- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
අද වෙන්දේසියේ දී බිල්පත් පොළී නගී
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (16) දිනයේ දී කැඳවා තිබූ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී සාමාන්‍ය වාර්ෂික ඵලදා අනුපාතයන් හි ඉහළ යාමක් වාර්තා වී තිබේ.
මෙහිදී දින 182 හා දින 364 යන පරිණත කාලවලින් යුත් භාණ්ඩාගාර බිල්පත් සඳහා වන බර තබන ලද (බදු අඩු කිරීමෙන් පසු) සාමාන්‍ය වාර්ෂික ඵලදා අනුපාතික පිළිවෙලින් 9.02% සිට 9.17% දක්වා සහ 9.38% සිට 9.54% දක්වා ඉහළ ගොස් තිබේ.
අද දින වෙන්දේසිය සඳහා දින 91 පරිණත කාලයෙන් යුතු බිල්පත් ඉදිරිපත් කර තිබුණේ නැත.
වෙන්දේසිය සඳහා රුපියල් මිලියන 40,495 ක ලංසු ලැබී තිබුණු අතර ඒවායින් රුපියල් මිලියන 17,579 ක ලංසු අනුමත කරන ලදී.
පහත දැක්වෙන්නේ අද කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය පිළිබඳ සංක්ෂිපත් සටහනකි.
http://biz.adaderana.lk/