- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
කොළඹ හිල්ටන් හෝටල් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට ප්‍රියංක දිසානායක, පද්මා මහරාජා ඇතුළු පිරිසක්
කොළඹ හිල්ටන් හෝටලය අයත් වන හොටෙල් ඩෙවලොපර්ස් (ලංකා) පී.එල්.සී. සමාගමට මුදල් අමාත්‍යංශය විසින් නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර තිබේ.
මේ අනුව, මෙම සමාගමේ නව සභාපතිනිය ලෙස සහ විධායක නොවන අධ්‍යක්ෂ තනතුරකට ජර්මානු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයක් වන ෆෙඩ්රික් නිවුමාන් පදනමේ මෙරට නිත්‍ය නියෝජිතවරිය ලෙස කලක් කටයුතු කළ සාගරිකා නීලමනී කුමාරි දෙල්ගොඩ මහත්මිය පත්කර තිබේ.
මීට අමතරව, ධීෂණා එස්. අමරසේකර මහත්මිය, ජෝසෆ් සුසෙයිතාසන් මහතා, ජනප්‍රිට් එස්. ප්‍රනාන්දු මහතා, පද්මා මහරාජා මහත්මිය, ප්‍රියංක දිසානායක මහතා, ජේ.එම්.යූ.පී. ජයමහ මහතා යන අය හොටෙල් ඩෙවලොපර්ස් (ලංකා) පී.එල්.සී. සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස පත්කර ඇත.
මීට පෙර කටයුතු කළ අධ්‍යක්ෂ මණ්ඩලය 2015 අප්‍රේල් 07 වනදා සිට බලපැවැත්වෙන පරිදි ඉල්ලා අස්වී තිබේ.
මෙම සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ තිරුකුමාර් නඩේසන් මහතායි.
http://www.adaderana.lk/biz
- chutiputhaTop contributor
- Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL