- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ?
April 9th, 2015 0 Comments 30 views
සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධම්මික පෙරේරාගේ නම සහ විනිමය කොමිසමේ ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ වජිර විජේගුණවර්ධනගේ නම යෝජනා වී තිබෙන බවත් ඒ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා ප්‍රතිපත්ති සම්පාදක හා ආර්ථික කටයුතු අමාත්‍යංශය වෙත යවා තිබෙන බවත් අනාවරණය වේ.
සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරය කලක පටන් හිස්ව තිබෙන අතර ඒ සඳහා බඳවා ගැනීමට පසුගියදා දැන්වීම් පළකර තිබුණි.
ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හරේන්ද්‍ර දිසා බණ්ඩාර මහතා කලක් විනිමය කොමිසමේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ අතර ඔහු 2013 වසරේදී ඉල්ලා අස්වීමෙන් පසුව එම තනතුර පුරප්පාඩු වූ අවස්ථාවේ සිට එයට අදාළ වැඩකටයුතු සිදුකළේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධම්මික පෙරේරා මහතායි.
පසුගියදා රැස්වූ සුරැකුම් පත් හා විනිමය කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබුණේ පුරප්පාඩු වී තිබෙන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධූරය සඳහා නිසි ක්‍රියා පටිපාටීන් අනුගමනය කරමින් සුදුස්සෙකු බඳවා ගැනීමටයි.
http://www.adaderana.lk/biz
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ?
- AjithR
- Posts : 283
Join date : 2014-09-15
Re: විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ?
Vajira Wijegunawardene, Director – Capital Market Development of the Securities & Exchange Commission (SEC) has been appointed its Director General.
It was earlier reported that SEC Deputy Director General Dhammika Perera’s name had been proposed to this vacancy since this top position had remained vacant for some time and the vacancy advertised recently.
Professor Harendra Disa Bandara functioned as the Actor Director General of the Securities & Exchange Commission for some time and after his resignation in 2013, Deputy Director General Dhammika Perera has been overseeing the Commissions functions.
Recently, the SEC Board of Directors decided to fill the Director General vacancy while following the due procedures.
Vajira Wijegunawardene who has now been appointed SEC Director General is a brother of former cricketer Kapila Wijegunawardene who was appointed Chairman of the Selection Committee of Sri Lanka Cricket.
http://www.adaderana.lk/bizenglish/securities-exchange-commission-top-post-filled/
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පුටුව වජිරටද ?
Saturday, 11 April 2015 13:02
පාංශු දේහධාරි වජිර අධ්‍යක්ෂ ජනරාල් පුටුවට
(www.randora.lk-11/04/15)-ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වජිර විජේගුණවර්ධන මහතා එහි අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් විම මෙතෙක් “ආයතනික දේශපාලනය”ට නතු වි හුදකලා වි සිටි ඔහුට ස්වකිය සැඟවුණු කුසලතා එළි දැක්විමට කදිම පසුබිමක් සකස් කර දිමකැයි වෙළෙඳ පොළ විචාරකයෝ රන්දොරට පවසා සිටියහ.
සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් විම ලැබ වසර කිහිපයක් වුවද ඔහු මෙම කාලය තුල සැලකිව යුතු කාර්යය භාරයක් ඉටු කර නැතැයි ඇතැම් දෙනා නගන මැසිවිලි සම්බන්ධයෙන් කළ විමසිම් වලට පිළිතුරු දෙමින් මෙම පිරිස් නම ගම් හෙළි නොකිරිමේ පදනමින් මේ බව කියා සිටියහ.
කොමිෂමේ අභ්‍යන්තරයේ පසුගිය කාලයේ පැවති විවිධ පිල් බෙදිම් නිසා හා දේශපාලනික පිඩනයන් නිසා එහි දක්ෂ නිළධාරින්ට තම උපරිමයෙන් සිය දායකත්වය වෙළෙඳ පොල ප්‍රවර්ධනය වෙනුවෙන් ලබා දිමට නොහැකි වු බව පෙන්වා දුන් ඔවුහු හිටපු සභාපති නාලක ගොඩහේවා මෙන්ම වැඩ බැලු අධ්‍යක්ෂ ජනරාල් ධම්මික පෙරේරාටද මෙම පිඩනය එකසේ අඩු වැඩි මට්මින් තිබු බවද ඔවුහු පෙන්වා දුන්හ.
වාර්තාවන අන්දමට පසුගියදා අධ්‍යක්ෂ ජනරාල් තනතුරට අයදුම් පත් කැදවිම් සිදු කළ අවස්ථාවේ අයදුම්පත් 15 කට ආසන්න ප්‍රමානයක් ලැබි තිබු අතර ඒ අතරේ කොමිෂමේ අභ්‍යන්තරයෙන් අයදුම්පත් ඒවා තිබුනේ වැඩ බැලු අධ්‍යක්ෂ ජනරාල් ධම්මික පෙරේරා හා වජිර විජේගුණවර්ධන පමණි.
ඒ අතුරින් කලින් සභාපතිව සිට් නාලක ගොඩහේවා ප්‍රමුඛ කොමිෂමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය වැඩ බැලු අධ්‍යක්ෂ ජනරාල් ධම්මික පෙරේරා අදාල තනතුරේ ස්ථීර කරක ලෙස එවකට මුදල් අමාත්‍යාංශයට නිර්දේශ කර තිබුණද එය මුදල් අමාත්‍යාංශය සමඟ වු ආයතනික දේශපාලනික ප්‍රශ්නයක් නිසා අනුමත නොවු මට්ටමක තිබුණි.
එයට මුළික හේතුව වුයේ කොමිසම කොටස් වෙළෙඳ පොල සෙස් බද්දෙන් ගොඩ නගා ඇති අරමුදල් (මෙම අරමුදල් ගොඩ නගන්නේ වෙළෙඳ පොල ප්‍රවර්ධනය වෙනුවෙනි) රජයේ විවිධ ඕනෑ එපා කම් පියවිම වෙනුවෙන් ලබා දෙන ලෙස එවකට මුදල් ලේකම්ව සිට් ආචාර්ය පී.බී ජයසුන්දර කළ ඉල්ලිමි පිටු පෑ යාම බවද මෙම වාර්තා වැඩිදුරටත් කියයි.(කෙසේවෙතත් කොමිෂමේ සෙස් අරමුදලේ අරමුණු වලින් පටහැනිව යම්න් හිටපු සභාපතිනියක් වු ඉන්ද්‍රානි සුගතදාස අදාල අරමුදලේ මුදල් රජයේ අරමුදල් අවශ්‍යතා වෙනුවෙන් ලබා දි තිබිණි.)
පැවති තත්ත්වය අනුව තමා කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා නිර්දේශ කර තිබියදි යළි එම තනතුරට අයදුම්පත් කැදවන්නේ ඇයිද?යන්න වැඩ බැලු අධ්‍යක්ෂ ජනරාල් ධම්මික පෙරේරා කොමිෂමේ නව අධ්‍යක්ෂ මණ්ඩලයෙන් විමසා තිබු බවද වාර්තා කියයි.
අලි ඡයාරුපකරනයේ දක්ෂ වජිර ට අලි හවුල් ආණ්ඩුවෙන් අධ්‍යක්ෂ ජනරාල් තනතුරකුත්
නමුත්,ඔහුගේ එම ඉල්ලිම නොසලකමින් වජිර විජේගුණවර්ධන මහතා අදාල අධ්‍යක්ෂ තනතුරේ පත් විම් ලැබිමට වත්මන් සභාපති තිලක් කරුණාරත්න හා ධම්මික පෙරේරා මහතා පසුගිය වර තිලක් කරුණාරත්න මහතා සභාපති ධුරය ලද අවධියේ පැවති විවිධ මතභේද ද හේතු වු බව ද මෙම වාර්තා වැඩිදුරටත් පවසයි.
පවතින තත්ත්වය අනුව දැනට කොමිෂමේ ජ්‍යෙෂ්ඨතම නිළධාරිවරයා වන ධම්මික පෙරේරා මහතා තමන් ස්ථීර තනතුර දරණ කොමිෂමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයේ තවදුරටත් රැදි සිටිද යන්න සියළු දෙනා නගන ප්‍රශ්නය වි ඇත.ඔහු වසර 1 1/2 කට ආසන්න කාලයක් කාර්යය භාර නිළධාරිවරයා ලෙස අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ කටයුතු වල වැඩ බැලිය.
දිප්තිමත් ක්‍රිකට් ක්‍රිඩක පවුලකින් පැවත එන නව අධ්‍යක්ෂ ජනරාල් වජිර විජේගුණවර්ධන මහතා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ පළමු පෙළ කණ්ඩායමේ අංක 03 පිතිකරු ලෙස ක්‍රිඩා කළ අයෙකි.ඔහුගේ සොහොයුරු (දැන් ක්‍රිකට් තේරිම් කමිටු සභාපති) කපිල ද ජාතික කණ්ඩායමේ හිටපු ප්‍රබල වේග පන්දු යවන්නෙකි.වජිර අරමුදල් කළමනාකරුවෙකු ලෙස සිය වෘත්තිය දිවිය ආරම්භ කර ඇත.