- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි
මේ සම්බන්ධයෙන් ප්‍රංශයේ ටූටාල් සමාගම සමඟ ඒකාබද්ධ අධ්‍යයනයකට ගිවිසුම් ගත වීමට රජය බලාපොරොත්තුවෙන් සිටී. මෙම ගිවිසුම වසර 17 ක කාලසීමාවක් සඳහා අත්සන් තැබෙන අතර, ආරම්භයේ දී 20:80 අනුපාතිකය යටතේ මෙහි ලාභය ශ්‍රී ලංකා රජය හා ටූටාල් සමාගම අතර බෙදී යන බවත් ඒ අතරේ ඔවුන්ගේ ආයෝජනය සොයා ගැනීමේ අවස්ථාව සමාගමට හිමිවන බවත් අමාත්‍යවරයා කියා සිටියේය. සමාගම විසින් ආයෝජනය සපුරා ගත්තායින් පසු මෙම ලාභ අනුපාතිකය වෙනස් වන බවත් එවිට ශ්‍රී ලංකාවට 80 ක් හා ප්‍රංශ සමාගමට 20 ක් වැනි අනුපාතිකයක් ඉක්මවාද ලාභාංශ බෙදී යාම සිදුවිය හැකි බවත් ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.
ප්‍රංශයේ ටූටාල් සමාගම ලොව ප්‍රධාන පෙළේ ඛනිජ තෙල් හා ගෑස් සමාගම් හය අතර සිටින සමාගමකි. 2014 වසරේ දී එහි ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 260.02 ක් වූ අතර තෙල් හා ගෑස් සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් මෙම සමාගමේ විෂය පථයට වැටේ. බොරතෙල් හා ස්වභාවික ගෑස් ගවේෂණ, බලශක්ති උත්පාදනය, පිරිපහදු කිරීම්, පෙට්‍රෝලියම් නිෂ්පාදිත අලෙවිකරණය හා ජාත්‍යන්තර බොරතෙල් වෙළෙඳාම, ටූටාල් සමාගමේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික මෙහෙයුම් අතර වේ.
තවත් වසර 5 කින් පමණ මෙම ගෑස් පරිභෝජනයට ගත හැකි බවට විශ්වාස කරන බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
http://biz.adaderana.lk/
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි
එනකොට සද්ද දාගෙන ආවට, ආවට වඩා ඉක්මණින්ම පස්සේ දොරෙන්ම යනවා කාටවත් නොකියා.
මිට ඉස්සරත් කීදෙනෙක්නම් ආවද?
ගැස් ටෝක් විතරයි ගැස්නම් තාම නැහැ.
NATO Gas Company.
- nis2008
- Posts : 283
Join date : 2015-05-28
Re: මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි
- yaka
- Posts : 374
Join date : 2014-02-28
Re: මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් කැණීමට ප්‍රංශයෙන් ටූටාල් එයි
(French are good at that and our local Mafia will assist them to expedite. We will be left with old pits, mines and scared fishing grounds to deal with later).
yaka wrote:I saw it's mentioned this reserve is enough for 25 years only. 17 for them and we can be rich country with the remaining 8 for sure..
- HAL9000Top contributor
- Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo