- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද?
ඉතාමත් දුර්ලභ සංසිද්ධියක් වන නිවුන් අලි උපතක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වේ.
නිවුන් අලි පැටවුන් දෙදෙනා බිහි කර ඇත්තේ නැගෙනහිර වනජීවි කලාපයේ මාදුරැඔය ජාතික වන උද්‍යානයේ පනිජ්ජාඔය ප්‍රදේශයේ සැරිසැරූ ඇතින්නියක විසිනි.
කෙසේ නමුත් නිවුන් අලි පැටවුන් දෙදෙනාගේ දිවි ආරක්ෂා වී නොමැති අතර අඩු මාසයෙන් බිහි වී ඇති පැටවුන් දෙදෙනා එම අවස්ථාවේම මරණයට පත් වන්නට ඇති බව වනජීවී නිලධාරීහු පවසති.
අලි පැටවුන් දෙනොගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අම්පාර වනජීවී පශු වෛද්‍යය නිහාල් පුෂ්පකුමාර කියා සිටියේ ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා අලි පැටවුන්ගේ ශරීර කොටස් කොළඹ වෙත රැගෙන යනු ඇති බවය.
ලොව නිවුන් අලි උපත් පිළිබඳ වාර්තා වන්නේ ඉතාමත් දුර්ලභ වශයෙනි.
අම්මා කෙනෙකුට පැටියත් වටිනවා, රංචුවත් වටිනවා. නමුත් ඒ දෙකෙන් කුමක්ද තෝර ගන්නේ කියලා තීරණය කරන්න අවස්ථාවක් එනවා
පශු වෛද්‍ය විජිත පෙරේරා
නිවුන් අලි උපත් පිළිබඳ දකුණු අප්‍රිකාව, තායිලන්තය සහ අසල්වැසි ඉන්දියාවෙන් මීට පෙර වාර්තා වී තිබේ.
එවැනි නිවුන් අලි උපත් සිදුවීමේ සම්භාවිතාව ඉතාමත් අඩු අගයක් ගන්නා බව වනජීවී පශු වෛද්‍ය නිලධාරී සංගමයේ පශු වෛද්‍ය විජිත පෙරේරා බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසීය.
එවැනිම නිවුන් අලි උපතක් මීට සිව් වසරකට පමණ ඉහත දී හම්බන්තොටින් වාර්තා වූ බව කී පශු වෛද්‍ය විජිත පෙරේරා ඒ අතර සිටි එක් පැටවෙකු මව සහ රංචුව විසින් හැර දමා ගොස් සිටියදී සොයා ගත් බව සඳහන් කළේය.
"ගම්මු නිරීක්ෂණය කර තිබුණා චුටි පැටියෙක් අරන් තල්ලු කරගෙන යනවා. ටික වෙලාවක් යනකොට තව පැටියෙක් එතන කෑ ගහනවා. අපි ගිහින් පැටියව ගත්තා නමුත් බේර ගන්න බැරි වුණා,"
නිවුන් අලි උපතක් සිදු වූ තවත් අවස්ථාවක දී ද එලෙස එක් පැටවෙකු හැරදමා ගොස් ඇති බව වාර්තා වී ඇතැයි කී පශු වෛද්‍යවරයා "අනෙක් පැටවා එතකොට නගිටලත් නැහැ. පැත්ත වැටිලා හිටියා. රංචුව හිටියත්, ඔවුන් පැටව් ගැන සැලකිලිමත් වුණත්, පැටියෙක් මග අරුනොත් මග ඇරුනම තමයි," යනුවෙන් පැවසීය.
"හොඳ තත්ත්වයෙන් පැටව් දෙන්නා ඉපදුනත් එක පැටියෙක් බොහෝ විට මිය යාම සිදු වෙනවා"
වන උද්‍යාන තුළ සැරිසරන ඇතින්නියකට වයසින් සහ ශරීර ප්‍රමාණයෙන් එක සමාන පැටවුන් සිටින අවස්ථා නිරීක්ෂණය කර නොහැකි බව කී පශු වෛද්‍යවරයා පින්නවල අලි අනාථාගාරය ඇතුළු මිනිස් ඇසුරේ වැඩෙන ඇතින්නියක නිවුන් පැටවුන් බිහි කළ අවස්ථාවක් ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වී නොමැති බව සඳහන් කළේය.
"පැටව දාල යනවා..."
Image copyright Getty Images
අලින්ගේ ගැබ් කාලය සාමාන්‍යයෙන් මාස 22 පමණ වේ.
පැටවෙකු බිහි කරන අවස්ථාවේ මව් ඇතින්නගේ ශරීරයෙන් රසායන සංවේදන පිටවීම සහ ඇය වෙතින් පළ වන ප්‍රතිචාර හමුවේ ඇතැම් විට රංචුවේ සෙසු සාමාජිකයන් මව් ඇතින්න වටකර ගන්නා බව වෛද්‍ය විජිත පෙරේරා සඳහන් කළේය.
ඔහු පවසන පරිදි අලි පැටවෙකු උපත ලබා පැය 2-3 අතර කාලයක් ගතවන විට තනිවම නැගිටිය හැකි තත්ත්වයකට පත් වේ.
පැටවා උපත ලබා පැය කිහිපයක් ගත වුවත් නැගිට ගත නොහැකි අවස්ථා ඇතැම් විට වාර්තා වේ.
"පැටවා සමග සිට අතරමං වනවාද නැතිනම් රංචුවත් සමග ගොස් ජීවත් වනවා දැයි" තීරණය කිරීමට මව් ඇතින්නට එහිදී අවස්ථාවක් පැමිණෙන බව පශු වෛද්‍ය විජිත පෙරේරා පෙන්වා දෙයි.
"ඒක අලින්ගේ සාමාන්‍ය දෙයක්. අම්මා කෙනෙකුට පැටියත් වටිනවා, රංචුවත් වටිනවා. නමුත් ඒ දෙකෙන් කුමක් ද තෝර ගන්නේ කියලා තීරණය කරන්න ඇයට අවස්ථාවක් එනවා,"