The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

ප්‍රාග්ධන ලාභ බද්ද රජයට කොතරම් ප්‍රයෝජනවත්ද? Empty ප්‍රාග්ධන ලාභ බද්ද රජයට කොතරම් ප්‍රයෝජනවත්ද?

Thu Mar 17, 2016 1:56 pm
අග්‍රාමාත්‍යවරයා විසින් පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේදී හඳුන්වාදෙනු ලැබූ නව බදු අතර, ප්‍රධාන බද්දක් වන්නේ ප්‍රාග්ධන ලාභ බද්දයි. මෙම ප්‍රාග්ධන ලාභ බද්ද කුමන ක්ෂේත්‍ර සඳහා අදාළ වන්නේදැයි තවම ප්‍රකාශයට පත්කර නැතත්, එම ප්‍රාග්ධන ලාභ බද්ද පිළිබඳව තොරතුරු දැනටමත් කොළඹ කොටස් වෙළෙඳ පොළට අහිතකරව බලපා ඇතැයි අනුමාන කළ හැකිය. කොටස් වෙළෙඳ පොළේදී නම්, ප්‍රාග්ධන ලාභ බද්දක් යනු කොටස් විකුණා ලැබෙන ලාභයෙන් බද්දක් අය කිරීමය. උදාහරණයක් වශයෙන්, රු.10/- කට කොටසක් මිලදී ගත් පුද්ගලයෙකු එම කොටස රු.15/- කට විකුණුවේ නම්, ඉන් ඔහුට ලැබෙන රු.5/- ක ලාභය, ප්‍රාග්ධන ලාභය ලෙස හඳුන්වනු ලැබේ. මෙම ලැබෙන ලාභයට බද්දක් අය කිරීම ප්‍රාග්ධන ලාභයට බද්දක් අය කිරීම ලෙස හැඳින්වේ. කෙසේ වෙතත්, කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ ගනුදෙනු කරන්නන් හට වර්ෂ 1987 සිට ප්‍රාග්ධන ලාභ බද්දක් පැනවී නොමැත. පැවති සියලුම රජයවල් විසින් කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනු සඳහා ප්‍රාග්ධන ලාභ බද්දක් පනවනු නොලැබුවේ කොටස් වෙළෙඳ පොළ තුළ ආයෝජකයා ක්‍රියාකාරී කරවීමේ අදහසිනි.

රජය ප්‍රඥාඝෝචරව ආදායම් උපයා ගැනීමේ කිසිදු වරදක් නැත

ආයෝජනවලින් ලැබෙන ප්‍රාග්ධන ලාභ සඳහාද බද්දක් අය කිරීමට රජය තීරණය කර තිබෙන්නේ වර්තමානයේ ඇති වී තිබෙන තත්ත්වය හේතුවෙනි. පසුගිය සමයේදී එවකට රජය විසින් විවිධ වැඩකටයුතු සඳහා ලබාගත් අතිවිශාල විදේශීය ණය ප්‍රමාණය සහ එයට අදාළ පොලිය වර්තමාන රජය විසින් ගෙවිය යුතු වන අතර, ඊට අමතරව රජය ලෝක ආර්ථික අර්බුදයටද මුහුණදී සිටී. මෙම කාරණා දෙකම ඕනෑම රජයකට දැවැන්ත අභියෝගයකි. මෙම අභියෝගයට මුහුණදීම සඳහා විවිධ මාර්ගවලින් ආදායම ලබාගැනීමට රජය පෙළඹීම කිසිවෙකුටත් නිවැරදි නොවන තීරණයක් යැයි කිව නොහැකිය. එය වර්තමානයේ කළ යුතුව ඇති දෙයකි. එහෙත්, කොටස් වෙළෙඳ පොළ තුළට ප්‍රාග්ධන ලාභ බද්දක් පැනවීම කෙතරම් දුරට ප්‍රඥාඝෝචර දැයි සොයාබැලීම වටී.

අලුත් බද්දේ කතාව සමග කොටස් වෙළෙඳ පොළ පහළ වැටීම

ප්‍රාග්ධන ලාභ බද්ද පිළිබඳව තොරතුරු ලත් සැණින් කොළඹ කොටස් වෙළෙඳ පොළ සැලකිය යුතු මට්ටමකින් පහළ වැටුණි. එහෙත්, ඉන්පසුව පසුගිය සතියේ අවසන් දින දෙකේදී කොටස් වෙළෙඳ පොළේ සැලකිය යුතු ඉහළ නැගීමක් වාර්තා විය. ඉන් අනතුරුව මෙම සතියේ සඳුදා සහ අඟහරුවාදා නැවත වතාවක් කොටස් වෙළෙඳ පොළ පහළ වැටුණි. රජය විසින් ප්‍රකාශයට පත්කර ඇත්තේ පසුගිය කාල වකවානුවේදී කොටස් වෙළෙඳ පොළේ කොටස් මිල ගණන් විශාල ලෙස ඉහළ ගිය බැවින් සහ එමගින් ආයෝජකයන් විශාල මුදලක් උපයාගත් හෙයින් ප්‍රාග්ධන ලාභ බද්දක් පනවන බවය. නමුත්, මෙහිදී සඳහන් කළ යුතු කාරණය නම්, වර්ෂ 2009, 2010, 2011 යන කාලවලදී කොටස් වෙළෙඳ පොළේ ඇති වූ විශාල වර්ධනයත් සමගම බොහෝ ආයෝජකයන් අඩු මිලට කොටස් මිලදී ගෙන ඉහළ මිලට විකුණා දැනටමත් ප්‍රාග්ධන ලාභ ලබාගෙන ඇති බවය.



සිදුකර ඇත්තේ අශ්වයා ගියපසු ඉස්තාලය වැසීමක්ද?

වර්තමානයේ කොටස් වෙළෙඳ පොළේ රැඳී සිටින්නේ බොහෝවිට ඉහළ මිල ගණන්වලට කොටස් මිලදී ගත් ආයෝජකයන්ය. වර්ෂ 2008 දී ඉතා පහළ මිල ගණන්වලට කොටස් මිලදී ගත් ආයෝජකයන් වර්ෂ 2011 වනවිට ඉතා ඉහළ මිල ගණන්වලට කොටස් විකුණා ඉතා විශාල ප්‍රාග්ධන ලාභයක් ලබාගත් බව සියලු දෙනාම දන්නා කරුණකි. ඒ අනුව, ප්‍රාග්ධන ලාභ බද්දක් යෝජනා කළ යුතුව තිබුණේ එම කාලවකවානුවේදීය. වර්තමානය වනවිට කොටස් මිල ගණන් පවතින්නේ යම් ආකාරයක පහළ මට්ටමකය. ඒ අනුව, වර්තමානයේ සිටින ආයෝජකයන් කොටස් වෙළෙඳ පොළෙන් ප්‍රාග්ධන ලාභයක් ලබාගනීදැයි සිතීම උගහටය. මෙම ප්‍රාග්ධන ලාභ බද්ද අතීතයට බල නොපාන බැවින්, පසුගිය කාලවකවානුව තුළ ඉහළ ප්‍රාග්ධන ලාභ ලබාගත් ආයෝජකයන්ට එය බලනොපානු ඇත.

කොටස් ගනුදෙනු සඳහා රජයේ ගාස්තුව ඉවත් කිරීම

එමෙන්ම, පසුගිය නොවැම්බර් මාසයේදී රජය විසින් ඉදිරිපත් කරනලද අයවැය තුළින් කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනු සඳහා තිබූ 0.3% ක රජයේ ගාස්තුද ඉවත් කරනලදී. එය රජයට ලැබෙමින් තිබූ ආදායමකි. ඒ අනුව, එම රජයේ ගාස්තු තුළින් සෑම ගනුදෙනුවකින්ම රජය වෙත 0.3% ක ආදායමක් ලැබුණි. එය කොටස් මිලදී ගැනීමකට මෙන්ම, කොටස් විකිණීමටද අදාල විය. එහිදී, ඕනෑම පුද්ගලයෙක් කොටස් මිලදී ගන්නා විටද, කොටස් විකුණන විටද, 0.3% ක රජයේ ගාස්තුවක් ගෙවිය යුතු විය. ඉහළ මිලකට කොටස් මිලදී ගෙන, පහළ මිලකට කොටස් විකුණුවත්, එනම් ප්‍රාග්ධන අලාභයක් ලැබුණත් මෙම ගාස්තුව ගෙවිය යුතු විය. මෙම රජයේ ගාස්තුව ජනවාරි 01 වැනිදා සිට ඉවත්කර, ඒ සඳහා ප්‍රාග්ධන ලාභ බද්දක් යෝජනා කිරීම පුදුමය දනවන කරුණකි.

ප්‍රාග්ධන ලාභ බද්ද ගණනය කිරීමත් ව්‍යාකූල කටයුත්තක්

ප්‍රාග්ධන ලාභ බද්දකදී බදු අය කරන්නේ ප්‍රාග්ධන ලාභයක් ඇත්නම් පමණි. නමුත්, කලින් ජනවාරි 01 වැනිදාට පෙර රජයේ ගාස්තුව ප්‍රාග්ධන ලාභ ලැබුවත්, නොලැබුණත් ගෙවිය යුතු විය. එමෙන්ම, ප්‍රාග්ධන ලාභ බද්ද ගණනය කිරීම ඉතා ව්‍යාකූල කටයුත්තකි. යම් පුද්ගලයෙකු වසර කිහිපයක් පුරාවට එකම සමාගමේ කොටස් විවිධ මිල ගණන් යටතේ මිලදී ගන්නවා විය හැකිය. එමෙන්ම, සමාගම් කිහිපයකම කොටස් මිලදී ගන්නවාද විය හැකිය. ඉන් වසර කිහිපයකට පසු එම මිලදී ගත් කොටස් විකුණනු ලැබුවහොත් ප්‍රාග්ධන ලාභය ගණනය කිරීම ඉතා අසීරු කටයුත්තක් වනු ඇත. එය ඉඩමක් මිලදී ගෙන විකුණන තරම් සරල නොවනු ඇත. එවැනි ව්‍යාකූල තත්ත්වයක් පවතිද්දී, ප්‍රාග්ධන ලාභය ගණනය කිරීම බොහෝදුරට කාලය ගතවන සංකීර්ණ ක්‍රියාවලියක් වනු ඇත.

රජයේ ගාස්තුව සාධාරණ මට්ටමකට වැඩි කිරීම යෝග්‍ය නොවේද?

මෙහිදී තේරුම් ගැනීමට අපහසු කරුණ වන්නේ සෑම ගනුදෙනුවක් සඳහාම රජයේ ගාස්තුවක් පැවති විට එය ඉවත්කර ප්‍රාග්ධන ලාභ බද්දක් පැනවීමය. එමෙන්ම, කොටස් වෙළෙඳ පොළ තුළින් කෝටිපතියන් බවට පත්වූ, බොහෝ ආයෝජකයන් දැනටමත් කොටස් වෙළෙඳ පොළ තුළින් එම ලාභය උපයාගෙන අවසන් බවද පැවසිය යුතුය. මෙහිදී, රජය කළ යුතුව තිබුණේ, අවශ්‍ය නම් මෙම රජයේ ගාස්තුව නැවත ස්ථාපිත කිරීමය. 0.3% ප්‍රමාණවත් නොවේ නම්, එය යම්කිසි මට්ටමකට ඉහළ දැමීමය. එය සංකීර්ණ ක්‍රියාවලියක් නොවන අතර, එය කොටස් වෙළෙඳ පොළට සිදුකළ හැකි බලපෑමද අවමය. පසුගිය සතියේ කොටස් වෙළෙඳ පොළ තුළ සිදුවූ විශාල උච්චාවචනයට ප්‍රාග්ධන ලාභ බද්ද හඳුන්වාදීමට පියවර ගැනීම යම්කිසි ආකාරයක බලපෑමක් වූ බව තේරුම්ගත හැකිය. එහි බලපෑම තීරණය වන්නේ ප්‍රාග්ධන ලාභ බද්දේ ප්‍රතිශතය ප්‍රකාශයට පත්වූ විටය.

ආයෝජකයන් කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන්නේ ඇයි?

කොළඹ කොටස් වෙළෙඳ පොළට විශාල වශයෙන් විදේශීය ආයෝජකයන් පැමිණීමටද හේතුවක් වූයේ ප්‍රාග්ධන ලාභය බද්දෙන් තොරවීමය. ප්‍රාග්ධන ලාභ බද්දක් පැනවූ විට එය විදේශීය ආයෝජකයන්ගේ පැමිණීම අධෛර්යමත් කරනු නියතය. එය රටේ ආර්ථිකයටද, විදේශීය විනිමය සංචිතවලටද, රුපියලේ අගය පහළ වැටීමටද බලපානු ඇත.

පහළ වැටී තිබෙන කොටස් වෙළෙඳ පොළෙන් ප්‍රාග්ධන ලාභ බද්දක් ලබාගැනීමට උත්සාහ කිරීම එතරම් ප්‍රයෝජනවත් කාර්යයක් නොවනු ඇත. කලින් සඳහන් කළ ආකාරයට එය සංකීර්ණ කාර්යයක්ද වනු ඇත. පසුගිය කාලවකවානුවේදී කොටස් වෙළෙඳ පොළ පහළ වැටුණේ, සෘජුවම රජයේ වරදකින් යැයි කොටස් වෙළෙඳ පොළ පිළිබඳව අවබෝධයක් ඇති කිසිවෙකුත් නොපවසනු ඇත. මක්නිසාද යත්, මෙම පහළ වැටීමට විවිධ විදේශීය කාරණා (ලෝක ආර්ථික අර්බුදය, චීනයේ ආර්ථික ගැටලු, ලෝක තෙල් මිල ගණන් පහළ වැටීම, ඇමෙරිකානු පොලී අනුපාත ඉහළ නැගීම) සහ සමහර දේශීය කාරණාත් (පොලී අනුපාත සුළු වශයෙන් ඉහළ නැගීම) බලපා ඇත. පැවති රජය විසින් කළ කී දෑ පිළිබඳව වගකිව යුතුතේ වර්තමාන රජයයි. රජය එම වගකීම දරද්දී කොටස් වෙළෙඳ පොළට අනවශ්‍ය බරක් පැටවීම ප්‍රයෝජනවත් ක්‍රියාවලියක් නොවනු ඇත.


- See more at: http://www.ada.lk/article/147741/
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum