- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
යුද අපරාධ වාර්තාව පමා කිරීමට අනුමැතිය
16 පෙබරවාරි 2015
'වඩාත් පුළුල් සහ ශක්තිමත් වාර්තාවක් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දීම් වස් තවත් කාලය ලබා දෙන මෙන් ඉල්ලා සිටීමට තීරණය කළෙමි'
ශ්‍රී ලංකාවේ සිවිල් යුද සමයේ සිදු විනැයි චෝදනා එල්ල කෙරෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ වාර්තාව 2015 සැප්තැම්බර් මාසය තෙක් මාස මාස හයකින් ප්‍රමාද කරන බව මානව හිමිකම් භාර එක්සත් ජාතීන්ගේ කොමසාරිස් සයිඩ් අල් හුසේන් නිවේදනය කළේය.
එම තීන්දුව ගැනීම දුෂ්කර කරුණක් වූ බවයි මහ කොමසාරිස් වරයා පවසන්නේ.
පළමු කාල සටහන අනුව කටයුතු කිරීම සහ වාර්තාවේ නිගමන ප්‍රකාශයට පත් කරනු ලැබීම තරමක් කල් තැබීම සම්බන්ධයෙන් දැඩි විවාදයක් පැවති බවත් මානව හිමිකම් භාර එක්සත් ජාතීන්ගේ කොමසාරිස් සයිඩ් අල් හුසේන් සිය නිවේදනයේ සඳහන් කරයි.
මෙය එක් වතාවක් පමණක් සිදු කෙරෙන කල් තැබීමක් වන බවත් ඔහු අවධාරණය කරයි.
යටපත් කිරීමක්?
තව දුරටත් අදහස් දක්වමින් මානව හිමිකම් භාර එක්සත් ජාතීන්ගේ කොමසාරිස් සයිඩ් අල් හුසේන් කියා තිබෙන්නේ, මානව හිමිකම් ක්‍රියාදාමයේ සමස්ත වැදගත් භාවය සම්බන්ධයෙන් සිය කාර්යාලය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට පවත්නා සූදානම සම්බන්ධයෙන් තමා වෙත පැහැදිලි පණිවුඩයක් ලැබී ඇති බවයි.
තමාට පෙර පදවියේ කටයුතු කළ නවී පිල්ලේ විසින් පත් කරන ලද කීර්තිමත් විශේෂඥයන් තුන් දෙනා ශ්‍රී ලංකාවේ අලුත් ආණ්ඩුව තුළ මානව හිමිකම් සම්බන්ධයෙන් සහයෝගයෙන් ක්‍රියා කිරීමට දක්වන මනාපය සඳහා කාල පරාශයක් ලබා දීම සඳහා එක් තාවකාලික කල් තැබීමකට එකඟතාවය දැනුම් දී ඇති බවත් සයිඩ් අල් හුසේන් තව දුරටත් සඳහන් කරයි.
"මේ සියලු කාරණා සැලකිල්ලට ගනිමින් වඩාත් පුළුල් සහ ශක්තිමත් වාර්තාවක් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දීම් වස් තවත් කාලය ලබා දෙන මෙන් ඉල්ලා සිටීමට තීරණය කළෙමි," යනුවෙන්ද මහ කොමසාරිස්වරයා සිය නිවේදනයේ සඳහන් කරයි.
මෙය පරීක්ෂණ වාර්තාව යටපත් කිරීමේ හෝ දිය කර හැරීමේ පළමු පියවර ලෙසින් ශ්‍රී ලංකාවේ දී සිය මානව හිමිකම් උල්ලංඝණයට ලක් වූ බොහෝ ජනතාව දකින්නට ඉඩ ඇතැයි තමාට හොඳින්ම වැටහෙන බවත් මහ කොමසාරිස්වරයා පවසයි.
එහෙත් වාර්තාව නිකුත් කිරීම පමා කිරීම යනු එය යටපත් කිරීමේ උත්සාහයක් නොවන බව අවධාරණය කරන ඔහු, එය ලබන සැප්තැම්බර් මාසයේ නිකුත් කරන බවට තමන් පුද්ගලිකවම සහතික වන බවත් පවසයි.
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/02/150216_unhrc_report_delay