- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
'ස්වර්ණමය අවස්ථාවක්, එහෙත් දින සියය මදි'
18 ජනවාරි 2015 අවසාන වරට යාවත්කාලීන කළේ 19:50 GMT
BBC Sandeshaya
නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අනපේක්ෂිත ලෙසින් පසුගිය සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පදවිය හිමිවීම ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමේ ක්‍රියාවලියට ලැබුණු ප්‍රබල රුකුලක් බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.
විශේෂයෙන්ම ඉන් සති කිහිපයකට පෙර නව ජනාධිපතිවරයාගේ පරාජය වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටි පක්ෂයක් මැතිවරණයෙන් අනතුරුව සිය පක්ෂයේ නායකත්වය ප්‍රතිවාදියාට පැවරීම මගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් දෙකම වක්‍රාකාරයෙන් හැසිරවීමේ හැකියාව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට හිමි වී ඇති බවයි, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් පවසන්නේ.
කෙසේ නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට පූර්ණ සහයෝගය පළ කළ එක්සත් ජාතික පක්ෂය, ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය හිමිවීම කෙලෙසින් භාර ගනු ඇති දැයි බීබීසී සංදේශය කළ විමසීමකට පිළිතුරු දුන් ඔහු කියා සිටියේ එය දෙපාර්ශවයටම ඉතා සුභවාදී තත්වයක් වනු ඇති බවයි.
'මහින්ද බය වෙලා'
"පරාජයට පත් වුනා නම් සමහර විට ජනරාල් ෆොන්සේකාට මුහුණ දෙන්න සිද්ද වුන ඉරණමට සමාන අවසනාවන්ත ඉරණමකට තමන්ට මුහුණ දෙන්න සිදු වෙන්න ඉඩ තිබුන කියන දේත් මම හිතන්නේ නෑ ජනාධිපතිවරයාට පහසුවෙන් අමතක කරන්න පුළුවන් කියල," යනුවෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් සඳහන් කළේ සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.
"පරාජයට පත් වුනා නම් සමහර විට ජනරාල් ෆොන්සේකාට මුහුණ දෙන්න සිද්ද වුන ඉරණමට සමාන අවසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්න සිදු වෙන්න ඉඩ තිබුන කියන දේත් මම හිතන්නේ නෑ පහසුවෙන් අමතක කරන්න පුළුවන් කියල"
ජනපතිවරණයෙන් ජයග්‍රහණය කරන අවස්තාව වන විට පාර්ලිමේන්තුවේ බහුතර බලය නොතිබුන කණ්ඩායමකට මේ වනවිට 'ඒකමතික බලයක්' හිමි වී තිබීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ අරමුණු සාක්ෂාත කරගැනීම පිණිස ලැබුණු කදිම අවස්ථාවක් බව ඔහුගේ විග්‍රහයයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පක්ෂයේ සභාපති පදවිය හැරගියේ කැමැත්තෙන් නොවන බැවින්, නව ජනාධිපතිවරයාගේ ඉදිරි ක්‍රියාමාර්ගවලට ඔහු බාධා කිරීමේ හැකියාවක් පවතින්නේ නොවේදැයි විමසොඕ අවස්ථාවේ වික්ටර් අයිවන් කියා සිටියේ මැතිවරණයට පෙරාතුව හිටපු ජනාධිපතිවරයාට තිබුණු බලය පරාජයෙන් අනතුරුව ශීඝ්‍රයෙන් පිරිහෙමින් තිබෙන බවයි.
"ඔය නායකත්වය භාරදීම කෙරෙහි බලපෑවේ, එයාට විශාල බයක් ඇතිවුනා එයාට සහ එයාගේ පවුලේ සාමාජිකයන්ට, විශේෂයෙන්ම එයාගේ දරුවන්ට අදාළ වන ආකාරයට පරීක්ෂණ ආරම්භ කරයි කියල," යනුවෙන් ද ඔහු සඳහන් කළේය.
"එයා ඇත්තටම අපේක්ෂා කළේ මේ පදවි පූජාවෙන් කරුණාකරලා මට, මගේ පවුලේ අයට එරෙහිව කරන මේ පරීක්ෂණ අත්හරින්නයි කියන එක."
"එයා ඇත්තටම අපේක්ෂා කළේ මේ පදවි පූජාවෙන් කරුණාකරලා මට, මගේ පවුලේ අයට එරෙහිව කරන මේ පරීක්ෂණ අත්හරින්නයි කියන එක"
නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම පරීක්ෂණවලට කිසිදු බලපෑමක් කරනු නැති බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් ගේ විග්‍රහයයි.
දින සියයකට පසුව පැවැත්වීමට නියමිත මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන වෙනම තරඟ කරනු ඇති බව පවසන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා කෙසේ නමුත් රටට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කොට සමස්ත ක්‍රමයේ දැවැන්ත වෙනසක් කිරීම සඳහා දින සියයක් ප්‍රමාණවත් නැති බව අවධාරණය කරයි.
රාජපක්ෂ පරිපාලනයට එරෙහිව එල්ල වන චෝදනා ඇතුළු බොහෝ කරුණු සම්බන්ධයෙන් විමසීම පිණිස සාකච්ඡාවක් ලබා දෙන මෙන් සංදේශය පසුගිය සිකුරාදා ඉල්ලීමක් කළ අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂකියා සිටියේ, මේ අවස්ථාවේ තමන් එවැනි සාකච්ඡාවකට සූදානම් නොමැති බවයි.