- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
ඉරානය- මරණ විසි ගණනක්; සිය ගණනක් අත්අඩංගුවේ
ඉරාන් ආණ්ඩුවට එරෙහි විරෝධතාවාදීන් සහ ආරක්ෂක හමුදා අතර ගෙවීගිය රාත්‍රිය ( ජනවාරි 01) තුළ ඇති වූ ගැටුම්වලදී තවත් මරණ නවයක් වාර්තා වූ බව ටෙහෙරාන් රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
ඉරාන් මහජන විරෝධතා ආරම්භ වී අදට (ජනවාරි 02) දින හයක් ගතව ඇත.
මධ්‍යම ඉරානයේ ඉස්ෆහාන් (Isfahan) පළාතේ පැතිර ගිය අලුත්ම විරෝධතා ව්‍යාපාරයන්හිදී වාර්තා වූ මරණ සමඟ මෙම මහජන උද්ඝෝෂණවල දී මරා දැමුණ ජන සංඛ්‍යාව විසි දෙකක් බවට පත් විය.
විරෝධතාවාදීන් හය දෙනෙක් මරා දමන ලද්දේ ඉස්ෆහාන් (Isfahan) පළාතේ කහ්ඩේරිජාන් (Qahderijan ) නගරයේ පොලිස් ස්ථානයකට කඩා වැදුණ කණ්ඩායමක් එහි තිබුණ තුවක්කු පැහැර ගැනීමට ගත් උත්සාහයකදී බව බලධාරීහු පවසති.
මේ අතර ඉරාන් විප්ලවීය බලකායේ භටයකු සමඟ ගැටුණ විසි හැවිරිදි පුද්ගලයෙක් සහ එකොළොස් වියැති පිරිමි ළමයෙක් මරා දමනු ලැබීමක් ඉරාන් රාජ්‍ය රුපවාහිනිය වාර්තා කරයි.
ගැටුම්වල දී ඉරාන් විප්ලවීය බලකායේ භටයකු මරා දමනු ලැබීමක් ද වාර්තා විය.
ඉස්ෆහාන් (Isfahan) පළාතේ 'නග්ෆාබාද්' හි සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියකු මරණයට පත්වූ අතර තවත් නිලධාරීන් තුන් දෙනකු තුවාල ලැබ ඇති බවක් ද මාධ්‍ය වාර්තා කරයි.
2009 ජනාධිපතිවරණයෙන් පසුව ඉරාන් නගර ඔස්සේ පැතිර ගිය දැවැන්ත මහජන විරෝධතා ව්‍යාපාරය මෙයයි.
ඇතැම් වාර්තා අනුව මෙය 2009 විරෝධතා ව්‍යාපාර වලටත් වඩා බරපතළ තත්වයකි.
මෙවර විරෝධතා ව්‍යාපාර ආරම්භ වුණේ මෂ්හාඩ් (Mashhad) නගරයෙනි.
ඉරානයේ දෙවන විශාල නගරය වූ මෂ්හාඩ් (Mashhad) නගරයෙන් ආරම්භ වූ විරෝධතා ව්‍යාපාර මේවනවිට රටේ සෙසු නගරවලටත් පැතිර යමින් පවතී.
සිදු කෙරෙමින් පවතින දූෂණ සහ දරාගත නොහැකි ආහාර මිල ,උද්ධමනය සහ රැකියා ප්රශ්නය එම විරෝධතා ව්‍යාපාරයට හේතු විය.
එවැනි අභ්‍යන්තර මහජන ප්‍රශ්න මුල් කර ගනිමින් ආරම්භ වූ ඉරාන් මහජන විරෝධතා ව්‍යාපාරය මේවන විට දේශපාලන මුහුණුවරක් ගනිමින් පවතින බව විශ්ලේෂකයෝ පවසති.
ඒ අනුව ඉරාන් මහජන විරෝධය මේවනවිට ආණ්ඩු විරෝධී උදඝෝෂණ ව්‍යාපාරයක් බවට හැරී ඇත.
රට තුළ ගැඹුරු අභ්‍යන්තර ප්‍රශ්න වලින් මහජනයා පීඩා විඳින අතරවාරයේ බලධාරීන් විසින් කලාපීය අර්බුද වෙනුවෙන් මහා පරිමාණයෙන් මහජන මුදල් යොදවනු ලැබීම පිළිබඳව විරෝධතාවාදීහු ප්‍රශ්න කරති.
එම විරෝධතා ව්‍යාපාරවලට එක්වූවන් සියයකට අධික පිරිසක් කැරලි ගැසීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇති බව ඉරාන් මාධ්‍ය වාර්තා කරයි.
ඉරාන් ජනාධිපති හසන් රුහානි ප්‍රකාශයක් කරමින් පැතිර යමින් පවතින විරෝධතා ව්‍යාපාර ආණ්ඩුවට තර්ජනයක් නොවන බව පවසමින්"නීතිය කඩ කරන්නන්" මර්දනය කරන බව කියා සිටියේය.
මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදය ඉරාන් ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන්ට සහයෝගය පළ කරමින් එය "නිර්භීත නැගී සිටීමක්" ලෙස වර්ණනා කර ඇත.
දේශපාලන මුහුණුවරක් ගනිමින් පවතින විරෝධතා ව්‍යාපාර වලදී අදහස් දක්වන ඇතැමුන් 1979 ඉරාන් විප්ලවය මගින් පෙරලා දමන ලද රාජාණ්ඩුක්‍රමය කරා ආපසු යාමට යෝජනා කරන බවක් ද වාර්තා වෙයි.
මෙවර විරෝධතා ව්‍යාපාරයේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ එය ජාතික මට්ටමේ නායකත්වයකින් තොරව පෙරට යන මහජන අරගලයක් වීමයි.
ජනාධිපති හසන් රුහානි ගේ ප්රයත්නය මෙම විරෝධතා ව්‍යාපාරය සහමුලින්ම අඩපණ කර දැමීමයි.
ඉරානයේ දේශපාලන බලය හසුරුවනු ලබන ගතානුගතිකවාදී බලවේගය සහ ප්රතිසංස්කරණවාදීහු මෙම විරෝධතා ව්‍යාපාර සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා කර ගන්නා අතරවාරයේ විදේශ බලවේගවලටත් ඇඟිල්ල දිගු කරති.
මේ අතර දරාගත නොහැකි දුප්පත්කම සහ ඉරාන් පාලනයේ මර්දනය හමුවේ තමන්ට සහනයක් නොමැති බව ඉරාන් ජනතාව සිය ජීවිත පරදුවට තබමින් ලෝකය හමුවේ කියා පාමින් සිටිති.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම