- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
පර්පචුවල් සමාගම කොටස් මිලදීගත් ආයතන ගැන සොයයි
ප්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසියෙන් අනතුරුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් කොටස් මිලදී ගත් ජාතික බැංකුවක, මධ්‍යසාර නිශ්පාදන සමාගමක, විද්‍යුත් මාධ්‍ය සමාගමක සහ අළුතින් ස්ථාපනය කරන ලද මුද්‍රිත මාධ්‍ය ආයතනයක තොරතුරු ලබන මස 02 වැනිදාට පෙර කොමිසමට බාර දෙන ලෙස විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අද (28) එම සමාගමට නියම කළේය.
මෙලෙස තොරතුරු දැනුම් දෙන ලෙස නියම කරන ලද්දේ ජාතික සංවර්ධන බැංකුව, ඩබ්ලිව්.ඇම්. මෙන්ඩිස් සහ සමාගම නමැති මධ්‍යසාර නිශ්පාදන සමාගමේ, ‘සියත‘ රූපවාහීනී සහ ගුවන් විදුලි නාලිකා විකාශනය, ‘ඒෂියා වොයිස් නෙට් වර්ක්‘ නමැති විද්‍යුත් මාධ්‍ය සමාගමේ සහ ‘ජනයුගය‘ පුවත්පත් මුද්‍රණය කරන ‘ඉන්ටර්ග්‍රේටඩ් මීඩීයා නෙට් වර්ක්‘ නමැති අලුතින් ස්ථාපනය කරන ලද මුද්‍රිත මාධ්‍ය ආයතනයකට අදාළ තොරතුරුය.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නිහාල් ප්‍රනාන්දු මහතා කොමිසම අමතමින් මෙම තොරතතුරු සෘජුවම කොමිසමේ ලේඛකාධිකාරීවරයාට බාර දීමට අවසර ලබාදෙන්නැයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වු කරුණු සළකා බැලූ කොමිසම ඒ සඳහා අවසර ලබා දුන්නේය.
- ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි
- කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරෙන අලුත්ම සමාගම – LVL Energy Fund Limited
- ලංකාවේ ලොකුම සමාගම මෙන්න. දුම්කොළ සමාගම අභිබවමින් ජෝන් කීල්ස් යළිත් පෙරමුණට
- National Insurance Trust Fund රෝහල් ව්‍යාපාර වලට අත පොවයි.ප්රතිරක්ෂනයේ අලුත් මානයන්ද සොයයි
- ආයෝජක - උපදේශක සහ තැරැව්කාර සමාගම