- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ශ්‍රී ලංකාවේ ලොකුම අල්ලස ගනිද්දී රේගු නිළධාරීන් තිදෙනෙකු කොටුවේ
ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තාවූ ඉහළම අල්ලස් මුදල ලෙස සැලකෙන රු. මිලියන 125 ක අල්ලසක් ලබාගත් බව කියන රේගු නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රේගු අධිකාරී සුජීව පරාක්‍රම ජිනදාස, නියෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක, සහකාර රේගු අධිකාරී එම්.ඩී.යූ.ජී පෙරේරා යන අය බව සඳහන්ය.
විදෙස් සමාගමකින් ලංකා ගමනා ගමන මණ්ඩලයට ගෙන්වන ලද අමතර කොටස් තොගයක් මුදාහැරීමට පසු විගණනයකින් ඉක්බිතිව රු.මිලියන 1500 ක මුදලක් ගෙවිය යුතු බවට මෙම රේගු නිලධාරීන් විසින් අදාළ සමාගමේ නියෝජිතයින්ට දැනුම්දී තිබේ.
එහෙත් එවැනි මුදලක් නීත්‍යනුකූලව ගෙවීමට නොමැති බව සමාගම් නියෝජිතයින් විසින් දැනුම්දුන් පසු අමතර කොටස් මුදාහැරීමට අල්ලසක් ලෙස රු.මිලියන 150 ක් ඉල්ලා ඇති බව කියැවෙයි.
ඉන්පසු එම නියෝජිතයින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමග සාකච්ඡා කොට එකී මුදලද රු.මිලියන 125 ක් දක්වා අඩුකරගෙන ඇති බවත්, ඒ අනුව අද (15) කොළඹ ස්ථානයකදී එම මුදල ලබාදීමට යයි හඟවා අල්ලස් කොමිසමේ නිලධාරීන් කැටුව ගොස් මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බව අල්ලස් කොමිසමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
http://biz.adaderana.lk/
රේගුවේ තිදෙනෙක් අල්ලස් දැලේ : කෝටි දොළහමාරක් අරන්
2015 ඔක්තෝබර් මස 15 17:10:52 | . , රංජන් කස්තුරි
ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් සපයන ආයතනයක හිමිකරුවකුගෙන් රුපියල් කෝටි 12.5 ක පගාවක් ගැනීමට තැත් කළැයි රේගු නිලධාරීන් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම කියයි.
රේගු අධිකාරී සුධීර පරාක්‍රම ජිනදාස, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ ජගත් ගුණතිලක සහ සහකාර රේගු අධිකාරී එම්.ඩී.යූ.ජී.පෙරේරා ඔවුහුය.
ආනයනය කළ භාණ්ඩ තොගයකට ගෙවිය යුතු රුපියල් කෝටි 150 ක රේගු ගාස්තු නිදහස් කිරීම සඳහා රුපියල් කෝටි 12.5 ක අල්ලසක් ඉල්ලා ඇතැයි කොමිසම කියයි.
http://www.lankadeepa.lk/index.php/top_story/354522
- balapasTop contributor
- Posts : 762
Join date : 2014-02-23
Age : 44
Re: ශ්‍රී ලංකාවේ ලොකුම අල්ලස ගනිද්දී රේගු නිළධාරීන් තිදෙනෙකු කොටුවේ
Lets talk about people who dont get caught asking for bribes. A Sri lankan minister related to justice asked a friend of mine several millions to expedite his case. The same person has taken close to half a billion from Avengaurd to drop their case. What you see now is a media show.
You also saw today the former president arranging a protest to protect himself. Although won a war scared to be questioned. Soon he may/will share a % of his looted billions with a minister and get scot free.
- guruji
- Posts : 602
Join date : 2015-04-27