- yaka
- Posts : 374
Join date : 2014-02-28
මුහුද යටින් ඉන්දීය විදුලිය ලංකාවට
මුහුද යටින් යන කේබල් පද්ධතියක් මගින් ශ්‍රී ලංකාවට විදුලිය අපනයනය කිරීමට ඉන්දියාව සූදානම් බව එරට රාජ්‍ය විදුලිබල අමාත්‍යංශ ලේකම් පී.කේ. පුජාරි ප්‍රකාශ කර ඇතැයි ඉන්දිය “ද හින්දු” වෙබ් අඩවිය ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් මෙගාවොට් 500 ක් දක්වා විදුලි බලශක්තියක් ලබාගත හැකි බවත් සම්බන්ධතා මාධ්‍යයක් නොමැතිවීම හේතුවෙන් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට විදුලි අපනයනය මෙතෙක් පමා වී ඇති තිබූ බවයි ඔහු පෙන්වා දී ඇත්තේ. ඒ අනුව ශ්‍රී ලංකාවට සබ්මැරීන කේබල් පද්ධතියක් හරහා විදුලිය සැපයිය හැකි බවයි පැවසෙන්නේ.
ඉන්දියාව මේ වන විට බංග්ලාදේශය, භූතානය, නේපාලය සහ මියන්මාරය වෙත විදුලිය අපනයනය කරනවා
මෙතෙක් පැවති තාක්ෂණය සඳහා විශාල පිරිවැයක් වැය කළ යුතු වුවත් නව තාක්ෂණය යටතේ දැරිය හැකි මුදලකට ශ්‍රී ලංකාවට විදුලිය අපනයනය කළ හැකි බවද ඉන්දීය මාධ්‍ය වාර්තා පළ කරනවා.
යුරෝපීය රටවල් එම තාක්ෂණය මගින් දැනටමත් පුනර්ජනනීය විදුලිය හුවමාරු කර ගන්නා බවයි ඉන්දීය රාජ්‍ය විදුලිබල අමාත්‍යාංශ ලේකම් පී.කේ. පුජාරි සඳහන් කරන්නේ.
මේවා අපි රට ගොඩ නගන්න කරන වැඩ. සාම්පූර් නැවැත්තුවා ...........
- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
Re: මුහුද යටින් ඉන්දීය විදුලිය ලංකාවට
ඕකෙන් වෙන්නේ අපේ රටේ ජල විදුලි බලාගාරවලට ඇති ප්‍රමුකත්වය අඩුවී ක්‍රමාණුකූලව බලාගාර අකර්මන්‍ය වී සම්පුර්ණයෙන්ම ඉන්දියාවෙන් යැපෙන රටක් වීමයි.අනාගතයේදී අපි ඉන්දියාව සහ චීනය ගහන ගහන පදයට නටන රූකඩ රටක් වීමයි