- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
ජනපතිට එරෙහි චෝදනා ගැන පොලිස් පරීක්ෂණයක්
BBC Sandeshaya 2016 අගෝස්තු 31
"එතුමාම බාර දීලා තියෙනවා මේක අපරාධ විමර්ශන කොට්ඨාශයට, සම්පූර්ණයෙන්ම හොයන්න කියලා"
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇමතිවරයෙකු ව සිටිය දී ඔහු යටතේ සිටි නිලධාරියෙකු ඕස්ට්‍රේලියානු සාමාගමකින් "දේශපාලන ආධාර" ලබා ගැනීමට උත්සහ කළ බවට ඕස්ට්‍රේලියාවේ මාධ්‍යයක් නැගු චෝදනාව ගැන සොයා බැලීම සඳහා අපරාධ විමර්ශන අංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව රජය පවසයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනම එම චෝදනාව හා වාර්තාව ගැන පරීක්ෂා කරන ලෙස නියෝග කර තිබෙන බවයි රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න කැබිනට් මාධ්‍ය හමුව අමතමින් පැවසුවේ.
ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය ආයතනයක් පසුගිය සතියේ වාර්තාවක් පළ කරමින්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 2009 වසරේ කෘෂිකර්ම හා ගොවිජන සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කල අවධියේ එතුමාගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ඕස්ට්‍රේලියාවේ සමාගමකට ශ්‍රී ලංකාවේ කොන්ත්‍රාත්තුවක් ලබා දීමට දේශපාලන ආධාරයක් ඉල්ලා සිටි බවට චෝදනාවක් පළකර තිබුණි.
'ඉල්ලපු කෙනා කවුද?'
එම මාධ්‍ය වාර්තාවට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට මෙම සිදුවීම හා කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.
"එතුමාම බාර දීලා තියෙනවා මේක අපරාධ විමර්ශන කොට්ඨාශයට, සම්පූර්ණයෙන්ම හොයන්න කියලා, මේ වාර්තාව ඇත්තක්ද නැද්ද කියලා, මොකක්ද චෝදනා කියලා හොයන්න"
"අඳුන ගන්න ඕනේ මෙහෙම ඉල්ලපු කෙනා කවුද කියලා, මොකද ජනාධිපතිපතුම ඉල්ලුවා කියල එතන නැහැ, ජනාධිපතිවරයා වෙනුවෙන් ඉල්ලුව කියලයි තියෙන්නේ" රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය.