The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

පෞරුෂ වර්ධනය තුළින් සිහින සැබෑකරගත හැකිද? Empty පෞරුෂ වර්ධනය තුළින් සිහින සැබෑකරගත හැකිද?

Thu Mar 31, 2016 10:52 am
Message reputation : 100% (1 vote)
ලොව ජීවත්වන සෑම පුද්ගලයෙකුම අනාගත බලාපොරොත්තු හදවතේ රඳවාගෙන සිටිති. එම බලාපොරොත්තු සාර්ථක කරගැනීමේ සිහිනයක් ඔවුන් තුළ පවතින අතර එම සිහින සාක්ෂාත් කර ගන්නා අය මෙන්ම සිහින බිඳ වැටීමෙන් වේදනාකාරී අත් දැකීම් ලබන අයද බහුලය.
සාක්ෂාත් කරගතහැකි සිහින හඳුනාගැනීමෙන් සතුටුදායක ප්‍රතිඵල ලැබෙන අතර ඇතැමුන් සාර්ථක නොවූ සිහින අතරම තම ජීවිතය ගෙවා දමන්නේ ඒවා හඹා යාමට ඇති 'බිය' නිසා බවයි පෞරුෂ වර්ධන උපදේශිකාවක සහ පුහුණුකරන්නියක වන ලිතුවේනියානු ජාතික යුරාති සුවිස්දිතා පවසන්නේ. එවන් අය ගේ ආත්ම විශ්වාසය ගොඩනැංවීම සඳහා උපදෙස් ලබා දීම අවශ්‍ය බව ඇය පැවසුවේ බීබීසී සංදේශය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්. පහත පළවන්නේ සංදේශය ඇයට යොමුකළ ප්‍රශ්න සහ ඇය ඒවාට දුන් පිළිතුරුයි.
ප්‍රශ්ණය
ඔබ පෞරුෂ වර්ධන උපදේශිකාවක් ලෙසටයි තමන්ව හඳුන්වාගන්නෙ. මොකක්ද ඔබේ කාර්යභාරය?
පිළිතුර:
හුඟක් අය ඇවිත් මට කියනව මම සිහින දකින ජීවිතය ගත කරන්න මම කැමතියි, මම සිහින දකින දේවල් කරන්න මම කැමතියි නමුත් ගොඩක් වෙලාවට ඒවා සාක්ෂාත් කරගන්න බැරි ‘බියක්’ තියනව කියල. ඒවගේම කොහොමද ඒක කරන්නෙ කියල දන්නෙ නැහැ කියල. ඒ නිසා මම කරන්නෙ ඔවුන්ගේ සිත්වල තියන දේ ඔවුනට ඇති සීමාවන්, මුවුන් සතු විශ්වාස සහ හැඟීම් දැනගෙන ඔවුන්ගේ අපේක්ෂාවන් සාර්ථක කරගන්න බැරි හේතු නැතිකරගෙන ජීවිතය සාර්ථක කර ගන්න අවශ්‍ය උපදෙස් ලබා දීම.
ප්‍රශ්ණය:
ඔබ විශ්වාස කරනවද ඕනෑම අයෙකුට ඕනෑම අපේක්ෂාවක් සාක්ෂාත් කරගන්න පුළුවන් කියල තමන් තුළ තියන ඒ ‘බිය’ නැති කර ගත්තොත්?
පිළිතුර:
ඔව්, හැම කෙනෙකුටම ඔවුනටම සුවිශේෂී වූ හැකියාවන් සහ කුසලතා තියනව. ඔවුන් කරන්න අවශ්‍ය වෙන්නෙ ඒවා සොයා හඳුනා ගැනීම පමණයි. බොහෝ වෙලාවට එම සොයා හඳුනාගැනීමට බාධාවක් වෙන්නෙ ඔය කියන ‘බිය’.
ප්‍රශ්ණය:
ඔබ හිතනවද හැමකෙනෙකුටම ‘පෞරුෂ වර්ධන සහායකයෙකු’ අවශ්‍යයි කියල?
පිළිතුර:
මට හැඟෙන්නේ ජීවිතය කියන්නෙ දිගු ගමනක්. අපිට අපි පිළිබඳව වඩා හොඳින් තේරුම් ගන්න අවශ්‍ය නම්, ගැඹුරට දැනගන්න අවශ්‍ය නම් ඒවගේම අපි කවුද අපේ සීමාවන් මොනවද, අපිට වැඩියෙන් කිරීමේ හැකියාව තියෙන්නෙ මොන වගේ දේවල් ද කියල පුළුල්ව දකින්න අවශ්‍ය නම්, ඇත්තටම ඒක කරන්න පුළුවන් වෙන්නෙ තමා විසින්ම වගේම අනෙක් අයගේ උදව් ඇතිව පෞරුෂ වර්ධනය කිරීමෙන්.

Image caption
සාක්ෂාත් කරගතහැකි සිහින හඳුනාගැනීමෙන් සතුටුදායක ප්‍රතිඵල ලැබෙන බවයි පැවසෙන්නේ
විස්තාරණය වූ සිතුවිලි
ප්‍රශ්ණය:
ඒ කියන්නෙ, ඔබේ උපදෙස වෙන්නෙ. ඔබ යම් දේ කට බියක් තිබෙනවනම් ඔබ එයට මුහුණ දිය යුතුයි කියන එකද?
පිළිතුර:
ඔව්, හැබැයි සාමාන්‍යයෙන් ‘බිය’ කියන දේ ඇතිවෙන්නේ අපිම අපේ සිතට ඇතුළුකරගත් යම් කතාවක් පිලිබඳ විස්තාරණය වූ සිතුවිලි හේතුවෙන්. එම කතාව හැමවිටම සත්‍ය නොවෙන්න පුළුවන්. අපි අපේ මනස තුළ නිර්මාණය කරගත් එකක් වෙන්න පුළුවන්. එත් ‘බිය’ නිසා අපි ඒ කතාව තවත් තීව්‍ර කර ගන්නව. එහෙම නැතිනම් ඒක ලොකු කරලා වඩාත් බිය ජනක ආකාරයට පෙරලාගන්නව. එතකොට ඇත්තටම ඒක බිය ජනකයි. එනිසා මෙය හුදු කතාවක් බව අවබෝධ කරගත්ත මොහොතේ ඉඳල ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්නව.
ප්‍රශ්ණය:
ඒ අනුව ඔබ කියන්නෙ යමෙකු ගේ සාර්ථකත්වය හෝ පරාජය යන දෙකටම හේතුව වෙන්නෙ ඔහු හෝ ඇයගේ මනස කියන කරණය ද?
පිළිතුර:
ඔබේ බිය, සිතුවිලි හා හැඟීම් හටගන්නේ කොතනද කියල හඳුනාගන්න තරමට මනස පිලිබඳ අවබෝධයක් ලබා ගත්තොත් ඔබට ඒවා ට මුහුණ දෙන්නත් ඒවා ඔබට අවශ්‍ය ආකාරයට වෙනස්කර ගන්නත් පුළුවන්. මොකද හැමතිස්සෙම අප විශ්වාස කළ යුත්තේ මොනවද විශ්වාස නොකළ යුත්තේ මොනවද කියල තෝරාගැනීම අප සතුයි. ඒ වගේම ඒ සිතුවිලි අනුව ක්‍රියා කිරීම හෝ නොකිරීමත් අප සතුයි. ඒ නිසා මනස පිලිබඳ තේරුම් ගැනීමෙන් අපිට වඩාත් සාර්ථක තෝරාගැනීම් කළ හැකි වෙනව.
මනස, ශරීරය සහ ආත්මය
ප්‍රශ්ණය:
මම දන්න විදියට ඔබ 'යෝග' පිළිබද උපදෙස් දෙන කෙනෙක්. මේ ඉන්දියානු ‘යෝග’ ක්‍රමය සහ ඔබ කියන ඔය පෞරුෂ වර්ධනය අතර යම් සම්බන්ධයක් තියනව ද?
පිළිතුර:
අපි දන්න විදියට ‘යෝග’ කියන්නෙ මනස, ශරීරය සහ ආත්මය සම්බන්ධ කිරීමේ ක්‍රම වේදයක්. පෞරුෂ වර්ධනය කියන එක මනස වර්ධනය කිරීම ම පමණක් නොවෙයි. ශරීරය හා ආත්මය මනස සමග සම්බන්ධ කිරීම තුලින් තමයි පෞරුෂ වර්ධනය සිදු වෙන්නෙ.
ප්‍රශ්ණය:
පුද්ගලයන් මෝහනය කිරීමත් ඔබ කරනව ?.
පිළිතුර:
ඔව්, සායනික මෝහනය කියන්නෙ ‘නියුරෝ ලින්ග්විස්ටික්’ වැඩසටහනේ එක කොටසක්. අපේ මානසික රටාවන් හඳුනාගැනීම ඉතා වැදගත් වෙනව. ඒ මානසික රටාවන් වඩාත් ධනාත්මක ආකාරයට වෙනස් කරන්න මෝහනය කිරීම තුළින් සංසිඳීමේ ස්ථාවරයකට මනස රැගෙන යායුතුයි. එසේ සංසිඳුණු මනස සහ ශරීරය, විශේෂයෙන් යටිසිත හා සම්බන්ධ මනස ධනාත්මක වෙනසකට බොහෝ උපකාරී වෙනව.


http://www.bbc.com/sinhala/world/2016/03/160329_senehe_yurathi_interview
avatar
roshana7549
Posts : 280
Join date : 2014-04-18

පෞරුෂ වර්ධනය තුළින් සිහින සැබෑකරගත හැකිද? Empty Re: පෞරුෂ වර්ධනය තුළින් සිහින සැබෑකරගත හැකිද?

Thu Mar 31, 2016 1:04 pm
Message reputation : 100% (1 vote)
Good one Nihal...
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

පෞරුෂ වර්ධනය තුළින් සිහින සැබෑකරගත හැකිද? Empty Re: පෞරුෂ වර්ධනය තුළින් සිහින සැබෑකරගත හැකිද?

Thu Mar 31, 2016 1:07 pm
Message reputation : 100% (3 votes)
මනසට සුවය
පෞරුෂය වර්ධනය කරගන්නේ කොහොම ද? - 2
පරමාදර්ශී චරිතයක්‌ ආදර්ශයට ගැනීම

පෞරුෂ වර්ධනයට අත්‍යවශ්‍ය මූලික ම දෙයක්‌ වන්නේ සිත දමනයයි. මනා පෞරුෂයක්‌ සහිත සැම කෙනකු ම සිත දමනයට සමත් වූ අය ය. තම සිත පාලනයට නොහැකි කෙනකුට අන්‍යයන් පාලනය කිරීම අසීරු ය. ඔබේ චර්යාවලට උපදෙස්‌ දෙන්නේ සිතයි. ඔබේ පෞරුෂයේ කැඩපත වන්නේ ඔබේ චර්යායි. එනිසා සිත හොඳ මට්‌ටමකට ගෙන එන්න. ඔබටත් සමාජයටත් ඵලදායි දේ පමණක්‌ කිරීමට හැකි වන සේ සිත හදා ගන්න. සමාජයට බොරු මුහුණක්‌ දමාගෙන බොරු වැදගතකු වීමට වඩා වටින්නේ සැබැවින් ම සිත දමනය කර ගැනීම ය. සිත දමනය පිණිස ඔබට මේ දේවල් කළ හැකි ය.

සග භාවනාව.

සසග ආගම දහමට වැඩිපුර යොමු වීම.

සසසග යහපත් මිතුරු ඇසුර.

සඩග යහපත් උපදේශන සේවා වෙත යොමු වීම.

දමනය කරගත් සිතට හොඳ චර්යා උගැන්වීම පහසු ය. සිත දමනය කරගත් වහා ම ඔබ ගේ පෞරුෂයෙහි ධන පැත්තට විශාල එකතු වීමක්‌ ඉබේ ම ලැබෙයි. සිත දමනය කරගත් කෙනා පාපයන්ට ගොදුරු වන්නේ කලාතුරකිනි. බොරු කීම, සොරකම් කිරීම, රණ්‌ඩුසරුවල්වලට යැම ආදී දෙයට නිතර සම්බන්ධ වන කෙනාට උසස්‌ පෞරුෂයක්‌ ගොඩනඟා ගැනීම අසීරු ය. එහෙත් දමනය කළ සිතට මේ ප්‍රශ්න නැත.

පරමාදර්ශී චරිතයක්‌ ගුරු කර ගැනීම

ඔබටත් පරම ආදර්ශී චරිතයක්‌ හෙවත් Role model එකක්‌ ගුරු කර ගන්නට හැකි නම් එය කදිමය.

ලොව දිනූ හපනුන් බොහොමයක ගේ ආදර්ශ චරිත වී ඇත්තේ තම මව හෝ පියා ය. එසේ නොමැති ව පරමාදර්ශී චරිතය පාසලේ ගුරුවරයකු, රටේ ප්‍රසිද්ධ පුද්ගලයකු හෝ වෙනත් ඕනෑ ම කෙනකු විය හැකි ය. දක්‌ෂ දේශපාලනඥයකු, කථිකයකු, නළුවකු, නිළියක ගායකයකු, ගායිකාවක ඔබේ Role model එක විය හැකි ය. කුඩා කාලයේ දී ඔබ අම්මා ගේ සාරි ඇඳගෙන ගුරුවරියක ගේ හෝ වෛද්‍යවරියකගේ චරිත රඟපෑ ආකාරය මතක ඇති නේ ද? ඒ ඔබ ගේ සිතෙහි පැවති Role model එකකි. කෙසේ වෙතත් කාලානුරූපව මේ පරමාදර්ශී චරිත වෙනස්‌ වේ. හැම විට ම ප්‍රබල- එමෙන් ම වටිනා පරමාදර්ශී චරිතයක්‌ ඔබ ඉදිරියේ තබා ගැනීමෙන් පෞරුෂ වර්ධනය ඉහළ තත්ත්වයකින් සිදු කර ගත හැකි වේ.

හොඳ මිනිසුන්, දක්‌ෂයන්, නායකයන් බිහි වීමට මෙන්ම කුරිරු පාලකයන්, දුෂ්ටයන් ඝාතකයන් බිහි වීමට ද පරමාදර්ශී චරිත බලපායි. එනම් නරක අංශයෙන් ප්‍රබල පුද්ගලයන් ද Role models කරගන්නා අය සිටිති. නිදසුනක්‌ දැක්‌වුව හොත් ජන ඝාතක හිට්‌ලර්, දිවි නසාගැනීම්වලට ජනතාව පෙලඹවූ සොකො අසහාරා, ප්‍රභාකරන් වැනි දුෂ්ටයන් ද, Role models අතර වෙති. ඔබ ගේ පරමාදර්ශී චරිතය ප්‍රබල පුද්ගලයකු මෙන්ම ගුණගරුක අයකු ද විය යුතු ය. එසේ නො වුණ හොත් ඔබේ ජීවිතය ද ෙ€දවාචකයකින් කෙළවර වීමට ඉඩ තිබේ.

ඔබ පාසල් වියේ දරුවකු නම් පරමාදර්ශී චරිතයකින් පෞරුෂය වර්ධනය කර ගැනීමේ ඉඩකඩ ඔබට බහුල ය. ඔබට පාඩම්වල දී හදාරන්නට ලැබෙන විවිධ පුද්ගලයන්, මෙන්ම පුස්‌තකාලයේ දී කියවන්නට ලැබෙන චරිත කතාවල ඇතුළත් පුද්ගලයන් ද Role models ලෙස භාවිත කළ හැකි ය. ආතර් සී. ක්‌ලාක්‌ ගේ ජීවිත කතාව කියවා විද්‍යාව හදාරන්නට යොමු වූ පුද්ගලයන් මෙන්ම අදිකාරම් තුමා ගේ චරිත කතාව කියවා දුම්පානය අත් හළ පුද්ගලයන් ද මට හමු වී ඇත. මේවා එතරම් වැදගත් නැති දේවල් යෑයි ඇතැම් විට ඔබට හැඟී යන්නට ඉඩ තිබේ. එහෙත් පුද්ගලයකු ගේ පෞරුෂය වර්ධනය වන්නේ මෙවැනි කුඩා වැඩ (Traits) එක්‌ වීමෙනි. ඔබ පොත් කියවන විට පෙළ පොත්වලට අමතරව යහපත් පුද්ගලයන් ගේ චරිත කතා ද කියවන්න. රට ජාතිය වෙනුවෙන් දිවි කැප කළ, කැප්පෙටිපොළ වීරයා, පුරන් අප්පු වැනි අය ගැන මෙන්ම අනගාරික ධර්මපාල, අදිකාරම් තුමා වැනි අය ගැන ද කියවන්න එසේ ම වර්තමාන ලෝකයේ ආගමික, විද්‍යා හා තාක්‌ෂණ, ආර්ථික, දේශපාලන ආදි ක්‌ෂේත්‍රවල වීරයන් ගැන ද කියවන්න.

Role model හඳුනා ගැනීම හා ඒ හරහා ජීවිතයට යමක්‌ එක්‌ කර ගැනීම යනු එකක්‌ නො ව දෙකකි. පරමාදර්ශී චරිතයක්‌ හඳුනා ගැනීම අවශ්‍ය බව ඇත්ත ය. එක්‌කෝ ඔබට ඔබේ පියා පරමාදර්ශී චරිතයක්‌ ලෙස හඳුනාගෙන ඔහු ගේ ජීවිතයේ සුදුසු දේ අනුගමනය කරන්නට පුළුවන. නැතිනම් ඔබ ගේ ගුරුවරයකු අනුගමනය කරන්නට පුළුවන. එහෙත් අපේ තාත්තා වගේ කෙනකු වනවා යෑයි කිය කියා සිටීම පමණක්‌ ප්‍රමාණවත් නැත. Role model එකක්‌ හරහා ජීවිතය ජය ගැනීම Role model එකක්‌ හඳුනා ගන්නවා තරම් පහසු නැත. අප සරසවියේ ඉගෙන ගන්නා කාලයේ එහි අංශයක අධිපති ධූරය හෙබවූ මහාචාර්ය ගාමිණී දෑලබණ්‌ඩාර නම් මහත්මයා ප්‍රාංශු දේහධාරී පුද්ගලයෙක්‌ විය. ඔහු ඡේසුස්‌ වහන්සේ මෙන් රැවුල වවා තිබූ අතර කොණ්‌ඩය ද දිගට වවා සිටියේ ය. එකල ඔහු අපට Role model එකක්‌ විය. ඔහු ගේ පෞරුෂය අප වශී කරනසුලු විය. ඔහු අප වශී කළේ සිය දැවැන්ත සිරුරෙන් පමණක්‌ නො වේ. තම මතවාද ගෙනහැර පාමින් ඔහු අප ආලෝලනය කළේ ය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ගේ නාගඩම් පිළිබඳ මතය ප්‍රතික්‌ෂේප කළ දෑලබණ්‌ඩාර පඬිවරයා නව මතවාදයක්‌ ගෙනහැර පෑවේ ය. ඔහු මේ දේවල් දේශනා ශාලාවේ මහා හඬින් කෑ ගසමින් කියද්දී මට හිතුණේ ඡේසුස්‌වහන්සේ කන්ද උඩ දේශනාව පවත්වන්නට ඇත්තේ ද මෙලෙස කියා ය.

අපි (එවකට ශිෂ්‍යයන් වූ) කීප දෙනෙක්‌ දෑලබණ්‌ඩාර පඬිවරයා මෙන් කොණ්‌ඩය හා

රැවුල වවන්නට වීමු. එහෙත් දෑලබණ්‌ඩාරයන් සේ අලුත් යමක්‌ ලොවට දෙන්නට අපි අසමත් වීමු. දෑලබණ්‌ඩාරයන් හා සමකක්‌ෂගත වීමේ නො දැමුණු ආසාවෙන් යුක්‌තව අපි එසේ කළෙමු. එහෙත් පසුව අපට වැටහී ගියේ ඔහු ගේ දැනුම ගඟුලෙන් අංශු මාත්‍රයක ප්‍රයෝජනයක්‌ ගන්නට අපට නොහැකි වූ බවයි. මන්ද යත් අප ගේ සිත යොමු ව තිබුණේ ඔහු ගේ බාහිර රූපාකාරය ගැන පමණක්‌ වූ හෙයිනි. එනිසා ඔබ වටගා ගත යුතු දේ නම් පරමාදර්ශී චරිතය වෙතින් ලබාගත යුත්තේ බාහිර රූපාකාරයට අදාළ දේ පමණක්‌ නො වන බවයි.

පෞරුෂය වර්ධනයට උදව් වන වෙනත් දේ

* ඇබ්බැහිවීම්වලින් මිදෙන්න. (මත්ද්‍රව්‍ය, මත්පැන්, දුම්වැටි පමණක්‌ නො ව අන්තර්ජාල ඇබ්බැහිය වැනි දේට ද හසු වන්න එපා. හසු ව ඇත්නම් මිදෙන්න)

* අනවශ්‍ය ලෙස කෝප වීමෙන් වළකින්න. කෝපය පාලනය කරන්න.

* කාරුණික වන්න.

* අන් අයට සවන් දෙන්න.

* අඩුවෙන් කතා කරන්න. වැඩියෙන් සවන් දෙන්න.

* අනුන් ගේ වැරැදි කතා කරන්නට යැමෙන් වළකින්න.

* හැකිතාක්‌ සාධු ධර්මතා වර්ධනය කරගන්න. ඔබ කුමන හෝ ආගමක්‌ අදහන්නේ නම් එම ආගමට එකඟ ව ජීවත් වන්නට හැකිතාක්‌ උත්සාහ ගන්න.

* විවේකය ගත කිරීමට යහපත් ක්‍රමවේද තෝරාගන්න.

* තමන් ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න.

මනෝජ් රත්නායක
chutiputha
chutiputha
Top contributor
Top contributor
Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL

පෞරුෂ වර්ධනය තුළින් සිහින සැබෑකරගත හැකිද? Empty Re: පෞරුෂ වර්ධනය තුළින් සිහින සැබෑකරගත හැකිද?

Thu Mar 31, 2016 7:43 pm
Message reputation : 100% (1 vote)
Nice Article Nihal Ayya
Leon
Leon
Top contributor
Top contributor
Posts : 1264
Join date : 2014-03-11

පෞරුෂ වර්ධනය තුළින් සිහින සැබෑකරගත හැකිද? Empty Re: පෞරුෂ වර්ධනය තුළින් සිහින සැබෑකරගත හැකිද?

Sat Apr 02, 2016 8:41 am
Message reputation : 100% (1 vote)
Thanks nihal
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum