- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
රිකුණාමලයෙන් ව්‍යාජ ඡන්ද පත්‍රිකා හමු වේ
6 ජනවාරි 2015 අවසාන වරට යාවත්කාලීන කළේ 17:59 GMT
BBC Sandeshaya
ඡන්දදායකයන් නොමග යැවීමේ අරමුණින් ප්‍රධාන ජනාධිපති අපේක්ෂකවරයන්ගේ නම් ඉදිරියෙන් වැරදි ඡන්ද සලකුණු යොදා සකසන ලද ව්‍යාජ ඡන්ද පත්‍රිකා ත්‍රිකුණාමලයෙන් හමු වෙයි.
එක් ව්‍යාජ ඡන්ද පත්‍රිකාවක ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනගේ හංස ලකුණ වෙනුවට ත්‍රීරෝද රථයක් යොදා තිබෙන අතර බුලත් කොලය ඉදිරියෙන් කතිරය යොදා තිබේ.
තවත් පත්‍රිකාවක මහින්ද රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකවරයාගේ නමට ඉදිරියෙන් ඇති බුලත් කොලය කළු පැහැ ගන්වා හංසයාට ඉදිරියෙන් කතිරය සලකුණු කර තිබෙන අතර එහි සිරිතුංග ජයසූරිය අපේක්ෂකයාගේ නම ඉදිරියෙන් එක්සත් ජාතික පක්ෂයේ අලියා සලකුණ යොදා තිබෙන බවයි කන්තලේ වාර්තාකරු ආර් ජී ධර්මදාස කියා සිටියේ.
ව්‍යාජ ඡන්ද පත්‍රිකා බෙදා හරිමින් සිටි පුද්ගලයන් පළා ගිය නමුත් පත්‍රිකා තොගය තමා භාරයට ගත් බවයි පොලිසිය පැවසුවේය.
ව්‍යාජ ඡන්ද පත්‍රිකා බෙදා හරින පිරිස් අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි වීම සම්බන්ධයෙන් හිටපු බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන සිය අප්‍රසාදය පළ කළේය.
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කන්තලේ නිවස තුළ පවත්වා ගෙන යන මෙහෙයුම් කාර්යාලයට ජනාධිපතිවරණ ප්‍රචාරණ කාර්යාල ඉවත් කිරීමේ යෙදී සිටි මැතිවරණ නිලධාරීන් සහ පොලිසිය පැමිණි අවස්ථාවේ ඔහු ඒ බව කියා සිටියේය.
'මෝඩ වැඩක්'
‘දැන් ඊයෙත් අර කොළ බෙදනවා කිව්වා. බලන්නකෝ ඔයාලා කට්ටිය ඇවිල්ලා කරලා තියන මෝඩ වැඩේ. නිකං ඇවිල්ලා අහලා කවුද මේ කොළ බෙදන්නේ, පොලිසියේ මිනිස්සු දැන ගන්න එපෑ සිවිල් එවලා මේ බෙදන එකා අත්අඩංගුවට ගන්න’ යනුවෙන් හිටපු අමාත්‍යවරයා නිවසට පැමිණි නිලධාරීන්ට කියා සිටියේය.
ව්‍යාජ ඡන්ද පත්‍රිකා පොලීසිය භාරයට ගැනීමෙන් ඵලක් නැති බව පවසන හිටපු අමාත්‍යවරයා මෙවැනි නීති විරෝධී ක්‍රියාවල යෙදෙන එක් අයකු හෝ අත්අඩංගුවට ගන්නේ නම් මෙවැනි ක්‍රියා සම්පුර්ණයෙන්ම නැවැත්තිය හැකි බව එහිදී පැවසීය.
මැතිවරණ නිලධාරීන් සහ පොලිසිය හිටපු අමාත්‍යවරයාගේ නිවසට පැමිණෙන විට ඔහු ස්නානය කිරීම සඳහා සුදානම් වී තුවායක් හැඳ සිටි බවයි කන්තලේ වාර්තාකරු ආර් ජී ධර්මදාස සංදේශයට කියා සිටියේ.