The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

දිනපු මෛතී‍්‍රපාල ගෙදර ඉඳලා පැරදුණු රාජපක්ෂට රට පාලනය කරන්න පුළුවන්ද! Empty දිනපු මෛතී‍්‍රපාල ගෙදර ඉඳලා පැරදුණු රාජපක්ෂට රට පාලනය කරන්න පුළුවන්ද!

Mon Jan 05, 2015 10:46 am
දිනපු මෛතී‍්‍රපාල ගෙදර ඉඳලා පැරදුණු රාජපක්ෂට රට පාලනය කරන්න පුළුවන්ද!
January 4, 2015 03:33 pm
Ada Derana Sinhala

රාජපක්ෂ මැතිවරණ ව්‍යාපාරය මුළුමනින්ම බිඳ වැටී ඇති බව ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

එහිදි ඒ මහතා දැක්වු අදහස් පහත පරිදි වෙයි.

"මේ ජනාධිපතිවරණය ගෙනාවේ ව්‍යවස්ථාවට, රටේ නීති රෙගුලාසිවලට, අණපනත්වලට පටහැනිවයි. ඒ නිසා මේ ජනාධිපතිවරණය නීති විරෝධියි. මෙම ජනාධිපතිවරණයට රාජපක්‍ෂ තරඟ වැදීමත් නීති විරෝධියි. ඒ වගේම මේ මැතිවරණයේදී රාජපක්‍ෂගේ කටවුට්, දන්සැල්, භාණ්ඩ බෙදීම්, බැලූවාම මේ මැතිවරණයට මොනතරම් මුදල් ප‍්‍රමාණයක් පොම්ප කරනවාදැයි රටේ ජනතාවට බලාගන්න පුළුවන්. අනුරාධපුර ආණ්ඩුවේ රැළියට ලංගම බස් විශාල ප‍්‍රමාණයක් යොදාගත්තා. මැතිවරණ නිලධාරීන් විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ ඒ ගැන ප‍්‍රශ්න කරද්දී බස්වලට කෝටි දෙකහමාරක් ගෙවු බව කිව්වා.

අනුරාධපුරයේ, සල්ගාදු පිට්ටනිය කෝටි ගාණක් වියදම් කරලා කොංකී‍්‍රට් කළා. රැළිය අවසන්වෙලා නැවත කෝටි ගාණක් වියදම් කරලා තණකොළ ඉන්දනවා. අපි මේරටේ ජනතාවගෙන් අහනවා රාජපක්‍ෂගේ එක ජනහමුවකට පමණක් කෝටි 7ක්-8ක් වියදම් කරන්න ඕනැද? මේ තරම් ජනතා මුදල් ප‍්‍රමාණයක් මේ රාජපක්‍ෂ ජනාධිපතිවරයා නාස්ති කරනවා.

ඒ වගේම රාජ්‍ය දේපළ, රාජ්‍ය මාධ්‍ය විශාල ලෙස රාජපක්ෂගේ මැතිවරණයට යොදාගෙන තිබෙනවා. රාජ්‍ය මාධ්‍ය මුළුමනින්ම ශී‍්‍ර.ල.නි.පයේ ශාඛා සමිතියක් බවට පත්කරගෙන. රාජපක්‍ෂගේ වර්ණනාව, ප‍්‍රතිපත්ති උත්කර්ෂයට නගමින් විපක්‍ෂයට විශාල ලෙස මඩ ගහමින් තිබෙනවා.

දැන් ක‍්‍රමාණුකූලව ප‍්‍රචණ්ඩත්වය මුදාහරිමින් තිබෙනවා. විපක්‍ෂයේ වේදිකාවලට ගිණි තබමින්, වෙඩි තබමින් බම් මට්ටමේ සාමාන්‍ය ජනතාව භීතියට පත්කරමින් තිබෙනවා. ඊයේ අම්බලංගොඩදී අපේ පක්‍ෂයේ සාමාජිකයෙකුට පහර දී නිවසට අලාභහානි කරලා තිබෙනවා.

රාජපක්‍ෂ ජනාධිපතිවරයාට අලූතින් කියන්න දෙයක් නැහැ. ඔහුගේ එකම ඡන්ද ව්‍යාපාරය විපක්‍ෂයට මඩ ගැසීම පමණයි. රනිල්-මෛතී‍්‍ර හොර ගිවිසුම ගැන කියන්න පටන් ගත්තේ ඒ නිසයි. මෙම ගිවිසුම ආණ්ඩුව විසින් සකස් කරන ලද ආණ්ඩුවේම අය අත්සන් කරන ලද ආණ්ඩුව විසින් ප‍්‍රසිද්ධ කරන ලද ඒවා.

ඒ වගේම ආණ්ඩුවෙන් ඉවත්වුණු අයගේ පරණ කතා යොදාගෙන දැන්වීම් ප‍්‍රචාරය කරමින් විකාර සහගත ඡන්ද ව්‍යාපාරයක් ගෙනියනවා. පරණ කතා යොදාගන්නවා නම් දැන් ආණ්ඩුව ඇතුළේ ඉන්න ගොඩක් අය මහින්ද ගැන කියපු ඒවා තියෙනවා. කෙහෙළිය රඹුක්වැල්ල, වීරවංශ මහින්ද රාජපක්‍ෂ විවේචනය කරපු කතා තිබෙනවා.

ඒකෙන් පේනවා මහින්ද රාජපක්‍ෂ වැටිලා ඉන්න තැන. ඒ වගේම වෙන කවරදාටත් වඩා ති‍්‍රවිද හමුදාව රාජපක්‍ෂගේ මැතිවරණ ව්‍යාපාරයට යොදවාගෙන තිබෙනවා. කැන්වසිං යවනවා. පෝස්ටර් ගහනවා. නිවාස කුලියට අරගෙන කණ්ඩායම් වශයෙන් රඳවලා විවිධ මැතිවරණ කටයුතුවලට යොදාගන්නවා. හමුදාවේ ඉහළ නිලධාරීන් ලවා පහළ නිලධාරීන්ට බලපෑම් කරමින් ඉන්නවා. මේ රටේ මැතිවරණයට, දේශපාලනයට පොලිස් නිලධාරීන් යොදාගත් අවස්ථා අප දැක තිබෙනවා.

හමුදාව දේශපාලන කටයුතුවලට යොදාගත්ත අවස්ථා මේ තරම් අප දැක නැහැ. රාජපක්‍ෂලාට මේ කිසිදු සදාචාරයක් අදාළ නැහැ. ඔවුන්ගේ එකම අරමුණ බලය පමණයි. රටේ තිබෙන සියලූ නීති රෙගුලාසි අහෝසි කර දමා තිබෙනාව. මේ රාජපක්‍ෂලාට බලය අතහැර ඉන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා සියලූ සදාචාරසම්පන්න දේවල් කෙළෙසලා බලය රැකගන්න උත්සාහ දරනවා. මේ සියල්ල කළත් රාජපක්‍ෂට පරාජයෙන් ගැලවෙන්න බැහැ.

2010දී මහින්ද රාජපක්‍ෂ වටා සිටි බොහෝ දෙනා ඔහු අතහැර ගොස් තිබෙනවා. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ විශාල පිරිසක්, හෙළ උරුමය, රිෂාඩ් බද්යුදීන්ගේ පක්‍ෂය, රාජපක්‍ෂ අතහැර ගිහින්. කලාකරුවන් විශාල ප‍්‍රමාණයක්, රාජපක්‍ෂ වෙනුවෙන් ලියපු මාධ්‍යවේදීන් විශාල ප‍්‍රමාණයක්, මුළුමහත් සමාජයෙන් විශාල ප‍්‍රමාණයක් රාජපක්‍ෂට එරෙහිව කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා ජනවාරි 08වැනිදා රාජපක්‍ෂගේ පරාජය නියත බව සහතිකයි.

ඒ නිසා දැන් ඔවුන් කොහොම හරි දිනනවා කියල මතයක් ගොඩනගන්න උත්සාහ කරනවා. කොහොමද ”කොහොම හරි” දිනන්නේ. රාජපක්‍ෂ දිනන්න නම් රාජපක්‍ෂට ජනතාව ඡන්දය දෙන්න ඕනෑ. අද රාජපක්‍ෂට ජනතාව ඡන්දය නොදෙන බව විශ්වාසයි. එනිසා ආණ්ඩුව ජනතාව තුළ දෙගිඩියාවක්, සැකයක් ඇතිකරන්න උත්සාහ දරනවා. රාජපක්‍ෂගේ මැතිවරණ ව්‍යාපාරය මුළුමනින්ම බිඳවැටිලා. ඡන්දයට බෙදන්න සැලසුම්කර තිබුණු කැලැන්ඩර්, බඩු තොග, බෙදාගන්න බැරිවෙලා තිබෙනවා. පෝස්ටර් ටික ගහගන්න බැරිවෙලා තිබෙනවා. පහළ මට්ටමේ ඉන්න ආසන සංවිධායකවරු, ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරු පදාසයක් මහින්දගෙන් ගැලවිලා. රාජපක්‍ෂගේ පතුළ ගැලවෙමින් තිබෙනවා. පහළ යාන්ත‍්‍රණය බිඳවැටිලා. රාජපක්‍ෂගේ සැලසුම් සියල්ල අසාර්ථක වෙලා තිබෙනවා.

පැරදුනත් යන්නේ නැහැ කියලා කියනවා. හමුදාව යොදාගනිමින් බලය රැකගන්න උත්සාහ කරනවා. එවැනි තත්වයකට අප ඉඩ තියන්නේ නැහැ. හමුදාවේ ඉහළ වරදාන වරප‍්‍රසාද නිලතල දුන්නු කුඩා පිරිසක් රාජපක්‍ෂලා දිනාගෙන හිටියට හමුදාවේ පතුළ රාජපක්‍ෂලාට එරෙහිව කටයුතු කරනවා.

ඒ නිසා තමයි හමුදා කඳවුරුවල නිලධාරීන් අපිට අභ්‍යන්තර තොරතුරු ලබාදෙන්නේ. කුඩා කුඩා දේවල් කළාට රාජපක්‍ෂලාගේ බලය ආරක්‍ෂා කරගන්න හමුදාව යොදාගන්න ඔවුන්ට පුළුවන්කමක් නැහැ. එවැනි තත්වයකට මේ රටේ ජනතාව ඉඩ තියන්නෙත් නැහැ. එවැනි දෙයක් සිදුවුවහොත් මේ රටේ දේශපාලනයට අනාගතයට එය බරපතළ තත්ත්වයක්.

බෙංගමුවේ නාලක හාමුදුරුවෝ වගේම රාජපක්‍ෂත් කියලා තිබෙනවා අවුරුදු දෙකකට කලින් ඡන්දෙ ගෙනාපු නිසා පැරදුණත් අවුරුදු දෙකක් ඉන්න පුළුවන් කියලා. ඒවගේ නීති තියෙන්නේ මොන රටේද? දිනපු මෛතී‍්‍රපාල ගෙදර ඉඳලා පැරදුනු රාජපක්‍ෂට රට පාලනය කරන්න පුළුවන්ද? ජනතා විමුක්ති පෙරමුණ ජනතා බලවේග ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්‍ෂා කරදෙන්න පොරොන්දු වෙනවා. රටක ජනතාවට අයිතියක් තිබෙනවා තමන් කැමැති පාලකයෙක්, තමන් කැමති පාලනයක් ගොඩනගා ගන්න. අකැමැති පාලකයන් එලවා හරින්න. ඒ අයිතිය උදුරාගන්න රාජපක්‍ෂලාට පුළුවන්කමක් නැහැ.

එනිසා අපි ජනතාවට කියන්නේ සැකයකින් තොරව ඔබේ ඡන්දය පාවිච්චි කරන්න කියලා. ඡන්දපොළට නොගිහින් ඉන්න එපා. මෙම ජනාධිපතිවරණය ඉතාම තීරණාත්මක එකක්. ජනවාරි 08වැනිදා මහින්ද රාජපක්‍ෂ ජයග‍්‍රහණය කළහොත් ඔහු 2022 දක්වා තවත් අවුරුදු 07ක් රට පාලනය කරනවා. මේ වගේ පවුලක්, කල්ලියක් අවුරුදු 17ක් රට පාලනය කළ යුතු නැහැ. එවැනි පාලකයින් පළවා හැරීමට ජනතාවට ලේ වැගිරීම් පවා කරන්න සිදුවෙනවා.

එනිසා මැතිවරණයේදී මෙම පාලනය වෙනස් කිරීම අතහරින්න එපා. ඡන්දපොලේදී මහින්දට එරෙහිව ඔබේ ඡන්දය පාවිච්චි කරන්න. අප මැතිවරණ කොමසාරිස්වරයා සමග ඡන්ද අයිතිය ආරක්‍ෂා කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. මැතිවරණ ප‍්‍රතිඵලය නිකුත් කිරීම දක්වා ජනතාවගේ ඡන්දය ආරක්‍ෂා කරන බවට අපි පොරොන්දු වෙනවා.

සැක සහිත තැන් සියල්ල පිළිබඳව අපි මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කර තිබෙනවා. මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ යාන්ත‍්‍රණය අනුව ඔබේ ඡන්දය ආරක්‍ෂා කරන්න පුළුවන්. එසේ නැතිනම් ජනතා විමුක්ති පෙරමුණ සුවිශේෂී යාන්ත‍්‍රණයක් සකස් කොට තිබෙනවා ප‍්‍රතිඵලය දක්වා ඔබේ ඡන්දය ආරක්‍ෂා කරන්න.

එනිසා දෙගිඩියාවකින් තොරව ඔබේ ඡන්දය පාවිච්චි කරන්න. ජනවාරි 08වැනිදා මේ දුෂිත පවුල් පාලනය පළවා හරින ලෙස අපි ජනතාවගෙන් ඉල්ලනවා. "
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum