- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
මොබිටෙල් – හච් ගනුදෙනුව සිදුවන්නේ මෙහෙමයි
“මේ කාර්යය ආරම්භ කළේ 2012 වර්ෂයේ දී. 2012 සිට මේ දක්වා අවස්ථා ගණනාවක දී මේ සඳහා අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතිනවා. මෑත කාලීනව මේ සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් විශේෂ කැබිනට් කමිටුවකට යොමුකර තිබෙනවා. එම කමිටුව විසින් මේ දිනවල ඒ සඳහා අවශ්‍ය කටයුතු ඉටුකරමින් පවතිනවා“, යැයි ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන මහතා මෙහිදී කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා, “ඇත්ත වශයෙන්ම ඒ සංඛ්‍යාත අපිට අත්‍යාවශ්‍යයි. ඉදිරි කාලයේ දී ඉතාමත්ම විනිවිදභාවයකින්, කිසිදු පාර්ශවයකට කිසිදු ආකාරයක වෙනත් දෙයක් නිර්මාණය නොවන පරිදි, 2012 දී ආරම්භ කළා මෙන් නොව, 2016 දී ඉතාම පිරිසිදුව මේ කටයුත්ත කෙරෙන බව ඉතා වගකීමෙන් කියා සිටිනවා“, යැයි පැවසීය.