවේදී මූල්‍ය අර්බුදයට ලක්වූ ඇමෙරිකානු ආර්ථිකය යළි ප්‍රකෘති තත්ත්වයට පත්වීමේ සංඥාවක් නිකුත් කරමින් වසර 9කට පසුව ප්‍රථම වරට මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ නංවනු ලැබුවේ 2015 දෙසැම්බර් මාසයේදීය. එහිදී, පොලී අනුපාතය 0.25% සිට 0.50% අතර පරාසයකින් ඉහළ නංවනු ලැබීය.
ඒ අනුව, ඇමෙරිකානු ෆෙඩරල් සංචිත බැංකුව මේ ආකාරයෙන් දශකයක කාලයක් තුළ දෙවැනි වරටත් පොලී අනුපාත වැඩි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බොරතෙල් මිල වැඩිවීමේ හැකියාවක් මෙන්ම, ඩොලරයේ අගය ඉහළ යෑමේ හැකියාවක්ද පවතින බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
- See more at: http://www.ada.lk/article/200540/