- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ශ්‍රී ලංකා රුපියල
හර්ෂණ තුෂාර සිල්වා
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දිනෙන් දින පහළ යන ශ්‍රී ලංකා රුපියල අද (20) තවදුරටත් පහළ ගියේය.
පසුගිය පෙබරවාරි මස 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු අඛණ්ඩව පහළ යමින් තිබෙන ශ්‍රී ලංකා රුපියල, අද (20) මෙරට ඉතිහාසයේ පහළම අගය වාර්තා කරමින් රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය 161.81ක් දක්වා ඉහළ ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (20) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය 161.81 ක් වූ අතර ගැනුම් අගය 158.61ක් විය.
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල පසුගිය සතියේදී 161.50 ඉක්මවා ගිය අතර ශ්‍රී ලංකා මහ බැංකුව සිකුරාදා නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය 161.78ක් ලෙස දැක්විණි.
ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන ආර්ථික දත්තවලට අනුව මේ වසරේ ජනවාරි 1 වැනි දා සිට අගෝස්තු 17 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 4.7කින් අවප්‍රමාණය වී ඇත.
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: ශ්‍රී ලංකා රුපියල
(හර්ෂණ තුෂාර සිල්වා)
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දිනෙන් දින පහළ යන ශ්‍රී ලංකා රුපියල මේ සතියේ අඛණ්ඩව දෙවැනි දිනටත් අද (21) පහළ වැටිණි.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (21) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය 161.93ක් ලෙසත් ගැනුම් අගය 158.73ක් ලෙසත් දැක්විණි.
මේ අනුව ශ්‍රී ලංකා රුපියල අද (21) මෙතෙක් වාර්තා කළ පහළම අගය වාර්තා කළේය. ශ්‍රී ලංකා රුපියල පසුගිය පෙබරවාරි මස 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු අඛණ්ඩව පහළ යමින් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන ආර්ථික දත්තවලට අනුව මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට අගෝස්තු 17 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 4.7කින් අවප්‍රමාණය වී ඇත.
ශ්‍රී ලංකා රුපියල මේ වනවිට දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබෙන අතර, මේ වසර අවසන් වනවිට ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය 163ත් 165ත් අතර අගයක් දක්වා ඉහළ යනු ඇතැයි ගනුදෙනුකරුවන් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා මීට පෙර වාර්තා කර තිබිණි.
පසුගිය වසරේ දී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: ශ්‍රී ලංකා රුපියල
(හර්ෂණ තුෂාර සිල්වා)
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉතිහාසයේ ප්‍රථම වරට අද (24) වාර්තා ගත අයුරින් පහළ ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (24) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය 162.11ක් ලෙසත් ගැනුම් අගය 158.11ක් ලෙස සටහන් විය.
මේ අනුව එම අගය ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වාර්තා කළ පහළම අගය වූ අතර මේ සතියේදී රුපියල අඛණ්ඩව පහත වැටුණු සිව්වැනි අවස්ථාව විය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික දත්තවලට අනුව මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට අගෝස්තු 17 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 4.7කින් අවප්‍රමාණය වී තිබේ.
පෙබරවාරි මස 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු අඛණ්ඩව පහළ යමින් තිබෙන අතර මේ වසර අවසන් වනවිට ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය 163ත් 165ත් අතර අගයක් දක්වා ඉහළ යනු ඇතැයි ගනුදෙනුකරුවන් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා මීට පෙර වාර්තා කර තිබිණි.
පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ.
ඉන්දීය රුපියල අගෝස්තු 16 වැනිදා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව පහළම අගය වාර්තා කළේය. කලාපයේ දුර්වලම කාර්යසාධනයක් පෙන්නුම් කරන මුදල් ඒකකය බවට පත්ව ඇත්තේ ඉන්දීය රුපියල යැයි රොයිටර් පුවත් සේවය සඳහන් කළේය.
ගෝලීය වෙළෙඳපොළ තුළ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වෙමින් තිබෙන බවත් ඊට සාපේක්ෂව අනෙක් රටවල මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව මේ මස මුලදී සඳහන් කළේය. අනෙක් රටවල මුදල් ඒකක අව ප්‍රමාණය වීමට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී ඇත්තේ අඩු වේගයකින් බව ද මහ බැංකුව සඳහන් කළේය.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: ශ්‍රී ලංකා රුපියල
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: ශ්‍රී ලංකා රුපියල
2018 වසරේ අගෝස්තු 27 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 5.0 කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නවතම වාර්තාවකින් පෙන්වා දේ.
තවද අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල් යූරෝ, ස්ටර්ලින් පවුම, ජපන් යෙන් සහ කැනේඩියානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වූ අතර, ඕස්ට්‍රේලියානු ඩොලරය සහ ඉන්දියානු රුපියලට සාපෙක්ෂව අතිප්‍රමාණය වී තිබේ.
අද දින වන විට එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 159.1059 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 162.3064 ක් ලෙසින් සටහන් විය. අද දින නිරූපිත එතැන් එක්සත් ජනපද ඩොලරයේ විනිමය අනුපාතිකය (Indicative US Dollar SPOT Exchange rate) රු. 160.8731 කි.
පහත දැක්වෙන්නේ වසරේ මේ දක්වා කාලපරිච්ඡේදය තුළ දී විදේශ ව්‍යවහාර මුදල්වලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල හැසිරී ඇති ආකාරයයි
http://biz.adaderana.lk/2018
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: ශ්‍රී ලංකා රුපියල
Yako baldu wenawa kiyala mehemath baldu wenawada.nihal123 wrote:2018 මේ දක්වා ඩොලරය ඉදිරියේ 5% කින් රුපියල බාල්දු වෙලා
2018 වසරේ අගෝස්තු 27 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 5.0 කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නවතම වාර්තාවකින් පෙන්වා දේ.
තවද අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල් යූරෝ, ස්ටර්ලින් පවුම, ජපන් යෙන් සහ කැනේඩියානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වූ අතර, ඕස්ට්‍රේලියානු ඩොලරය සහ ඉන්දියානු රුපියලට සාපෙක්ෂව අතිප්‍රමාණය වී තිබේ.
අද දින වන විට එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 159.1059 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 162.3064 ක් ලෙසින් සටහන් විය. අද දින නිරූපිත එතැන් එක්සත් ජනපද ඩොලරයේ විනිමය අනුපාතිකය (Indicative US Dollar SPOT Exchange rate) රු. 160.8731 කි.
පහත දැක්වෙන්නේ වසරේ මේ දක්වා කාලපරිච්ඡේදය තුළ දී විදේශ ව්‍යවහාර මුදල්වලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල හැසිරී ඇති ආකාරයයි
http://biz.adaderana.lk/2018
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: ශ්‍රී ලංකා රුපියල
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: ශ්‍රී ලංකා රුපියල
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: ශ්‍රී ලංකා රුපියල
September, 4, 2018
එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද දිනයේ දී රු. 163.00 සීමාව වෙත ආසන්න විය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (04) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 159.7943ක් ලෙසින් සටහන් වන අතර එහි විකුණුම් මිල රු. 162.9973 ක් ලෙසින් සටහන් විය.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටින්නේ, මේ වන විට ලොව බොහෝ විනිමය ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වී ඇති බවයි. මේ පිළිබඳ ප්‍රස්ථාර සටහනක් පහතින් දැක්වේ.
විදුලි පණිවුඩ පැවරුම් සඳහා ශ්‍රී ලංකාවේ තෝරාගන්නා ලද ප්‍රධාන වාණිජ බැංකු විසින් දිනයේ පෙරවරු 9.30 ට ඉදිරිපත් කරන ලද ප්‍රධාන ව්‍යවහාර මුදල්වල ගැණුම් හා විකුණුම් විනිමය අනුපාතයන්හි සාමාන්‍ය අගය පදනම් කරගනිමින් දෛනික ගැනුම් හා විකුණුම් අනුපාත ගණනය කෙරේ.
වාණිජ බැංකු විසින් සපයනලද මෙම විනිමය අනුපාතය දිනයෙහි ආරම්භක අනුපාත වන අතර දිනය තුලදී විනිමය අනුපාතයන්හි උච්චාවචනයන් සිදුවුවහොත් මෙම අනුපාතය වෙනස්විය හැකිය.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: ශ්‍රී ලංකා රුපියල
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: ශ්‍රී ලංකා රුපියල
ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක් සඳහා නියම වූ ඉහළම රුපියල් අගය අද (05) දිනයේ දී වාර්තා විය.
මෙහිදී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 160.1636 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 163.3676 ක් ලෙසින් සටහන් විය.
එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 160 හා විකුණුම් මිල රු. 163 සීමාවන් ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙසින් මෙය සැලකේ
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28