- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
කැනඩාවේ ටොරොන්ටෝ වෙඩි තැබීම: කාන්තාවක් මරුට, දැරියකට අසාධ්‍යයි
Image copyright Reuters
කැනඩාවේ ටොරොන්ටෝ නුවර ජනාකීර්ණ වීදියක සිදුවූ වෙඩි තැබීමකින් තරුණ කාන්තාවක් මියගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසයි.
අට හැවිරිදි හෝ නව හැවිරිදි වියේ පසුවන ගැහැණු දරුවෙකු බරපතළ තුවාල ලබා අසාධ්‍ය තත්වයේ පසුවන බව ද පොලිසිය පැවසීය.
පොලිසිය සමග වෙඩි හුවමාරුවේදී තුවක්කුකරු වෙඩි වැදී මියගොස් තිබේ.
ඉරිදා (ජූලි 23) සන්ධ්‍යාවේ 'ඩන්ෆොර්ත්' වීදිය ජනාකීර්ණව පැවති අවස්ථාවක මෙම වෙඩි තැබීම සිදුව ඇති බව කැනඩා ග්ලෝබ් සහ මේල් යන පුවත්පත් වාර්තා කර තිබිණි.
ආපනශාලා දෙකක් ඉලක්ක කර ගනිමින් සිදු කළ මෙම ප්‍රහාරයේ අරමුණ තවමත් අපැහැදිලිය.
තද පැහැති තොප්පියක් සහ ඇඳුමක් ඇඟලා, විශාල බෑගයක් උරහිසේ එල්ලාගෙන සිටි සුදු හම සහිත පුද්ගලයෙකු, එකවර පදික වේදිකාවේ නතර වී බෑගයෙන් ඉවතට ගත් තුවක්කුවකින් වෙඩි ප්‍රහාර එල්ල කරන දර්ශන කැනේඩියානු මාධ්‍යයෙන් ප්‍රචාරය වූ වීඩියෝවක සටහන් වී තිබුණි.
Image copyright Reuters
Image caption සිද්ධිය වූ ස්ථානයට දැඩි පොලිස් රැකවල් යොදා තිබේ
සමහර තුවාලකරුවන්ට සිද්ධිය වූ ස්ථානයේදීම ප්‍රතිකාර ලබා දී තිබුණ අතර, අනෙක් අය රෝහල්ගත කොට තිබේ.
සිද්ධිය පිළිබඳ සාක්ෂි ලබා දීමට ඉදිරිපත් වන ලෙස පොලිසිය ඉල්ලා සිටී.
"ජනතාව අහිංසක ලෙස ඉරිදා සන්ධ්‍යාවේ සතුටු වෙමින් සිටි වේලාවක එල්ල කළ මෙම ප්‍රහාරය නින්දිත ක්‍රියාවක්," යැයි ටොරෙන්ටෝ නගරාධිපති ජෝන් ටෝරි පැවසීය.
කැනඩාවේ වෙඩි තැබීම් ඉතා විරල වුවත්, පසුගිය වසරවලදී ටොරොන්ටෝ නගරයේ මෙවැනි සිද්ධීන්වල වැඩිවීමක් දක්නට ලැබුණි.
මෙම මස මුලදී වාර්තා වූ වෙඩි තැබීමක් නිසා ටොරොන්ටෝ නගරයට වැඩි පොලිස් ආරක්ෂාවක් යොදවන බව නගරාධිපති ජෝන් ටෝරි තවදුරටත් පැවසුවේය.
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: කැනඩාවේ ටොරොන්ටෝ වෙඩි තැබීම: කාන්තාවක් මරුට, දැරියකට අසාධ්‍යයි
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම