- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
ආඩම්බරයි පුතේ !
ලෝ ප්රමකට Adobe සමාගමෙහි නිෂ්පාදනයක් වන Photoshop මෘදුකාංගයෙහි වසර 25ක ඉතිහාසය තුළ විසඳාගැනීමට නොහැකි ව තිබූ ගැටලුවක් විසඳීමට ඇමෙරිකාවේ MIT සරසවියේ පරිගණක විද්යාන හා කෘත්රිගම බුද්ධි පර්යේෂණාගාරයේ (Computer Science and Artificial Intelligence Laboratory - (CSAIL) පර්යේෂකයකු සමත් ව තිබෙනවා.
විශේෂත්වය වන්නේ ඔහු ශ්රීr ලාංකිකයකු වීමයි. කොළඹ රාජකීය විද්යාcලයයේ හා මොරටුව සරසවියේ ඉංජිනේරු පීඨයේ ආදි සිසුවකු වන ඔහු චරිත් මෙන්ඩිස්.
Photoshop වැනි රූප සංස්‌කරණ කාර්යයන් සඳහා භාවිත කරන මෘදුකාංග මුහුණ දෙන ප්රtධාන පෙළේ ගැටලුවක් වන්නේ කාලයත් සමග ඒවායේ කේතමය උපදෙස් කෙමෙන් "වියෑකී" යැමයි. (Bit rot).
සැම මෘදුකාංගයකට ම පොදු මේ තත්ත්වය Photoshop වැනි මෘදුකාංගවලට විශාල ලෙස බලපානවා. මීට හේතුව වඩා හොඳ වේගවත් සේවාවක් ලබාගැනීම සඳහා මේ මෘදුකාංගවල මූල කේත කලින් කලට විශාල ලෙස ප්රහශස්‌තකරණය (Optimize) කිරීමට සිදු වීමයි.
කේතමය උපදෙස් වියෑකීම නිසා කාලයත් සමග මේවායේ කාර්යක්‌ෂමතාව පහළ බසිනවා. ඒ නිසා Adobe වැනි සමාගම් සැම වසර කිහිපයකට වතාවක් ම පරිගණක විශේෂඥයන් සිය ගණනක් යොදාගනිමින් මේ කේත යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරනවා.
මෙය මාස ගණනාවක් හා ඩොලර් බිලියන ගණනක විශාල මුදලක් වැය වන ක්රිනයාවලියක්.
Read more