The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» අනං මනං! #/+?.<>
Today at 5:55 pm by Ethical Trader

» විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව
Today at 12:15 pm by Ethical Trader

» Flying is the Safest mode of Transport
Today at 6:37 am by කිත්සිරි ද සිල්වා

» AAIC.N0000
Yesterday at 9:50 pm by serene

» Thread for News on CSE and SL Economy
Yesterday at 8:26 pm by ruwan326

» MTD WALKERS - KAPI
Yesterday at 5:18 pm by PANTOMATH

» REXP.N0000 ( RICHARD PIERIS EXPORTS PLC)
Yesterday at 11:51 am by yellow knife

» AMF.N0000
Yesterday at 11:23 am by serene

» இனிய பொங்கல்
Tue Jan 15, 2019 9:15 pm by nihal123

» DIPD.N0000 (Dipped Products)
Tue Jan 15, 2019 8:18 pm by PANTOMATH

» HUNA.N0000
Mon Jan 14, 2019 5:29 pm by Ethical Trader

» Blessing in Disguise!! It's high time Brothers!!
Sun Jan 13, 2019 11:35 am by serene

» Thread for News on Local and Foreign Politics
Sat Jan 12, 2019 8:26 am by ruwan326

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
Thu Jan 10, 2019 8:45 pm by PANTOMATH

» කෝටි 4620 ක බැඳුම්කර නීතියට පිටින් ශ‍්‍රී ලංකන්ට දීලා
Mon Jan 07, 2019 6:18 pm by Ethical Trader

» JINS.N0000 ( Janashakthi Insurance PLC)
Sun Jan 06, 2019 1:12 pm by smallville

» Dividend Announcement
Sun Jan 06, 2019 4:28 am by serene

» Thread for News on International Markets
Fri Jan 04, 2019 9:40 am by The Invisible

» LDEV - Lankem Developments
Tue Jan 01, 2019 8:14 pm by ruwan326

» අවුරුද්ද අප කයි - අපි අවුරද්ද කමු (ජනවාරි පළමුවැනිදා)
Tue Jan 01, 2019 6:23 pm by malanp

» සැන්ඩි එපා!
Tue Jan 01, 2019 6:01 pm by serene

» අසිරිමත් සුබ නව වසරකට ආසිරි !
Tue Jan 01, 2019 5:08 pm by PANTOMATH

» SHL.N0000 (Softlogic Holdings PLC)
Mon Dec 31, 2018 6:04 pm by EBHRAHIMCANADA

»  වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන්
Mon Dec 31, 2018 2:47 am by nihal123

» අයදුමේ දී ඡායාරූප ‘ඇලවීම‘ අවශ්‍ය නැති ජාතික හැඳුනුම්පත ජනවාරි 01 සිට දිවයිනටම
Sun Dec 30, 2018 9:37 pm by lanka

» මැදපෙරදිගට පමණක්‘ පාස්පෝට් මින් ඉදිරියට නැහැ
Thu Dec 27, 2018 5:18 pm by Ethical Trader

» BFN - Orient Finance
Wed Dec 26, 2018 6:53 pm by serene

» Wishing Everyone a Happy Christmas !
Wed Dec 26, 2018 7:27 am by spw19721

» Happy Birthday
Tue Dec 25, 2018 11:13 am by sashimaal

» Trading Journal
Sat Dec 22, 2018 11:11 am by PANTOMATH

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
Fri Dec 21, 2018 9:41 am by The Invisible

» In the Meantime, Within Our Shores !
Thu Dec 20, 2018 9:44 am by කිත්සිරි ද සිල්වා

» Buy International English Language Testing System (IELTS) in jordan((WhatsApp:+237675967490))
Mon Dec 17, 2018 10:55 am by nihal123

» AINS - Arpico Insurance
Thu Dec 13, 2018 10:43 am by The Invisible

» CFVF - First Capital
Thu Dec 13, 2018 5:18 am by Ethical Trader

» Obituary Notice.
Wed Dec 12, 2018 11:18 am by sashimaal

» බඩගිනී
Tue Dec 11, 2018 9:20 am by Ethical Trader

»  Rajgama heroes !
Sun Dec 09, 2018 9:43 am by කිත්සිරි ද සිල්වා

» BOPL.N0000 (Bogawantalawa Tea Estates PLC)
Fri Dec 07, 2018 7:35 am by The Invisible

» Sri Lanka economic slowdown trims company profits, bank earnings grow
Thu Dec 06, 2018 3:04 pm by nihal123

» Better Than Bitcoin
Thu Dec 06, 2018 9:42 am by කිත්සිරි ද සිල්වා

» Hutchison, Etisalat complete mobile networks merger in Sri Lanka
Wed Dec 05, 2018 9:30 am by The Invisible

» Oil prices surge more than 5-pct
Mon Dec 03, 2018 1:53 pm by Ethical Trader

» CCS.N0000 ( Ceylon Cold Stores)
Mon Dec 03, 2018 10:03 am by The Invisible

» HAYC - Haycarb
Sun Dec 02, 2018 3:04 pm by xmart

» LGL Laugfs Gas
Fri Nov 30, 2018 9:43 am by The Invisible

» Oil prices gain as investors eye Fed relief on interest rates
Fri Nov 30, 2018 9:41 am by The Invisible

» ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක
Thu Nov 29, 2018 11:34 am by nihal123

» අපි තනිකර ලෝකය දිව යන්නේ
Thu Nov 29, 2018 11:32 am by කිත්සිරි ද සිල්වා

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
Thu Nov 29, 2018 10:32 am by The Invisible

January 2019
SunMonTueWedThuFriSat
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

දෙවන කාර්තුවේ ඉහළ වර්ධනය සමඟින් කොමර්ෂල් බැංකුව තවත් ශක්තිමත් වෙයි

Go down

දෙවන කාර්තුවේ ඉහළ වර්ධනය සමඟින් කොමර්ෂල් බැංකුව තවත් ශක්තිමත් වෙයි

Post by nihal123 on Wed Aug 16, 2017 10:15 pm

දෙවන කාර්තුවේ ඉහළ වර්ධනය සමඟින් කොමර්ෂල් බැංකුව තවත් ශක්තිමත් වෙයි

කොමර්ෂල් බැංකුව විසින් 2017 වසරේ දෙවන කාර්තුවේදී ලබාගත් ඉහළ වර්ධනයත් සමග 2017 ජුනි 30 වනදායින් අවසන් වන මාස හයක කාලය තුළදී ඉතාමත් ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයක් අත්පත් කර ගැනීමට සමත්ව තිබේ.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම හා විශාලතම වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව විසින් මේ වසරේ මුල් මාස හය තුළදී අගය එකතු කිරීමේ බදු (VAT) සහ ජාතිය ගොඩනැගීමේ බදු (NBT) ගෙවීමට පෙර ලබාගත් ලාභය 22.09% කින් රුපියල් බිලියන 12.687 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර මේ කාලය තුළදී අගය එකතු කිරීමේ බදු (VAT) වැඩිවීම නිසා ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව ගෙවිය යුතු අගය එකතු කිරීමේ බදු (ඪ්ඔ* සහ ජාතිය ගොඩනැගීමේ බදු (NBT) 51.21% කින් විශාල ලෙස වැඩිවී ඇත.

2017 දෙවන කාර්තුවේදී බැංකුවේ බදු වලට පෙර ලාභය 20.56% කින් රුපියල් බිලියන 5.203 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර මේ හේතුවෙන් 2017 වසරේ මුල් මාස හය තුළදී බැංකුවේ බදු වලට පෙර ලාභය 17.19%කින් වර්ධනය වී රුපියල් බිලියන 10.425 ක්වී ඇතැයි බැංකුව කොළඹ කොටස් වෙළඳපොළ වෙත දැනුම් දී තිබේ.

මේ අනුව, බැංකුව සඳහන් කරන්නේ මුල් මාස හය තුළදී බැංකුවේ ශුද්ධ ලාභය 16.21% කින් වර්ධනය වී රුපියල් බිලියන 7.540 ක්වූ බවත් දෙවන කාර්තුවේ ශුද්ධ ලාභය 15.70% කින් වර්ධනය වී රුපියල් බිලියන 3.764 ක්වූ බවයි.

‘බැංකුවේ සියළුම ප‍්‍රධාන කාර්ය සාධන දර්ශක තවදුරටත් වර්ධනය වී තිබීම කැපී පෙනෙනවා. කාර්තු ගණනාවක්ම ආන්තිකයන් පටුවී තිබීම හමුවේ මේ වර්ධනය පිළිබඳව සතුටට පත්විය හැකියි.’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ සභාපති, ධර්ම ධීරසිංහ මහතා පැවසීය. ප‍්‍රමාණයෙන් විශාල බැංකූවක් වූවත් අප සතු නම්‍යශීලීත්වය හේතුවෙන් වෙනස්වන දේශීය සහ ගෝලීය තත්ත්වයන්ට ප‍්‍රතිචාර දැක්වීමට සහ හුරුවීමට බැංකුවට තිබෙන හැකියාව වර්ධනය වී තිබෙනවා.’

කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ ජෙගන් දුරෙයිරත්නම් මහතා අදහස් දැක්වූයේ මෙසේයි. ‘අපගේ ජංගම තැන්පතු සහ ඉතිරි කිරීමේ තැන්පතු ප‍්‍රමාණය අඛණ්ඩවම වර්ධනය කර ගැනීමට අප සමත්ව තිබෙනවා. ඒ වගේම පිරිවැයට සාපේක්ෂව ආදායම් අනුපාතය සහ ප‍්‍රාග්ධන ප‍්‍රමාණත්ව අනුපාතය ඉහළ මෙහෙයුම් කාර්ය සාධනය සහ ප‍්‍රාග්ධනය වර්ධනය වීම හමුවේ දෙවන කාර්තුවේදී වර්ධනය වී තිබෙනවා. ඒ වගේම, 2017 ජූලි 01 වනදා සිට ක‍්‍රියාත්මක වූ ඉහළ දැමූ බාසල් III ප‍්‍රාග්ධන ප‍්‍රමාණත්ව අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා බැංකුව හොඳින් සූදානම් වෙලයි සිටින්නේ.’ බැංකුවේ ජංගම තැන්පතු වලට සාපේක්ෂව තිබෙන ඉතිරි කිරීමේ තැන්පතු අනුපාතය (CASA) 2017 ජුනි 30 වනදා වනවිට 40.17% ක මට්ටමක තිබෙන්නේ මෙරට බැංකු කර්මාන්තය තුළ වාර්තාවන හොඳම අගයක් බවට පත්වෙමිනි. මීට අමතරව, පිරිවැයට සාපේක්ෂව ආදායම් අනුපාතය (අගය එකතු කිරීමේ බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු නොමැතිව) 2017 ජුනි 30 වනදා වනවිට 41.79% ක් දක්වා 1.32% කින් වර්ධනය වී ඇත. මීට වසරකට පෙර මෙම අනුපාතය පැවතුණේ 43.11% ක් ලෙසයි.

2017 වසරේ මුල් මාස හය තුළදී බැංකුවට ලැබුණු ඉහළ ඉල්ලූම පෙන්නුම් කරමින් කොමර්ෂල් බැංකුවේ දළ ආදායම 28.84% කින් හෙවත් රුපියල් බිලියන 12.383 කින් රුපියල් බිලියන 55.319 ක් දක්වා 2017 ජුනි මාසය අවසන් වනවිට වර්ධනය වී ඇත. දෙවන කාර්තුවේ වර්ධනය මෙයටත් වඩා වැඩිවෙමින් 30.50% ක් හෙවත් රුපියල් බිලියන 6.627 කින් වර්ධනය වී රුපියල් බිලියන 28.353 ක්වී තිබේ.

මෙහිදී, පොලී ආදායම 30.69% කින් වර්ධනය වී රුපියල් බිලියන 48.959 ක් වෙද්දී පොලී වියදම වඩාත් ඉහළ මට්ටමකින් 45.84% කින් රුපියල් බිලියන 31.138 ක් දක්වා වර්ධනය වී ඇත. මේ හේතුවෙන් සලකා බලන මාස හයක කාලය තුළදී බැංකුවේ ශුද්ධ පොලී ආදායම 10.62% කින් රුපියල් බිලියන 17.821 ක් දක්වා වර්ධනය වී තිබේ. දෙවන කාර්තුව තුළදී පමණක් ශුද්ධ පොලී ආදායම 14.53% කින් වර්ධනය වී ඇත.

මීට අමතරව, සලකා බලන කාල සීමාව තුළදී ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායමද ශක්තිමත් ලෙස 33.97% කින් වර්ධනය වෙමින් රුපියල් බිලියන 3.977 ක්වී ඇත.

බැංකුවේ ශුද්ධ මෙහෙයුම් ආදායම සලකා බලන මාස හය තුළදී 15.59% කින් වර්ධනය වී රුපියල් බිලියන 22.467 ක් වෙද්දී දෙවන කාර්තුවේදී 18.25% කින් වර්ධනය වෙමින් රුපියල් බිලියන 11.177 ක්වී තිබේ. මෙහෙයුම් වියදම්වල වර්ධනය 2017 ජුනි 30 අවසන් වන මාස හය තුළදී 8.13% කට සීමා කිරීම නිසා සලකා බලන මාස හයක කාලය තුළදී වැට් බදු වලට සහ ජාතිය ගොඩනැගීමේ බදු වලට පෙර මෙහෙයුම් ලාභය 22.09% කින් රුපියල් බිලියන 12.687 ක් දක්වා වර්ධනය වෙද්දී දෙවන කාර්තුවේදී 26.56% කින් වර්ධනය වී රුපියල් බිලියන 6.346 ක්වී ඇත.

සලකා බලන මාස හයක කාලය තුළදී බැංකුවේ සමස්ත වත්කම් රුපියල් බිලියන 72.918 කින් හෙවත් 7.20% කින් වර්ධනය වී තිබෙන්නේ 2016 දෙසැම්බර් 31 වනදා වනවිට තිබූ රුපියල් ටි‍්‍රලියන 1.012 ක සිට රුපියල් ටි‍්‍රලියන 1.085 ක් දක්වායි. 2016 වසරේ ජුනි මාසයේ සිට 2017 ජුනි මාසය දක්වා මාස 12 ක කාල සීමාව තුළදී බැංකුවේ වත්කම් රුපියල් බිලියන 154.744 ක් දක්වා වර්ධනය වී තිබෙන්නේ මාසයකට රුපියල් බිලියන 12.895 ක සාමාන්‍යය වර්ධනයක් පෙන්නුම් කරමිනි. මෙය ගිය වසර සමග සසඳන විට 16.63%ක වර්ධනයකි.

2016 අවසානයේ සිට ගනුදෙනුකරුවන්ගෙන් ලැබුණු ශුද්ධ ණය සහ ලැබීම් 2017 ජුනි 30 වනදා වනවිට රුපියල් බිලියන 52.669 ක් හෙවත් මාසයකට රුපියල් බිලියන 8.778 කින් කැපී පෙනෙන ලෙස වර්ධනය වී රුපියල් බිලියන 668.687 ක්වී තිබෙන්නේ 8.55% ක වර්ධනයක් ලබාගනිමිනි. මාස 12 ක කාලය තුළදී ගනුදෙනුකරුවන්ගෙන් ලැබුණු ශුද්ධ ණය සහ ලැබීම් රුපියල් බිලියන 117.407 කින් හෙවත් 21.30% කින් වර්ධනය වී තිබෙන අතර එය මාසයකට සාමාන්‍යය වර්ධනය රුපියල් බිලියන 9.784 කි.

සලකා බලන මාස හය තුළදී තැන්පතු වර්ධනය මාසයකට සාමාන්‍ය වශයෙන් රුපියල් බිලියන 10 ඉක්මවා තිබෙන අතර මෙය 8.16% ක වර්ධනයකි. මේ අනුව, 2016 දෙසැම්බර් 31 වනදා වනවිට රුපියල් බිලියන 739.563 ක් ලෙස තිබූ තැන්පතු ප‍්‍රමාණය 2017 ජුනි 30 වනදා වනවිට රුපියල් බිලියන 799.902 ක් දක්වා වර්ධනය වී ඇත. වාර්ෂික තැන්පතු වර්ධනය රුපියල් බිලියන 119.845 ක්වී 17.62% ක වර්ධනයක් පෙන්වා තිබෙන බව බැංකුව සඳහන් කරයි.

සලකා බලන මාස හයක කාලය තුළදී බැංකුව ලබාගත් ප‍්‍රගතියේ තවත් වැදගත් අංගයක් වන්නේ ණය සහ අනිකුත් පාඩුවල හානි පූරණය සඳහා වෙන්කරන ප‍්‍රතිපාදන 39.40% කින් අඩුකර ගැනීමට හැකිවීමයි. බැංකුවේ ණය කළඹේ ගුණාත්මක තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම මෙයට හේතුවී ඇත. කෙසේවෙතත් හානි පූරණය සඳහා වෙන්කරන ප‍්‍රතිපාදන දෙවන කාර්තුවේදී රුපියල් මිලියන 144 කින් වැඩිකර තිබෙන්නේ ණය පොතේ වර්ධනය හේතුවෙන් අවශ්‍ය වන්නා වූ ඒකාබද්ධ ප‍්‍රතිපාදන වැඩිකිරීම හේතුවෙනි.

2016 ජුනි මාසයේ සිට බැංකුවේ අක‍්‍රීය ණය අඩුවෙමින් තිබෙන අතර 2017 මුල් මාස හය අවසන් වනවිට බැංකුවේ දළ සහ ශුද්ධ අක‍්‍රීය අනුපාතයන් පිළිවෙලින් 2.12% සහ 1.05% ක්වී ඇත.

මේ අතර, බැංකුවේ කොටස්කරුවන්ගේ අරමුදල් රුපියල් බිලියන 96.074 ක් දක්වා 22.62% කින් වර්ධනය වී තිබෙන අතර රුපියල් බිලියන 10 ක හිමිකම් නිකුතුව මගින් ලැබූ ඉහළ ලාභය සහ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර ්ත්‍ී කළඹ තුළින් ලැබූ රුපියල් බිලියන 2.663 කින් ශුද්ධ ලැබීම් මේ සඳහා දායක වී ඇත.

2017 ජුනි 30 වනදා වනවිට බැංකුවේ පළමු පෙළ (Tier I) ප‍්‍රාග්ධන ප‍්‍රමාණත්ව අනුපාතය 13.28% ක් දක්වාත් සමස්ත ප‍්‍රාග්ධන ප‍්‍රමාණත්ව අනුපාතය (Tier I + Tier II) 17.23% ක් දක්වාත් වර්ධනය වී තිබෙන අතර මෙය බාසල් ෂෂ අවම අවශ්‍යතාවයන්ට වඩා ඉහළ අගයකි.

මේ අතර, කොටසකට අදාළ ශුද්ධ වත්කම් වටිනාකම 2016 දෙසැම්බර් අවසානයේ සිට රුපියල් 8.58 කින් රුපියල් 96.55 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර එය මාස 12 ක කාලය තුළදී රුපියල් 17.79 කින් ඉහළ ගොස් තිබෙන්නේ පසුගිය වසරට සාපේක්ෂව 22.59% ක වර්ධනයක් පෙන්වමිනි. එසේම, සලකා බලන මාස හයක කාල සීමාව තුළදී කොටසකට අදාළ මූලික ඉපැයුම් රුපියලකින් පමණද, තාත්වීකරණ ඉපැයුම් රුපියලකින් පමණද වර්ධනය වී පිළිවෙලින් රුපියල් 8.15 ක් සහ රුපියල් 8.14 ක්වී ඇත. සලකා බලන කාල සීමාව තුළදී බැංකුවේ ශුද්ධ පොලී අන්තරය 3.43% ක්වී තිබෙන බව බැංකුව සඳහන් කරයි. මේ අතර, බැංකුවේ බදු වලට පෙර වත්කම් වලට අදාළ ප‍්‍රතිලාභය (ROA) 02% ක්ද කොටස් වලට අදාළ ප‍්‍රතිලාභය (ROE) 17.43% ක්ද වී ඇත.

සමූහයක් ලෙස ගත්විට කොමර්ෂල් බැංකුව සහ එයට අනුබද්ධ සමාගම් සලකා බලන මාස හයක කාල සීමාව තුළදී බදු වලට පෙර රුපියල් බිලියන 10.609 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර එය 18.13% ක වර්ධනයකි. මෙම කාල සීමාව තුළ බදු වලට පසු ලාභය 17.38% කින් වර්ධනය වී රුපියල් බිලියන 7.654 ක්වී තිබේ.

ශ‍්‍රී ලංකාවේ විශාලතම මෙන්ම වඩාත්ම ලාභදායී පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව මෙරට වඩාත්ම සම්මානයට පාත‍්‍රවූ මූල්‍ය ආයතනය වන අතර එමගින් ජාතික ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් දක්වයි. කොමර්ෂල් බැංකුව 2016 වසර අවසානයේදී කොළඹ කොටස් වෙළඳ පොළේ වෙළඳපොළ ප‍්‍රාග්ධනීකරණය වූ ඩොලර් මිලියන 790 ක ප‍්‍රමාණයෙන් 4.31% කට හිමිකම් කියන ලදී. මෙරට සුළු හා මධ්‍යම පරිමාණ අංශයට වැඩිපුරම ණය සපයා තිබෙන කොමර්ෂල් බැංකුව පසුගිය වසර පහ තුළදී මෙම අංශයට රුපියල් බිලියන 952 ක ණය ලබාදී තිබේ. මීට අමතරව, මෙරට අපනයන වලින් 17.82% කට සහ ආනයන වලින් 8.36% කට බැංකුව විසින් දායක වී ඇත.

කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් 2016 වසරේ සැප්තැම්බර් මාසයේදී මාලදිවයින තුළ පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී. මේ අතර, 2016 නොවැම්බර් මාසයේදී බැංකුව විසින් තමන්ටම අයත් මුදල් පේ‍්‍රෂණ සේවාවක් ඉතාලියේ ආරම්භ කරන ලදී.
avatar
nihal123
Top contributor
Top contributor

Posts : 5180
Join date : 2014-02-24
Age : 52
Location : Waga

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum