- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි
biz_man Top News April 30th, 2015
ශ්‍රී ලංකාවේ තිබෙන ආයෝජන හා ආර්ථික අවස්ථාවන් පිළිබඳව ගැඹුරින් සොයා බලා එහි තොරතුරු ගෝලීය ආයෝජකයින්ට ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එංගලන්තය පදනම් කරගත් Oxford Business Group නැමති සමාගම සමග ගිවිසුමකට එළඹෙයි.
මෙම ගිවිසුමට අනුව මෙම සමාගමේ ආර්ථික විශ්ලේෂකයින් 05 දෙනෙකු ඉදිරියේදී ලංකාවට පැමිණෙන අතර ඔවුන් ලංකාවේ මාස 06 ක පමණ කාලයක් රැඳී සිටිමින් තොරතුරු ගවේෂණය කර ශ්‍රී ලංකාව වෙනුවෙන් Sri Lanka 2016 නැමති මෙම වාර්තාව සම්පාදනය කරයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති උපුල් ජයසූරිය මහතා පැවසුවේ මෙම වාර්තාව සකස් කිරීමට යන අති විශාල මුදල Oxford Business Group නැමති මෙම සමාගම විසින් දරන බවත් ඒ වෙනුවෙන් ආයෝජන මණ්ඩලයට හෝ ශ්‍රී ලංකා රජයට කිසිදු මුදලක් වැය නොවන බවයි.
ශ්‍රී ලංකාවේ මේ වනවිට තිබෙන්නේ පිරිසිදු පාලනයක් බවත් ආයෝජන ව්‍යාපෘති වෙනුවෙන් මින්පසු හිතවත්කම් මත අවසර ලබා නොදෙන බවත් එවන් වාතාවරණයක් තුළ ලංකාවේ තිබෙන ආයෝජන අවස්ථාවන් පිළිබඳව නිවැරදි තොරතුරු ගෝලීය ආයෝජකයින්ට ඉදිරිපත් කළ යුතුව තිබෙන බවත් මෙහිදී ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේය.
මෙම වාර්තාව සකස් කිරීම සඳහා Oxford Business Group සමාගමට ආයෝජන මණ්ඩලය විසින් කාර්යාල පහසුකම් සපයන අතර ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය රජයේ ආයතනවල සහ පුද්ගලික අංශයේ තොරතුරු ලබාදීමට ආයෝජන මණ්ඩලය පහසුකම් සලසනු ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් Oxford Business Group සමාගමේ මෙරට කළමනාකරු Brooke Butler මහත්මිය සඳහන් කළේ සමාගම විසින් අප්‍රිකාවේ, ආසියාවේ, දකුණු ඇමරිකාවේ සහ මැදපෙරදිග නැගී එන ආර්ථිකයක් සහිත රටවල් පිළිබඳව මෙවැනිම වාර්තා සකස් කර තිබෙන බවයි.
මෙම වාර්තා අලෙවි කිරීම සහ එම වාර්තාවල වෙළඳ දැන්වීම් පළකිරීම මගින් සමාගම ආදායම් රැස්කර ගන්නා බව ඇය සඳහන් කළාය.
මේ අනුව, සමාගම විසින් Sri Lanka 2016 වාර්තාවේ පිටපත් 120,000 ක් මුද්‍රණය කිරීමට සැලසුම් කර තිබෙන අතර ඒවා ආයෝජකයින් වෙත අලෙවි කිරීමට නියමිතය.
http://www.adaderana.lk/biz
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි
Hopefull for good governance.
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි
Good move !
- pathfinderTop contributor
- Posts : 1450
Join date : 2014-02-23
Re: එංගලන්ත සමාගමක් සමග ආයෝජන මණ්ඩලය බර වැඩකට මුල පුරයි
- ආයෝජන මණ්ඩලය නව ගිවිසුම් 46 කට අත්සන් තබයි. නව රැකියා 8000 ක්
- විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි
- රනිල් එංගලන්ත පාර්ලිමේන්තුවට පත්වෙයි
- එංගලන්ත වෙළඳපොළ තවදුරටත් අත්පත් කර ගැනීමට එළිෆන්ට් හවුස් සැරසෙයි
- 'බ්‍රිතාන්‍ය ආර්ථිකය කඩා වැටෙන සුළු තත්වයක්' - එංගලන්ත මහ බැංකු සභාපති මාර්ක් කාර්නේ