- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
වෛරය ජයගැනීමට මගක්-සුමනදාස සමරසිංහ සටහන්
ඔබේ හිතේ අන් කෙනෙකු පිළිබඳ වෛරයක් තිබේ නම් ඒ පුද්ගලයාට කලින් එයින් පීඩාවට පත්වන්නේ ඔබමයි. වෛරය ඇත්තේ ඔබේ සිතේ නිසා ඔබට පීඩා විඳින්නට සිදුවන්නේය. පහත සඳහන් උපදෙස් නිතර නිතර කියවා සිතට ගන්න. එවිට ඔබව පෙළන වෛරය ඔබේ සිත තුලින් ගිලිහී යනු නිසැකය.
1. වෛරය රෝගයක් යයි කීම සත්‍යයක් බව පිළිගත යුතුය. එය කුඩා කළ පටන් ඇතිවිය හැකි මානසික පුරැද්දකි. එසේම වෛරය බෝවන්නේය. වෛරය නිසා කෙනෙකු මානසික වශයෙන් හා කායික වශයෙන් රෝගී බවට පත්වේ.
2. “මම වරදක් කළෙමි” යන සිතුවිල්ල පහළවීමට ඉඩදෙන විදියේ කිසිවක් කරන්න එපා. ඕනෑකමින් වැරදි වැඩ කිරීම හෝ අනුන් පෙළන විදියේ වචන කීම වහා නතර කරන්න.
3. ඔබ ඔබ ගැන ස්වභාවික ආදරයක් ඇති කරගන්න. තමන්ට ආදරය නැති අය අනුන්ට ආදරය නොකරති. ඔබේ හොඳ ගතිගුණ ගැන අහංකාර වීමට හැකි තරම් හොඳ අයෙකු වන්න.
4. ආදරය, කරැණාව වෙනුවට වෛරයට ඔබේ සිත තුල රජවීමට ඉඩ දෙන්න එපා.
5. ගින්නට පිළිස්සෙන්නේ නැති ගොඩනැඟිල්ලක් මෙන් වෛරයට බිලිනොවන කෙනෙකු වීමට ඔබට පුළුවන.
6. බනින කෙනෙකුට බැනීමෙන් පිළිතුරැ දෙන්න එපා. වෛර කරන මිනිසා රෝගියෙකු බව ඔබේ සිතට කියන්න.
7. තමා ගැන තමා අනුකම්පා කරන හා තමා ගැන තමාට ආදරයක් නැති අය දිවිනසා ගන්නට පෙළඹෙති. එම පෙළඹීම වෙනස් කරගැනීමට හැකියාව ඇත්තේ ඔබටයි.
8. වෛරය පහළවන අවස්ථාවක් මතු වී සැණින් වෛර කිරීමෙන්, වෛරය ප්‍රදර්ශනය කිරීමෙන් ඇති වැඩේ කුමක් ද? කියා තනියම ප්‍රශ්න කර බලන්න.
9. අනුන්ගේ වෛර සහගත කතා වලට ඔබ ගෑවෙන්න එපා.
10. ඔබ වෛර නොකළ සෑම අවස්ථාවක දී ම “මම කොපමණ උතුම් කෙනෙක් ද?” කියා තනිවම තමන්ට මතක් කරගන්න.
11. වෛරය හටගන්නේ අභ්‍යන්තර බියක් මුල් කරගෙන බව කීම විද්‍යානුකූල සත්‍යයකි. අභ්‍යන්තරයේ ඇති බිය ජනක සිතුවිල්ල මතුපිටට එන විට වෛරය හැටියට නැඟී එයි.
12. මෛත්‍රී කිරීම දුෂ්කරය. අපි මිනිසත් බව ලබා සිටිනුයේ තිරිසනුන් මෙන් ජීවත් වී මැරී යාමට නොවේ. දුෂ්කර වැඩ කිරීමටය.
මේවා නැවත නැවත කියවමින් ඔබව පෙළන වෛරයට බැට දී පළවා හරින්න.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28