- Danidu
- Posts : 264
Join date : 2015-09-03
Age : 43
Location : Welisara
බැඳුම්කර ගනුදෙනුවලින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සියයට 400ක් ලාභ ලැබුවා
ට්‍රෙෂරීස් සියයට 400ක් ලාභ ලැබුවා
- සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කියයි
සරත් ධර්මසේන සහ ශ්‍යාම් නුවන් ගනේවත්ත,
2014 වර්ෂය මුල සිට මහ බැංකුවේ ප්‍රශ්න ගත බැඳුම්කර වෙන්දේසිය සිදුවූ 2015 පෙබරවාරි මාසය දක්‌වා කාලසීමාව තුළ අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් පුද්ගලික සමාගම කළ බැඳුම්කර ගනුදෙනුවලින් 400%ක (සියයට හාරසියයක) ලාභයක් සමාගමට උපයා ගැනීමට හැකි වූ බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතා ඊයේ (8 දා) බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් පැවසීය.
සමාගම එතරම් විශාල ලාභයක් ලැබුවේ ප්‍රාථමික වෙළෙඳපොළේ නොව ද්විතීය වෙළෙඳපොළේ දී කළ බැඳුම්කර මිලදී ගැනීම් සහ අලෙවි කිරීම් මගින් බවත් වෙළෙඳපොළේ එදිනෙදා තත්ත්වය මැනවින් අධ්‍යයනය කොට එම කටයුත්ත ඥනාන්විතව මෙහෙයවීම නිසා ප්‍රාග්ධනය රුපියල් මිලියන 301.05 කින් ආරම්භ කළ සමාගමේ ප්‍රාග්ධන තත්ත්වය රුපියල් බිලියන 1.5 ක් දක්‌වා වැඩි වූ බවත් පලිසේන මහතා කීය.
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සෑම මසකම ලැබූ ලාභ හා සමාගමේ ප්‍රාග්ධන තත්ත්වය ක්‍රමයෙන් වැඩි වූ ආකාරය කොමිසමට විස්‌තර කළ පලිසේන මහතා එම තොරතුරු ඇතුළත් කොට සකස් කරන ලද ලේඛනයක් ද කොමිසමට ඉදිරිපත් කළේය. එම විස්‌තර මාස්‌පතා මහ බැංකුවට ඉදිරිපත් කළ බව ද හෙතෙම කීවේය.
බැඳුම්කර ජනාධිපති කොමිසම මගින් කැඳවා සිටි පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාගේ සාක්‍ෂිය ඊයේ කොමිසම හමුවේ මෙහෙයවනු ලැබුවේ එම සමාගම වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කණ්‌ඩායමේ නායක ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා විසිනි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ. ටී. චිත්‍රසිරි (සභාපති) ප්‍රසන්න ජයවර්ධන සහ වී. කන්දසාමි යන මහත්වරුන්ගෙන් යුත් භාණ්‌ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිසම ඊයේ පෙරවරු 10.00 ට යළි රැස්‌විණි.
ප්‍රථමයෙන්ම කොමිසම ඇමතූ ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා කසුන් පලිසේන මහතාගේ සාක්‍ෂිය මගින් කොමිසමට ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන කරුණු පිළිබඳව කෙටි විස්‌තරයක් කළේය.
භාණ්‌ඩාගාර බැඳුම්කර වෙළෙඳපොළ එහි ගනුදෙනු සිදුවන ආකාරය 2014 සිට මේ දක්‌වා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම කළ බැඳුම්කර මිලදී ගැනීම් සහ අලෙවි කිරීම්, වෙළෙඳපොළේ පැවති මිල ගණන් සාක්‍ෂිකරු මගින් කොමිසමට ඉදිරිපත් කරන බව ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා කීය. තවද 2015 පෙබරවාරි 27 මහා බැංකුවේ පැවති ප්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසිය ඇතුළු තවත් ප්‍රශ්න හා වෙන්දේසි 03 කදී පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම බැඳුම්කර මිලදී ගැනීමට ලංසු ඉදිරිපත් කිරීම පිළිබඳ සියලු තොරතුරු පැහැදිලිව සියලුම ලියවිලි සහිතව කොමිසමට ඉදිරිපත් කිරීමට තමා උත්සහ කරන බව ද ජනාධිපති නීතිඥ ප්‍රනාන්දු මහතා කීවේය.
කොමිසමේ සභාපති චිත්‍රසිරි මහතා - එහෙම නම් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම බැඳුම්කර වෙළෙඳපොළේ කළ සෙල්ලම් සියල්ල ඉදිරිපත් වේවි.
ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා - ඔව් ස්‌වාමීනි.
http://www.divaina.com/2017/08/09/news03.html
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: බැඳුම්කර ගනුදෙනුවලින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සියයට 400ක් ලාභ ලැබුවා
(Everyone wants some limelight and short term milage advantage only. Nowadays social media platforms are awash with foot soldiers from the the LMG boys camp asking blood from the NATO boys)
_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28