- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
පෑන් ඒෂියා බැංකුවේ ප්‍රාථමික අලෙවි කටයුතු මාස 06 කට අත්හිටුවයි
පෑන් ඒෂියා බැංකුව විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සමඟ සිදුකරන ලද ගනුදෙනුවලට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන ලද විමර්ශනයන් මත පදනම්ව මෙම නියාමන ක්‍රියාමාර්ගය ගෙන ඇත.
තවද ඉහත නියාමන ක්‍රියාමාර්ගය හේතුවෙන් 1988 අංක 30 දරන බැංකු පනතේ II වන උප ලේඛනයට අනුව බලපත්‍රලාභී වානිජ බැංකුවක් වශයෙන් පෑන් ඒෂියා බැංකුව විසින් සිදුකරනු ලබන බැංකු කටයුතු කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාවට දැනුම් දී සිටී.
ඒ අනුව බැංකු පනතේ II වන උප ලේඛනයේ විධිවිධානයන්ට අනුකූලව පෑන් ඒෂියා බැංකුවට රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ තවදුරටත් ගනුදෙනු කිරීමේ හැකියාව ඇත. එසේම රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙහි පෑන් ඒෂියා බැංකු ගනුදෙනුකරුවන්ගේ හා ප්‍රතිපාර්ශවයන්ගේ හිමිකම්වලට හානි නොවන පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිසි පරිදි ගනු ලබන බව වැඩිදුරටත් දන්වා සිටී.
මෙම නියාමන ක්‍රියාමාර්ගය මගින් රජයේ සුරැකුම්පත් සඳහා වන ප්‍රාථමික වෙන්දේසිවලට පෑන් ඒෂියා බැංකුවට සහභාගීවීමට ඇති හැකියාව අත්හිටුවන් ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවධාරණය කරනු ලැබේ. කෙසේ වෙතත් මෙම නියාමන ක්‍රියාමාර්ගය මගින් පෑන් ඒෂියා බැංකුවේ අනෙකුත් ක්‍රියාකාරකම් හා සේවාවන් සඳහා කිසිදු බලපෑමක් ඇති නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: පෑන් ඒෂියා බැංකුවේ ප්‍රාථමික අලෙවි කටයුතු මාස 06 කට අත්හිටුවයි
පෑන් ඒෂියා බැංකුවේ දෛනික කොටස් ගනුදෙනු අද පස්වරු 12.45 ට යළි ආරම්භ කරනු ලබන බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කර සිටී.
මේ අතර පෑන් ඒෂියා බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ සිය ප්‍රාථමික අලෙවි කටයුතු අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇති බවත්, අදාළ තීරණය නිසා බැංකුවේ සාමාන්‍ය ගනුදෙනුවලට බලපෑමක් නොවන බව ට මහ බැංකුව දැනුම් දී ඇති බවත්.
පෑන්ඒෂියා බැංකුවේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවීමට අද පෙරවරුවේ පියවර ගෙන තිබේ. මේ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රකාශ කර සිටින්නේ සමාගමේ නිවේදනයක් ප්‍රකාශයට පත්වීමට නියමිත බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි.