- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ
රෝයල් සෙරමික් ආයතනයේ නිර්මාර්තෘන් ලෙස විශාල කිර්තිනාමයක් දරා සිටින මෙම රෝහල් සමාගමේ සභාපති ඒ.එල් වීරසිංහ මහතා පත් විමට තිබු විශාල අපහසුතාවයක් මේ නිසා මඟ හැරුණු බවද වාර්තා කියයි.
මේ රටේ සල්ලි ආයෝජනය කරන්න පුළුවන් ව්‍යවසායක කුසලතා ඇති අය ඉන්නේ අතලොස්සයි.ඒ අය ආරක්ෂා කළ යුතුයි.ඒ අයගේ කිර්තිනාමය වැනසි යාමටඉඩ නොදිය යුතුයි.මෙවැනි මුළික කොටස් නිකුතු සිදු කිරිමේදි නිවැරදි ආයෝජන උපදෙස් ඇවැසි බවත් මෙම නිකුතුවෙන් තහවුරු වෙනවා යැයි මහ පරිමාණ ආයෝජක ටී.සෙන්තිල්වෙල් මෙම නිකුතුවට අවසන් මොහොතේ දායක වෙමින් කළ මෙහෙවර අගය කරමින් ප්‍රකට ආයෝජකයෙකු කීය.
මෙම මුළික කොටස් නිකුතුවේ සමාගමේ ලාභාංශ පිළිබඳ කරුණු අන්තර්ගත කර නොතිබ්ම,අධික මුළික කොටස් නිකුතු ම්ල,රැස් කරන මුදල් සියල්ල එහි ණය ගෙවිමට යෙදවිම වැනි කාරණා එහි මුළික කොටස් නිකුතු ප්‍රකාශයේ අඩංගු විම නිසා මේ සදහා ආයෝජනය කිරිමට බොහෝ දෙනා උකටලි වි තිබුණේ අපේක්ෂිත ප්‍රතිලාභ පිළිබඳ දෙගෙඩියාවෙනි.
නමුත්,මෙම කරුණු සංශෝධනය පිළිබඳ ඇති වු යම් පසු ලිඛිත එකඟතා මත මේ සදහා කොටස් මිලියන 45 කට ආසන්න ප්‍රමානයක් සදහා (දළ වශයෙන් රුපියල් මිලියන 115 ක් පමණ) ආයෝජනය කිරිමට මහ පරිමාණ ආයෝජක ටී.සෙන්තිල්වෙල් මහතා එකඟත්වය ප්‍රකාශ කර තිබු බව වාර්තා කියයි.ඒ අතරේ තවත් කොටස් මිලියන 25 කට ආසන්න ප්‍රමානයකට ආයෝජනය කිරිමට රත්නපුර මෑණික් ව්‍යාපාරිකයෙකු එකඟත්වය පළ කර මුදල් ආයෝජනය කර තිබිණි.
මෙම මුළික කොටස් නිකුතුවේ මුළික අරමුණු යම් ලෙසකින් වෙනස් කර ඇත්නම් ඒ බව ඉදිරියේදි නිල වශයෙන් කොළඹ කොටස් වෙළෙඳ පොල දැනුවත් කිරිම අනිවාර්ය කරුණක් වනු ඇත.
කොටස් කරුවන් 473ක් පමණ මෙම මුළික කොටස් නිකුතුව සදහා කොටස් අයදුම් කර තිබුණද පවතින තත්ත්වය අනුව මෙම ආයෝජකයින් දෙදෙනා පමනක් කොටස් මිලියන 100 ක් වු මුළු මුළික කොටස් නිකුතුවෙන් කොටස් මිලියන 65 කටම පමණම මේ අනුව හිමිකම් කියනු ඇත.
මේ අනුව,මෙය වෙළෙඳ පොල ගනු-දෙනු හැකියාවෙන් අඩු අඩු ද්‍රවශිලතාවයකින් යුතු කොටසක් ලෙස ඉදිරියේදි දිරි සවි පුවරුවේ ලයිස්තුගත වනු ඇති බව නිරික්ෂණ මතයයි.
සිය පර්යේෂණ වාර්තාවක් මගින් Bartleet Religare Securities පසුගියදා පවසා සිටියේ මෙම නිකුතුවේ කොටසක නිකුතු මිල රුපියල් 2.50 ක් වුවද ඔවුනගේ තක්සේරු වටිනාකම අනුව එහි සැබැ වටිනාකම රුපියල් 2.00 ක් පමනක් බවයි.
මෙම සමාගම 2016 වසර අඟ වන තුරු ලාභ ලබන තත්ත්වයකට නොපැමිණෙනු ඇතැයි පවසන මෙම වාර්තාව මෙම නිකුතුවෙන් රුස්කරන රුපියල් මිලියන 250 න් මිලියන 170 ක් වම වැය වන්නේ සමාගමේ අතීත ණය වගකිම් පියවිම සදහා බවත් ඒ සමගින් තවත් සැලකිව යුතු කොටසක් මෙහි ආරම්භක වියදම් පියවිම වෙනුවෙන් යොදවනු ඇති බවත් විශ්වාශය පළ කරයි.
ඇදන් 50 ක ධාරිතාවයකින් යුතු සියයට 40 ක පමණ අඩු occupancy තත්ත්වයනුත් මෙහිදි විශේෂයෙන් සැලකිල්ලට බදුන් කළ බවත් මෙම පර්යේෂණ වාර්තාවේ සදහන්ය.
ඔෘෂධ හල්,රසායනාගාර සේවා හා එහි ඇතුල් විමේ ගාස්තු මෙහි ආදායමෙන් පිළිවෙලින් සියයට 35,22 සහ 15 ක ට දායක වන බවත් පවසයි.
මෙහි කොටසක අඩු මිල මෙහි ආකර්ශණියම සාධකය ලෙස පෙන්වා දෙන මෙම පර්යේෂණ වාර්තාව මෙරට පුද්ගලික සුවා සේවා කර්මාන්තයේ බහුතරයක විශ්වාශය රැදි ඇත්තේ රෝහලේ කිර්තිනාමයට වඩා විශේෂඥ වෛද්‍යවරයාගේ කිර්තිනාමය මත බවද කියයි.