- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
ඇමරිකාව උතුරු කොරියාවට ප්‍රතිචාර දක්වයි
මතභේදයට තුඩු දී තිබෙන සිය මිසයිල නාශක පද්ධතිය සාර්ථකව අත්හදා බැලූ බව පවසන ඇමරිකා එක්සත් ජනපදය කොරියානු අර්ධද්වීපයට ඉහළින් සිය B -1 වර්ගයේ බෝම්බ ප්‍රහාරක යානා පියාසර කළ බව කියා සිටී.
ඇමරිකාව මිසයිල නාශක අභ්‍යාසයක යෙදුණේ උතුරු කොරියාව විසින් පසුගියදා සිදු කරන ලද මිසයිල අත්හදා බැලීමට සෘජු ප්‍රතිචාරයක් වශයෙනි.
ඇමරිකානු ගුවන් හමුදාව විසින් එල්ල කරන ලද මිසයිලය අලෙස්කාවේ පිහිටි තාඩ් ආරක්ෂණ පද්ධතිය යොදා ගනිමින් ශාන්තිකර කලාපයේ දී ව්‍යර්ථ කර තිබේ.
ඇමරිකානු හමුදාවට අයත් B -1 බෝම්බ ප්‍රහාරක යානා දකුණු කොරියානු සහ ජපාන ගුවන් යානා සමග එක්ව කොරියානු අර්ධද්වීපයට ඉහල අහසේ අභ්‍යාසයක යෙදී තිබේ.
උතුරු කොරියාව විසින් පසුගිය සිකුරාදා සිය දෙවන අන්තර්මහද්වීපික බැලිස්ටික් මිසයිලය අත්හදා බලනු ලැබීය.
එම මිසයිලයට ඇමරිකාවේ සියලුම ප්‍රදේශ වෙත ළඟා වීමට හැකි බව උතුරු කොරියාව නිවේදනය කළේය.
'තාඩ්'
Image copyright Reuters
Image caption තාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතිය යොදා ගනිමින් ජුලි 29 වෙනිදා සිදු කළ අත්හදාබැලීම
චීනයේ දැඩි විරෝධය හමුවේ දකුණු කොරියාව තුළ තාඩ් මිසයිල නාශක ආරක්ෂණ පද්ධතියක් ස්ථාපනය කිරීමට ඇමරිකාව කටයුතු කළේය.
උතුරු කොරියාව විසින් දකුණු කොරියාව දෙසට එල්ල කරනු ලබන මිසයිල ප්‍රහාර ව්‍යර්ථ කිරීම එහි අරමුණ විය.
'තාඩ්' (Thaad - Terminal High-Altitude Area Defense system) යනු කුමක්ද?
කෙටි හා මැදි දුර මිසයිල පියාසර ගමනේ අවසන් අදියරට පැමිණෙද්දී ඉලක්කයට ළඟාවීමට පෙර බිම හෙලීම
ඉදිරියට එන යුද ශීර්ෂය චාලක බලයෙන් විනාශ කරයි
කි.මී. 200ක දුරක් විදිය හැකි අතර කි.මී.150ක උසකට ළඟාවිය හැකිය.
උතුරු කොරියාවෙන් එල්ලවිය හැකි තර්ජන සළකා ගුවාම් සහ හවායි හි මීට පෙර ඇමෙරිකාව විසින් ස්ථානගත කරන ලදී
Image caption 'තාඩ්' මිසයිල පද්ධතිය
1. සතුරු මිසයිලය විදීම
2. 'තාඩ්' රේඩාර් පද්ධතිය විසින් නිරීක්ෂණයකොට, අණ සහ පාලන ස්ථානයට යොමු කිරීම
3. ප්‍රති මිසයිලයක් විදීම සඳහා 'තාඩ්' අණ සහ පාලන ස්ථානයෙන් උපදෙස් දීම
4. ප්‍රති මිසයිලය සතුරු මිසයිලය දෙසට විදීම
5. සතුරු මිසයිලය විනාශ කිරීම
මිසයිල විදින ට්‍රක් රථයකට ප්‍රති මිසයිල 8ක් දරා සිටිය හැක.
"චීනය ගැන කලකිරිලා"
සෙනසුරාදා (ජුලි 29) අදහස් දක්වමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ ප්යොංයැං අවි වැඩසටහන නැවත්වීම සඳහා චීනය ප්‍රමාණවත් පියවර නොගන්නා බවය.
චීනය උතුරු කොරියාව සමග වෙළඳ සබඳතා පවත්වමින් "ඩොලර් බිලියන ගණනින්" මුදල් උපයන බවටත් ඔහු චෝදනා කළේය.
උතුරු කොරියාව සහ 'කිම්' පවුල පිළිබඳ මේ කරුණු දැන සිටියාද?
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේ තමන් චීනය සම්බන්ධයෙන් "කලකිරීමට" පත්ව ඇති බවය.
"නරක ළමෙක්"
මේ අතර ජනාධිපති ට්‍රම්ප් විසින් පළ කරන ලද අදහස් අර්බුදකාරී වාතාවරණය සමනය කිරීම සඳහා උපකාරී නොවන බව හිටපු තානාපතිවරයෙකු සහ චීන ආණ්ඩුවේ උපදේශකයෙකු වන වික්ටර් ගාඕ පැවසීය.
ඇමරිකානු ජනාධිපතිවරයා "නරක ළමයෙකු" ලෙස කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
උතුරු කොරියාවට එරෙහිව තවදුරටත් සම්බාධක පැනවීම සඳහා ලබන සතියේ රැස්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට තවත් යෝජනාවක් ඉදිරිපත් කරනු ඇති බවට බලාපොරොත්තු පළ වේ.