- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
මානව සංවර්ධන දර්ශකයේ දකුණු ආසියාවේ පළමු තැන ශ්‍රී ලංකාවට
ලොවපුරා රටවල් 188 ක් ඇසුරින් සිදුකරන ලද මෙම අධ්‍යයනයට අනුව පෙර වසරේ 74 වැනි ස්ථානය ලබා සිටි ශ්‍රී ලංකාව 2015 වසරේදී එක් පියවරක් ඉදිරියට පැමිණීමට සමත්ව ඇත්තේ 0.757 ක මානව සංවර්ධන දර්ශක අගයයක් වාර්තා කරමිනි.
මෙම වාර්තාවට අනුව දකුණු ආසියාතික රටවලින් ශ්‍රී ලංකාවට පසුව ශ්‍රේණිගත කිරීම් හි ඉහළ ස්ථානයක් තහවුරු කර ගැනීමට සමත් ව ඇත්තේ මාලදිවයින පමණි. ඒ 104 වැනි ස්ථානයයි. මාලදිවයින (104), ඉන්දියාව (130), භූතානය (132) හා බංග්ලාදේශය (142) මධ්‍යම මානව සංවර්ධනයක් පවතින රටවල් ලෙසින් හඳුනාගෙන ඇත.
මෙහිදී පාකිස්තානය 147 වැනි තැනට පත්ව තිබෙන අතර නේපාලය (145), පාකිස්තානය (147) හා ඇෆ්ඝනිස්තානය (171) පහළ මානව සංවර්ධනයක් ඇති රටවල් ලෙසින් නම් කර තිබේ.
මෙම අධ්‍යයනයට අනුව ඉහළ මානව සංවර්ධන දර්ශකයක් වාර්තා කර ඇති රටවල් ලෙසින් පිළිවෙලින් නෝර්වේ (1), ඕස්ට්‍රේලියාව (2), ස්විස්ටර්ලන්තය (3), ඩෙන්මාර්කය (4), නෙදර්ලන්තය (5) හා ජර්මනිය (6) නම් කර තිබේ.
ආසියානු රටවලින් පෙරමුණ ගැනීමට දකුණු කොරියාව (17) හා ජපානය (20) සමත් වී ඇත.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: මානව සංවර්ධන දර්ශකයේ දකුණු ආසියාවේ පළමු තැන ශ්‍රී ලංකාවට
(Some of those indexes do not tell the complete story. For example, the literacy rate in South India is 100 % but they are one of the stupidest bunch of people to work with).
- COVID-19 වසංගතය හේතුවෙන් දකුණු ආසියාවේ දරුණුතම ආර්ථික බලපෑම ශ්‍රී ලංකාවට – The Economist කියයි
- ආර්ථික වර්ධනයෙන් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ 6 වැනි තැනට
- මේ විදියට තව අවුරුදු 5ක් ගියොත් දකුණු ආසියාවේ දුප්පත්ම රට බවට ශ්‍රී ලංකාව පත්වේවි – මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න
- ආර්ථික වර්ධන වේගය – දකුණු ආසියාවේ රටවල් 8කින් ශ්‍රී ලංකාව 6 වැනි තැනට
- සෞභාග්‍යතා දර්ශකයේ ඉහළ යාමක්