- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක්
2 පෙබරවාරි 2015 අවසාන වරට යාවත්කාලීන කළේ 18:54 GMT
BBC Sandeshaya
අතුරු අයවැය ප්‍රකාශයට පත් වීමත් සමඟම ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳ පළ අවපාතයකට ලක් වී තිබේ.
සුපිරි ලාබ ලබන ව්‍යාපාරවලට කෝටි සීයක බද්දක් නියම කර තිබීම කොටස් වෙළඳ පළ කඩා වැටීමට එක් හේතුවක් වී ඇති බවයි ඇතැම් විශ්ලේෂකයන් ගේ මතය වී ඇත්තේ.
නව රජය භාර ගත්තේ ‘එතරම් හොඳ තත්වයක තිබෙන භාණ්ඩාගාරයක්’ නොවන බැවින් ජනතාවට ලබා දී ඇති සහන සඳහා යන වියදම සොයා ගැනීමට එවැනි බදු නියම කිරීමට සිදු වී ඇති බවයි බීබීසීයේ තිසර රතුවිතාන සමඟ කළ සාකච්ඡාවක දී ප්‍රංශ පුවත් සේවයේ කොළඹ ප්‍රධානී අමල් ජයසිංහ කියා සිටියේ.
පාඩුව මකා ගැනීම
‘විශේෂයෙන්ම රාජ්‍ය ආයතන අතිශයින් ම පාඩු ලබා තිබෙන අවස්ථාවක තමයි ආණ්ඩුව පත් වන්නේ. ඉතින් ඒ පාඩුව අවසානයේ දී ජනතාවට තමයි ගෙවන්නට සිද්ධ වෙන්නේ. ජනතාවට ඒ බර පැටවෙනවා. රාජ්‍ය ආයතන ලැබූ පාඩුව මකා ගන්නේ කොහොමද කියන අභියෝගය මේ ආණ්ඩුවට තියෙනවා. ඒ අනුව තමයි ආර්ථිකය කොයි ආකාරයට හැසිරේවිද කියල ඉදිරියේ දී තීරණය වෙන්නේ.’ අමල් ජයසිංහ පවසයි. සම්පුර්ණ සාකච්ඡාවේ හඬ පටය අමුණා ඇත.
'පලිගැනීමේ චේතනාව'
පසුගිය ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අනුග්‍රහය දැක්වීම නිසා පලිගැනීමේ චේතනාවෙන් සුපිරි ලාබ ලබන ව්‍යාපාර සඳහා කෝටි සියයේ බද්ද නියම කර ඇති බවට ඉහල පෙළේ ඇතැම් සුපිරි ව්‍යාපාරිකයන් චෝදනා නගන බවද ඔහු පැවසීය.
‘කෙසේ වෙතත් ආණ්ඩුව තර්ක කරන්නේ පසුගිය රජය යටතේ ඔවුන් අසාමාන්‍ය ලෙස සහ අසාධාරණ ලෙස මුදල් උපයන්න කටයුතු කර ඇති බවත් ඒ නිසා එක් වතාවකට පමණක් බලපාන පරිදි මෙම බද්ධ පනවන බවයි.’ ප්‍රංශ පුවත් සේවයේ අමල් ජයසිංහ කියා සිටියේය.
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: සුපිරි බද්දෙන් පසු කොටස් වෙළඳපළේ කඩා වැටීමක්
- slstockVeteran
- Posts : 6216
Join date : 2014-06-12