- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට
පැයකට පෙර
BBC Sinhala
දෙමළ ජාතික සන්ධානය ඉදිරි ජනාධිපතිවරණ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ට සහයෝගය පළ කිරීමට තීරණය කරයි.
අද, අඟහරුවාදා මාධ්‍ය හමුවේදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මේ බව අනාවරණය කරමින් කියා සිටියේ දෙමළ ජාතික සන්ධානය කිසිදු කණ්ඩායමක් සමඟ ගිවිසුම් වලට එළඹ නැති බවයි.
ගිවිසුම්
ජනාධිපතිවරණයට තරඟ වදින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා දරන ස්ථාවරය පිළිබඳව දෙමළ ජාතික සන්ධානය ඉතා උනන්දුවෙන් බලා සිටි බව මාධ්‍ය සාකච්ඡාවට එක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් ප්‍රකාශ කළේය.
එපමණක් නොව පසුගිය සති කිහිපය තුල උතුරු නැගෙනහිර පලාත්වල වෙසෙන දෙමළ ජනතාවගේ මතය විමසා බැලූ බවත් ඉන් අනතුරුව දෙමළ ජාතික සන්ධානයට අයත් සියලු පක්ෂ ඉදිරි ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ට සහය පල කිරීමට තීරණය කළ බවත් ඔහු පැවසුවේය.
දේශපාලන විසඳුමක් සම්බන්ධයෙන් පොදුවේ සෑම පක්ෂයක් සමඟම සාකච්ඡා කල බව සඳහන් කල දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් කියා සිටියේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සමඟ විශේෂ එකඟතාවක් ඇති කර ගෙන නැති බවයි.
“දේශපාලන විසඳුමක් සම්බන්ධයෙනුත් එකඟතාවක් නැහැ. කඳවුරු ඉවත් කරන කරුණු සම්බන්ධයෙනුත් එකඟතාවයක් මොනවත් නැහැ, ” යනුවෙන් ඔහු මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසුවේය.
ප්‍රජාතන්ත්‍රවාදය
මුළු රටේ තිබෙන තත්වය සැලකිල්ලට ගෙන දෙමළ ජාතික සන්ධානය මෙම තීරණය ගත් බවත් ප්‍රජාතන්ත්‍රවාදය නැවත නිර්මාණය කළ යුතුය යන පදනම තම පළමු අපේක්ෂාව බවත් ඔහු ප්‍රකාශ කළේය.
ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණයක් ඇති කළාට පසු දේශපාලන පක්ෂ සමඟ ඉදිරි ප්‍රශ්න සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් එවැනි තත්වයක් යටතේ සාකච්ඡා කිරීමට පහසුකම් සැලසෙන බව සඳහන් කළේය.
රටේ ප්‍රජාතන්ත්‍රවාදය යළිත් ඇති විය යුතු බවත් එය දෙමළ ජනතාවට පමණක් නොව ශ්‍රී ලංකාවේ වෙසෙන සියලුම ජන කොටස් වලට අදාළ වැදගත් ප්‍රශ්නයක් බවයි ඔහු කියා සිටියේ.
- HAL9000Top contributor
- Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo
Re: දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට
අම්මේ තාත්තේ, මෙන්න විදෙස් කුමන්ත්‍රන, කොටි පුල්ලි, ඩයස්පොරාව, දිනු නිදහස, විදුලි පුටුව, රට බෙදනවා, හොර ගිවිසුම, ජිනීවා, ඔබේ දරුවා මගේත් දරුවා, කෑස කවනවා, ඊලම දෙනවා, හෙට උපදින දරුවගේ අනාගතය !!!
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට
(www.randora.lk-30/12/14) – කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය ලලිතසිරි ගුණරුවන් හා ආචාර්ය ඞී. එස්. ජයවීර මහත්වරුන්ගේ මූලිකත්වයෙන් යුතු සමීක්‍ෂණ කණ්ඩායමක් විසින් සිදුකළ දෙසැම්බර් මස 27 දින නිකුත් කළ වාර්තාවට අනුව මේවනවිට මෛත‍්‍රිපාල සිරිසේන මහතා 53%ක් ලබා ගනිමින් ඉදිරියෙන් සිටින බව මෛත‍්‍රිපාල සිරිසේන පාර්ශ්වය කියයි.
මේ පිළිබඳව අප රන්දොර මාධ්‍ය කණ්ඩායමද පසුගියදා වාර්තා කර සිටියේය. දෙමළ ජාතික සන්ධානය ඉදිරි ජනාධිපතිවරණ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය පළ කිරීමට මේ අතරේ තීරණය කර ඇති බව අද පවසා සිටියේ වාර්ගික අර්බුදයට ස්ථීරසාර විසදුමක් ලබා දිමට වත්මන් රජය අපොහොසත් විම නිසා බව එහි නායක ආර්.සම්බන්ධන් මහතා මාධ්‍ය හමුවේ අද සඳහන් කළේය
උතුරු පලාත හැර සෙසු දිස්ත‍්‍රික්ක ආවරණය වන පරිදි 1,000 කට ආසන්න නියැදියක සමීක්ෂණ ප‍්‍රතිඵල වලට අනුව 53% ක් ලබාගනිමින් මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ වනවිට ඉදිරියෙන් සිටී. මෙම සමීක්ෂණය මූලික වශයෙන් සිංහල ඡුන්දදායකයින් මත පදනම්ව සිදු කර ඇති අතර දෙමළ හා මුස්ලිම් ඡන්ද දායකයින්ගේ ඡන්ද සමසමව මහින්ද රාජපක්ෂ හා මෛත‍්‍රීපාල සිරිසේන මහත්වරු බෙදී යනු ඇතැයි උපකල්පනය කර ඇත. එම තත්වයන් යටතේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා වැඩිඡන්ද ලක්ෂ දෙකකින් ජයග‍්‍රහණය කරනු ඇතැයි සමික්ෂණ වාර්තාවෙන් පෙන්වා දී ඇත.
කෙසේවුවද මේවනවිටත් සියළු ප‍්‍රධාන මුස්ලිම් පක්ෂ මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහයදෙන බව ප‍්‍රකාශ කර ඇති බැවින් මෛත‍්‍රීපාල සිරිසේන මහතා තවත් ඡුන්ද ලක්ෂ 2 ක් එනම් ලක්ෂ 4 ක වැඩි ඡුන්ද ප‍්‍රමාණයකින් ජයග‍්‍රහණය කිරීමට ඉඩ ඇත. තවද දෙමළ ප‍්‍රධාන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය, මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත කොන්දෙසි විරහිතව සහය ලබා දීමට තීරණය කළහොත් මෙම පරතරය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට වාසි සහගත ලෙස තවදුරටත් ලක්ෂ 5කින් පමණ ඉහළ යනු ඇත. එබැවින් 2015 ජනාධිපතිවරණයෙන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා වැඩිඡන්ද ලක්ෂ 9 කින් මහින්ද රාජපක්ෂ පරාජයට පත් කිරීමට ඇත.
සමීක්ෂණ වාර්තාවේ දක්වා ඇති ආකාරයට අනුව මහින්ද රාජපක්ෂ මහතාට 2010 වසරේ ජනාධිපතිවරණයේ දී ඡන්දය දුන් ඡන්දදායකයින් ගෙන් 28%ක් මේවනවිටත් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඡුන්දය දීමට තීරණය කර ඇත. 2010 දී මහින්ද රාජපක්ෂ මහතාට ඡන්ද ලබාදුන් තවත් 11%ක් මෙවර ඡන්දය දෙන්නේ කාටදැයි තවමත් තීරණය කර නැත. කෙසේවුවද මෙම සමීක්ෂණ ප‍්‍රතිඵල වලට අනුව මෙවර ප‍්‍රථම වතාවට ඡුන්ද ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්දදායකයින් අතරින් 38% මහින්ද රාජපක්ෂ මහතා ඡුන්දය ලබාදීමට තිරණය කර ඇති අතර මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඡුන්දය ලබාදීමට තීරණය කර ඇත්තේ 33% ක් පමණි. සෙසු අළුත් ඡුන්දදායකයින් තවමත් කිසිදු ප‍්‍රධාන අපේක්ෂයකුට ඡන්ද ලබාදීමට තීරණය කර නැත. එමෙන්ම මෙම සමීක්ෂණ වාර්තාවට අනුව තවමත් ඡන්දදායකයින්ගෙන් 13-15%ක් අතර ප‍්‍රමාණයක් ඡන්දය පාවිච්චි කිරීම පිළිබඳ අවසන් තීරණයක් ගෙන නැත.
මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ කොළඔ විශ්වවිද්‍යාලයයේ කථිකාචාර්ය ආචාර්ය ලලිතසිරි ගුණරුවන් හා ආචාර්ය ඞී. එස්. ජයවීර මහත්වරුන්ගේ මූලිකත්වයෙනි.
- chinwiTop contributor
- Posts : 999
Join date : 2014-02-23
Re: දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට
මෙයා මීට කලින් ආශිර්වාද කල එක්කෙනත් රජ උනා නේ.
අපායෙ.
Opposition Common candidate Mr Maitripala Sirisena received blessings from Bishop of Mannar, Rev Dr Rayappu Joseph yesterday.
- HAL9000Top contributor
- Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo
Re: දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: දෙමළ ජාතික සන්ධානයේ සහය මෛත්‍රීට
HAL9000 wrote:මහින්ද රාජපක්ශ ජනපති තුමා පෑරදුනොත් රට අස්තාවර වී ඊලම බිහිවේලු. අනේ වයස 70 ක් පමන වන එතුමට හදිසි කරදරයක් හෙම වුනෝතින් (එසේ නොවේවා)මෙරට ඊලම බිහිවී අපට මුහුදේ පෑනීමට සිදුවන සෙයකි. අපෙ ජනපති දෙවියන් රෑක දෙත්වා.
- සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ
- " සිංහල ජනතාව අපිව බලා අඩියක් ගත්තොතින් දෙමළ ජනතාව අඩි 10ක් අරගෙන ඔගොල්ලන් ඉදිරියට එනවා සහෝදරත්වය වෙනුවෙන්" - Vigneshwaran
- දළ ජාතික නිෂ්පාදිතයට 41% ක් බස්නාහිරින්
- මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
- ජාතික ආණ්ඩුවේ ඇමති මණ්ඩලය දිවුරුම් දීම කල් යයි