- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
අපේ ඇත්තන්ගේ "කොමිපියුටර්" දැනුම මෙන්න
මෙම සමීක්ෂණය මඟින් ශ්‍රී ලංකාවේ ගෘහ කාණ්ඩවලින් සියයට 24.6කට අවම වශයෙන් එක් පරිගණකයක් හෝ සතු බව හෙලිවී ඇත. මෙරට ගෘහ කාණ්ඩ සතු පරිගණකවලින් සියයට 67ක් පමණ සිය පළමු පරිගණකය ලබා ගෙන ඇත්තේ 2010-2014 කාලවකවානුව තුළ බව වාර්තා වී ඇත.
මෙම සමීක්ෂණය සඳහා “පරිගණක සාක්ෂරතාවය” ලෙස නිර්වචනය කර ඇත්තේ පරිගණකයක් භාවිත කරමින් කුමක් හෝ කාර්යයක් ඉටු කර ගැනීමට ඇති හැකියාවයි. ඒ අනුව වයස අවුරුදු 5-69 අතර ජනගහනයේ පරිගණක සාක්ෂරතාවය සියයට 26.8කි. පුරුෂයින්ගේ පරිගණක සාක්ෂරතාවය ස්ත්‍රීන්ගේ පරිගණක සාක්ෂරතාවයට වඩා ඉහළ මට්ටමක ඇති අතර, එය පිළිවෙලින් සියයට 28.7ක් හා සියයට 25.1කි.
පරිගණක සාක්ෂරතාව වැඩිම පළාත බස්නාහිර පළාත ලෙස (38.3%) සහ අඩුම පළාත නැගෙනහිර පළාත ලෙස (12.8%) වාර්තා වී ඇත. දිස්ත්‍රික්ක වශයෙන් ගත් කළ, වැඩිම අගයක් ගන්නා කොළඹ දිස්ත්‍රික්කයේ පරිගණක සාක්ෂරතාවය සියයට 47.1කි. එසේම ගම්පහ, කළුතර සහ මහනුවර යන දිස්ත්‍රික්කවලද පරිගණක සාක්ෂරතාවය සියයට 30 ඉක්මවා ඇත. මුලතිව් දිස්ත්‍රික්කයෙන් අඩුම පරිගණක සාක්ෂරතාවය වාර්තා වන අතර, එය සියයට 8.9කි.
වයස් කාණ්ඩ අනුව පරිගණක සාක්ෂරතාවය සැළකීමේ දී අවුරුදු 15-19 අතර වයස් කාණ්ඩයේ පුද්ගලයින්ගේ පරිගණක සාක්ෂරතාවය ඉහළ අගයක් ගන්නා අතර, එය සියයට 57.2කි. එසේම අන්තර්ජාලය සහ ඊ-මේල් භාවිතය පිළිබඳව සැළකීමේදී, ඉහලම ස්ථානය හිමි කර ගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයයි.
කොළඹ දිස්ත්‍රික්කයේ අන්තර්ජාලය භාවිතය, සියයට 27.6ක් වන අතර, ඊ-මේල් භාවිතය සියයට 21.2ක් වන බව පෙනී යයි. රැකියා වියුක්තිකයන්ගෙන් වැඩිම පරිගණක සාක්ෂරතාවය, අවුරුදු 20-24 වයස් කාණ්ඩයෙන් වාර්තා වන අතර, එය සියයට 69.1ක් වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ.සතරසිංහ මහතා විසින් ප්‍රකාශ කරන ලදී.
http://www.randora.lk/index.php/latest-news/item/4111-
- chutiputhaTop contributor
- Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL
Re: අපේ ඇත්තන්ගේ "කොමිපියුටර්" දැනුම මෙන්න
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: අපේ ඇත්තන්ගේ "කොමිපියුටර්" දැනුම මෙන්න
This reminds me one of my own experiences.
A visiting Salesman was trying to sell me a set of Encyclopaedia.
I told him, "Some say all the information are now available in that showing him a Desk top computer.
He immediately took a old newspaper clip in which Bill Gates has one told "When I have kids of my own, I will buy them books first before a computer."
He went for the KILL and waiting for my response.
I returned the clip after reading and asked "Who is Bill Gates?".
That was the last time I saw him.