- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද?
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා පසුගියදා පාර්ලිමේන්තුවේ දී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු සැපයූ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කර සිටියේ 2012 වර්ෂයේ නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු ආනයනය කිරීමේදී රුපියල් මිලියන 1507 ක වංචාවක් සිදුවී ඇති බවයි.
එවකට විදුලිබල ඇමති වූ පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා අදාළ සිදුවීම සම්බන්ධයෙන් තමන් ගත් තීන්දු සහ ඊට අදාළ ලිපි ලේඛන හා සාක්ෂිද පදනම් කරගෙන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ උදෑසන කැඳවා තිබිණ.
එහිදී අදහස් දැක්වූ ඇමති චම්පික රණවක මහතා,
2012 වර්ෂයේදී ලංකා විදුලිබල මණ්ඩලයේ හෝ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අනුදැනුමකින් තොරව ශ්‍රී ලංකාවට ගල් අඟුරු ආනයනය කර ඇති බවත් ඒ වනවිටත් ඒවා ගොඩබා අවසන් බවත් සති අන්ත පුවත්පතකින් අනාවරණය කළේය. ඒ පිළිබඳව විමසීමේදී වරාය අධිකාරියේ සහ නැව් සංස්ථාවේ මෙහෙයවීම මත ඉන්දුනීසියාවේ තෝරියන් සමාගමේ ගල් අඟුරු සහිත නැව් දෙකක් දිවයිනට ආසන්න මුහුදු තීරයට ගෙන්වා ඇති බවත් ඒවා මිලට ගැනීමට ගල්අඟුරු සමාගම සූදානම් බවටත් හඳුනාගෙන තිබේ. මේ පිළිබඳව 2012.12.03 වන දින අමාත්‍යවරයාගේ උපදෙස් මත විශේෂ රැස්වීමක් කැඳවීය. ඒ සඳහා ලංවිම, ලංකා කෝල් සමාගම සහ අමාත්‍යාංශ ඉහළ නිලධාරීන් සහභාගී විය.
එහිදී ගත් තීරණය වූයේ නිවැරදි පිරිවිතරයන්ට අදාළ නොවන සියළුම ගල්අඟුරු තොග ප්‍රතික්ෂේප කළ යුතු බවත් ගොඩබා හෝ මුහුදු තීරයට ආසන්න ප්‍රදේශයේ ඊට අදාළ නැව් පවතින්නේ නම් ඒවා හරවා යැවිය යුතු බවත්ය. එමෙන්ම අවශ්‍ය ගල් අඟුරු රු ලංවිම පවතින රෙගුලාසි මත දැනට ගල් අඟුරු සපයන නොඛෙල් සමාගමෙන් මිලදී ගන්නා ලෙසට ද තීරණය විය. කෙසේ වෙතත් නීතිපතිතුමාගේ උපදෙස් ලබාගැනීමට විවිධ පිරිස් කටයුතු කිරීමෙන් අනතුරුව තෝරියන් සමාගමට අයත් නිසි ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු තොග බලාගාර භූමියට ගොඩබෑමට ලංකා ගල් අඟුරු සමාගම කටයුතු කළේය.
එහිදී ඇමතිවරයෙකුට හිමි බලතල භාවිත කරමින් විදුලිබල අමාත්‍යාංශය ලබාදුන් උපදෙස් පිළිනොගත් ලංකා ගල් අඟුරු සමාගමේ එවක සභාපති තිස්ස හේරත් මැතිතුමාව 2013.01.21 වන දින ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළේය. එමෙන්ම 2013.01.24 වන දින නව අධ්‍යක්ෂක මණ්ඩලයක් පිහිටුවා සිදුවූ අක්‍රමිකතාව සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන ලෙස ද තමන් නියෝග කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය. පරීක්ෂණය ආරම්භ කර දින හයකින් තමන්ට එම ධුරයෙන් ඉවත්වීමට සිදුවූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ වංචා සහගත ගණුදෙනුව පිළිබඳව අනිවාර්යෙන්ම පරීක්ෂණයක් සිදුකළ යුතු අතර මෙයට සම්බන්ධ පිරිස්වලට වහා දඬුවම් ලබාදිය යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. මෙවැනි තාක්ෂණික වංචාවන් අති විශාල වශයෙන් රටපුරා සිදුවන අතර දැනට ගල් අඟුරු ටෙන්ඩරය ලබාදීම සම්බන්ධයෙන්ද ඉතාම ගැටළුකාරී තත්ත්වයක් තිබේ. මෙම දූෂණ සහ වංචා සොයාබැලීම සඳහා ව්‍යවස්ථාපිත ආයතනයක් රටේ පිහිටුවීම අනිවාර්ය බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.
මෙවැනි ප්‍රශ්න නැවත මතුවීම මහජනතාවගේ අනාගතයට සුභදායී අතර වංචා දූෂණ සිදුකරනු ලබන පුද්ගලයන් සොයා බලා දඬුවම් දීමට ද ඉන් හැකිවේ. මෙම වංචාව පිළිබඳව නැවත මතුකිරීම පිළබඳව තමන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිතුමියට සහ ප්‍රශ්නය නැගූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතාට ස්තුතිවන්ත වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද?
නැතිනම්, පවිත්රා දේවි, රණවකව හොරාට ඇන්දුවාවත්ද?
ජාතික හෙළ උරුමය, උඩුගම් බලා පීනන මේ වෙලාවේ, චම්පික පිටුපසෙන් ඇවිත් දෙන මේ පිහිපාර, මේ රෙජීමයේ, සැබෑ අදෝනාව නොවේද?
මගේ ප්ශ්නයට හරි උත්තරය දෙන එක පවිත්රා දේවී හා චම්පික යන දෙදෙනාගේම යුතුකමය.
හොරා හිරේට යන තෙක් මගේ ගිරය, මම බුරුල් නොකරමි.
සත්යහය ජයගනී, සැම විට!
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද?
This is what we call Democratic Parliaments,
- poor boyActive Member
- Posts : 766
Join date : 2014-10-09
Re: ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද?
just see subramanium swamy. he named her, he sued her and proved she is thief.
why champika cannot do that?
he is showing white collar ghosts , what is the use sir?
if you dare name them sue them ,as public we will support you,we can collect funds to pay for lawyers.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: ගල් අඟුරු වංචාවට වගකිව යුත්තේ කවුද?
poor boy wrote:champika is talking only.no action. he is saying some white collar men are stealing. he does not name or sue them.how can we find this white collar men?all our parliament mps are like that .talk about stealing but they do not name them.they do not sue them. media shows only.wimal also talked about three horas.
just see subramanium swamy. he named her, he sued her and proved she is thief.
why champika cannot do that?
he is showing white collar ghosts , what is the use sir?
if you dare name them sue them ,as public we will support you,we can collect funds to pay for lawyers.
My dear friend, certain people in our country has immunity. Thay cannot be suied. Even their names cannot be exposed in public. We are a trapped nation in our own constitution. ?Got it.