- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි
Friday, 19 June 2015 09:34
(www.randora.lk-19/06/2015)-මහ බැංකුවේ 2016 වසරේ ජනවාරි මසට යෝජිත නව බැංකු ප්‍රාග්ධන නියාමන කොන්දේසි හමුවේ අර්බුදයකට ලක් ව ඇති පෑන් ඒෂීයා බැංකුව ඉදිරියේදි නව ප්‍රාග්ධන ආයෝජකයෙකු සොයා ගැනිම හෝ තවත් බැංකු ආයතනයක් සමඟ ඒකාබද්ධ විම අනිවාර්යෙන්ම සිදු විය යුත්තක් බව ඒෂීයා කොටස් තැරැවිකාර සමාගම පසුගියදා නිකුත් කළ පර්යේෂණ වාර්තාවක සදහන් වේ.
කෙසේවෙතත්,මේ සම්බන්ධයෙන් මහ බැංකුවෙන් රන්දොර කළ විමසිමකදි ඔවුන් පෙන්වා දුන්නේ පෑන් ඒෂියා බැංකුව දැනටමත් ස්වකිය ප්‍රාග්ධන ප්‍රතිසංස්කරණ යෝජනා මහ බැංකුව වෙත ලබා දි ඇති බවත් ඒ අනුව ඒ ගැන විමසිල්ලෙන් සිටින බවත්ය.
එසේම,සෙලාන් බැංකුව සම්බන්ධයෙන්ද මේ දිනවල විවිධ කතා බහ පැතිර යන පරිදි ජාතික සංවර්ධන බැංකුව හෝ DFCC බැංකුව සමඟ ඒකාබද්ධ විමේ කටයුතු සිදු වන්නේ නම් එය එහි වර්ධනයට සුභදායක බවද මෙම වාර්තාව පෙන්වා දේ.
පෑන් ඒෂීයා බැංකුව සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වන මෙම වාර්තාව පෙන්වා දෙන්නේ මේහි දැනටමත් ජපන් ආයෝජන ඇති වටාපිටාවක ජපානය වැනි සෘණාත්මක පොලි අනුපාතික ඇති රටක ආයෝජකයෙකුට මේ සදහා ආයෝජනය කිරිමේ වටාපිටාව වඩාත් සැකසෙන බවද අවධාරණය කරයි.එසේම හිමිකාරිත්වයේ සමාන කම් මත මෙයට පෙර සම්පත් බැංකුව සමඟ ඒකාබද්ධ විමේ හැකියාවද විශ්ලේෂකයෝ පෙන්වා දි තිබිණි.
මේ වන විට රුපියල් බිලියන 05 ක් වන බැංකුවේ නොගලපන ලද ප්‍රාග්ධනය මහ බැංකු රේගුලාසි පරිදි 2016 ජනවාරි වන විට රුපියල් බිලියන 10 දක්වා ඉහළ දැමිය යුතු ඇත.
අපි කියන්නේ ඉදිරි කෙට් කාලයේදි පවත්නා තත්ත්වය මත අලුත් ප්‍රාග්ධනය යෙදනිව හෝ තවත් බැංකුවක් සමඟ මෙම බැංකුව ඒකාබද්ධ විම අනිවාර්යෙන්ම සිදු විය යුත්තක්ව පවතින බයි. යැයි ඒෂීයා සෙකුරිට්ස් වාර්තාව පවසයි.
පසුගිය 2011 වසරේ බැංකුවේ මුළු ණයෙන් සියයට 19.6 ක ප්‍රතිශතයක් නියෝජනය කළ රන් ණය මේ වසරේ මුල් කාර්තුව අවසාන වන විට සියයට 2.3 දක්වා පහළ බැස ඇත.
බැංකුවේ වාරික ණය එහි ණය වෙළෙඳ පොළ ප්‍රමුඛතම වර්ධන සාධකය බව කියන මෙම වාර්තාව,උතුරු -නැගෙනහිර ශාඛා වැඩි වශයෙන් බිහි කිරිම බැංකුවේ ලාභදායිත්වයට බලපැම් කරන බවද පෙන්වා දේ.විශේෂයෙන් මේවා ලාභ ලබන තත්ත්වයට පත් විමට අවම වසර 03 ක කාලයක් යන බවත් එක් ශාඛාවක ආරම්භක පිරිවැය රුපියල් මිලියන 11 ඉක්මවන බවත් කියයි.
සෙලාන් බැංකුව සම්බන්ධයෙන් ගත් කල එහි ව්‍යාප්ත ශාඛා ජාලය,ඉහළ ඉතුරුම් හා ජංගම ගිණුම්,සුළු පරිමාණ කර්මාන්ත විෂයෙහි ව්‍යාප්තිය,හොද ගනු-දෙනුකාර ජාලය සහ ණය පත් වෙළෙඳ පොල ප්‍රමුඛත්වය මෙහි නව ආයෝජකයෙකුට සිත් ඇද ගැනිමට ඉවහල් වන කරුණු බවද මෙම වාර්තාව පවසයි.
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: පෑන් ඒෂීයා/සෙලාන් ඉරණම විසදෙන දිනය අත ළඟයි
Friday, 19 June 2015 22:22
(www.randora.lk-20/06/2015)-පෑන් ඒෂීයා බැංකුව සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපයක් මුළුල්ලේ රන්දොර කළ අනාවැකි සනාථ කරමින් ඒ සදහා ආයෝජකයෙකු සෙවිමේ නිල කරතව්‍ය Union Bank of Switzerlandවෙත පවරා ඇතැයි රන්දොර සිංගප්පූරු ආයෝජන බැංකු ආරංච් මාර්ග සනාථ කළේය.
මෙම පෑන් ඒෂීයා බැංකු ආයෝජනයත් බොහෝ දුරට පසුගියදා සිදු වු කොළඹ යුනියන් බැංකු ආයෝජනය හා සමාන තත්ත්වයක් ගනිවි.සමහර විට මෙම ආයෝජනයේ සීමාව ඩොලර් මිලියන 100 දක්වා ඉහළ යන්න පුළුවන් යැයිද අදාල ආයෝජන බැංකු ප්‍රකාශකයෝ පවසා සිටියහ.
Union Bank of Switzerlandයනු ලොව දෙවැනියට විශාලතම හා යුරෝපයේ අංක එකේ බැංකු ආයතනයක් වේ.
මේ බව විමසිම සදහා රන්දොර බැංකුවේ සභාපති නිමල් පෙරේරා මහතා සම්බන්ධකර ගැනිමට ගත් උත්සාහයේදි ඔහු විදේශ ගත වු බව සදහන් වු අතරේ අන් කිසිදු ඉහළ නිළධාරියෙකු මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දිමට ඉදිරිපත් වුයේ නැත.
මහ බැංකුවේ 2016වසරේ ජනවාරි මසට යෝජිත නව බැංකු ප්‍රාග්ධන නියාමන කොන්දේසි හමුවේ අර්බුදයකට ලක් ව ඇති පෑන් ඒෂීයා බැංකුව ඉදිරියේදි නව ප්‍රාග්ධන ආයෝජකයෙකු සොයා ගැනිම හෝ තවත් බැංකු ආයතනයක් සමඟ ඒකාබද්ධ විම අනිවාර්යෙන්ම සිදු විය යුත්තක් බව ඒෂීයා කොටස් තැරැවිකාර සමාගම පසුගියදා නිකුත් කළ පර්යේෂණ වාර්තාවකද සදහන් වේ.
කෙසේවෙතත්,මේ සම්බන්ධයෙන් මහ බැංකුවෙන් රන්දොර කළ විමසිමකදි ඔවුන් පෙන්වා දුන්නේ පෑන් ඒෂියා බැංකුව දැනටමත් ස්වකිය ප්‍රාග්ධන ප්‍රතිසංස්කරණ යෝජනා මහ බැංකුව වෙත ලබා දි ඇති බවත් ඒ අනුව ඒ ගැන විමසිල්ලෙන් සිටින බවත්ය.
එසේම,සෙලාන් බැංකුව සම්බන්ධයෙන්ද මේ දිනවල විවිධ කතා බහ පැතිර යන පරිදි ජාතික සංවර්ධන බැංකුව හෝ DFCC බැංකුව සමඟ ඒකාබද්ධ විමේ කටයුතු සිදු වන්නේ නම් එය එහි වර්ධනයට සුභදායක බවද මෙම වාර්තාව පෙන්වා දේ.
පෑන් ඒෂීයා බැංකුව සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වන මෙම වාර්තාව පෙන්වා දෙන්නේ මේහි දැනටමත් ජපන් ආයෝජන ඇති වටාපිටාවක ජපානය වැනි සෘණාත්මක පොලි අනුපාතික ඇති රටක ආයෝජකයෙකුට මේ සදහා ආයෝජනය කිරිමේ වටාපිටාව වඩාත් සැකසෙන බවද අවධාරණය කරයි.එසේම හිමිකාරිත්වයේ සමාන කම් මත මෙයට පෙර සම්පත් බැංකුව සමඟ ඒකාබද්ධ විමේ හැකියාවද විශ්ලේෂකයෝ පෙන්වා දි තිබිණි.
මේ වන විට රුපියල් බිලියන 05ක් වන බැංකුවේ නොගලපන ලද ප්‍රාග්ධනය මහ බැංකු රේගුලාසි පරිදි 2016ජනවාරි වන විට රුපියල් බිලියන 10දක්වා ඉහළ දැමිය යුතු ඇත.
අපි කියන්නේ ඉදිරි කෙට් කාලයේදි පවත්නා තත්ත්වය මත අලුත් ප්‍රාග්ධනය යෙදනිව හෝ තවත් බැංකුවක් සමඟ මෙම බැංකුව ඒකාබද්ධ විම අනිවාර්යෙන්ම සිදු විය යුත්තක්ව පවතින බයි. යැයි ඒෂීයා සෙකුරිට්ස් වාර්තාව පවසයි.
පසුගිය 2011වසරේ බැංකුවේ මුළු ණයෙන් සියයට 19.6ක ප්‍රතිශතයක් නියෝජනය කළ රන් ණය මේ වසරේ මුල් කාර්තුව අවසාන වන විට සියයට 2.3දක්වා පහළ බැස ඇත.
බැංකුවේ වාරික ණය එහි ණය වෙළෙඳ පොළ ප්‍රමුඛතම වර්ධන සාධකය බව කියන මෙම වාර්තාව,උතුරු -නැගෙනහිර ශාඛා වැඩි වශයෙන් බිහි කිරිම බැංකුවේ ලාභදායිත්වයට බලපැම් කරන බවද පෙන්වා දේ.විශේෂයෙන් මේවා ලාභ ලබන තත්ත්වයට පත් විමට අවම වසර 03ක කාලයක් යන බවත් එක් ශාඛාවක ආරම්භක පිරිවැය රුපියල් මිලියන 11ඉක්මවන බවත් කියයි.
සෙලාන් බැංකුව සම්බන්ධයෙන් ගත් කල එහි ව්‍යාප්ත ශාඛා ජාලය,ඉහළ ඉතුරුම් හා ජංගම ගිණුම්,සුළු පරිමාණ කර්මාන්ත විෂයෙහි ව්‍යාප්තිය,හොද ගනු-දෙනුකාර ජාලය සහ ණය පත් වෙළෙඳ පොල ප්‍රමුඛත්වය මෙහි නව ආයෝජකයෙකුට සිත් ඇද ගැනිමට ඉවහල් වන කරුණු බවද මෙම වාර්තාව පවසයි.
අර්ජුන සෙනෙවිරත්න විසිනි
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26