- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලන්න අපිට ඕනෑ නෑ
January 1, 2015 02:49 pm
Ada Derana
ආණ්ඩුව පදනම් විරහිත චෝදනා නඟන්නේ තම පක්ෂයත් ද්‍රවිඩ ජාතික සන්ධානයත් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය ලබාදීමට ගත් තීරණය නිසා යැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පවසයි.
උතුරු - නැගෙනහිර ඒකාබද්ධ කර පාලනයක් ඉල්ලීමට කිසිදු හේතුවක් තම පක්ෂයට නැති බවද අපට අවශ්‍ය යහපාලනය පමණක් බවද අද (01) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා කීවේය.
යහපාලනය උදෙසා රජයෙන් ඉවත් වූ බවත්, එසේ ඉවත් වීමෙන් පසු අසත්‍ය ප්‍රචාර ආණ්ඩුව විසින් ගෙන යන බවත්, හකීම් මහතා පැවසීය.
ආණ්ඩුව එලෙස චෝදනා නඟන්නේ තම කටයුතු ගැන හරිහැටි නොදැන බවත්, ජනාධිපතිවරයාත් එසේ චෝදනා නැඟීම කනගාටුවක් බවත්, රවුෆ් හකීම් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
එම මාධ්‍ය හමුවට එක්වූ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා පැවසුවේ පෙර මෙන් නොව දැන් දෙමළ ජනතාව තුළ මේ රට අපේ රට කියන හැඟීම හිත් තුළ නිර්මාණය වී ඇති බවයි.
ඉස්සර ද්‍රවිඩ ජනතාව තුළ රටේ කොටසක් කියන හැඟීම තිබූ නමුත් දැන් එවැනි හැඟීමක් නැතිවීම ගැන රජය හරිනම් සතුටු විය යුතු බවත්, ඒ මහතා පෙන්වාදුන්නේය.
රාජ්‍ය කියන්නේ එකක් බවත්, ආණ්ඩුව කියන්නේ තවත් එකක් බවත්, අපිට ඕනෑ රාජ්‍ය රකින්න මිස ආණ්ඩුව රැකීමට නොවන බවද ඒ මහතා පැවසීය.
පටුදේශපාලන වාසිවලට බොරු කීමෙන් වළකින්නැයි ඉල්ලා සිටින බවත්, කිසිදු ගිවිසුමක් නැති බවත්, බොරුවෙන් හානි වෙන්නේ මව්බිමට පමණක් බවත්, මනෝ ගනේෂන් මහතා කීවේය.
බාරකාරයින් එනවා යනවා නමුත් රාජ්‍ය පවතින්න ඕනෑ යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.