අර්ජුන් රුපියල් ලක්ෂ 1650කට මිලදී ගත් සුපිරි නිවස ඇමතිට දීලා - කොමිසමේදී හෙළි වෙයි
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
අර්ජුන් රුපියල් ලක්ෂ 1650කට මිලදී ගත් සුපිරි නිවස ඇමතිට දීලා - කොමිසමේදී හෙළි වෙයි
ඒ, අදාළ මහල් නිවසේ හිමිකාරීත්වය දැරූ දේපළ වෙළදාම් සමාගමක අධ්‍යක්ෂවරියක් බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ලබා දුන් සාක්ෂියකදීයි.
අදාළ දේපළ වෙළඳාම් සමාගමට මුදල් ලබාදී ඇත්තේ අර්ජුන් ඇලෝසියස් හිමිකාරීත්වය දැරූ පර්පචුවල් කැපිටල් හෝල්ඩින්ග් සමාගම විසින්.
කුලී ගිිවිසුම අවසන් වීමෙන් පසු අදාළ නිවස තමන්ට යළි භාර දෙන ලෙස හෝ මිලදී ගන්නා ලෙස දේපළ වෙළඳාම් සමාගමේ අධ්‍යක්ෂවරිය අර්ජුන් ඇලෝසියස්ට දැනුම්දී තිබෙනවා.
එ් අනුව රුපියල් ලක්ෂ 1650කට අර්ජුන් ඇලෝසියස් විසින් අදාළ නිවස මිලදී ගෙන අමාත්‍යවරයාට ලබාදී ඇති බවයි අනාවරණ වුණේ.
- Danidu
- Posts : 264
Join date : 2015-09-03
Age : 43
Location : Welisara
Re: අර්ජුන් රුපියල් ලක්ෂ 1650කට මිලදී ගත් සුපිරි නිවස ඇමතිට දීලා - කොමිසමේදී හෙළි වෙයි
අදාල මහල් නිවාසය අයත් ව්‍යාපාරික කාන්තාව කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කියා සිටියේ ඇමති රවි කරුණානායකගේ බිරිදද එම නිවස පරික්ෂා කිරීම සදහා පැමිණි බවත් එහිදී ඇය දුන් දුරකථන ඇමතුමකින් අර්ජුන් ඇලෝෂියස්ද එහි වහා පැමිණි බවයි.
නිවසේ එක් මසක් සදහා කුලිය රුපියල් ලක්ෂ 14ක් බවත් ඇය එහිදී වැඩි දුරටත් හෙලි කලාය.
හිරු රූපවහිනිය සියළු විස්තර සහිතව මේ සම්බන්ධයෙන් විකාශණය කල ප‍්‍රවෘත්තිය මෙතනින්
https://lankacnews.com/%E0%B6%BB%E0%B7%99%E0%B6%AF%E0%B7%92-%E0%B6%B4%E0%B7%9D%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A-%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B6%A7-%E0%B6%9C%E0%B7%90%E0%B6%BD%E0%B7%80/
- Danidu
- Posts : 264
Join date : 2015-09-03
Age : 43
Location : Welisara
Re: අර්ජුන් රුපියල් ලක්ෂ 1650කට මිලදී ගත් සුපිරි නිවස ඇමතිට දීලා - කොමිසමේදී හෙළි වෙයි
-මොනාක් රෙසිඩන්සීස් නිවාස ඒකකයේ හිමිකාරිය බැඳුම්කර කොමිසමට කියයි.
හිටපු මුදල් ඇමැති සහ වර්තමාන විදේශ කටයුතු ඇමැති රවි කරුණානායක මහතාගේ නිවස අලුත්වැඩියා කරන තෙක් තමාට අයත් මොනාක් රෙසිඩන්සීස් හි පිහිටි සුපිරි මහල් නිවාස ඒකකය (apartment) බද්දට දුන් අතර ඒ සඳහා බදු මුදල් ගෙව්වේ අර්ජුන් ඇලෝෂියස් මහතා විසින් ඔහුට සම්බන්ධ සමාගමක් හරහා බවද ඉන් මාස අටකට පමණ පසු එම නිවස රවි කරුණානායක මහතා විසින් රු. මිලියන 165 කට ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් අධ්‍යක්‍ෂ ධුර දරන සමාගමක් හරහා මිලදී ගත් බවද එම නිවාස ඒකකයේ හිමිකාරිය වූ එම්. විනෝදනී මහත්මිය ඊයේ (24 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කීවාය.
එය මිලට ගත්තේ ග්ලෝබල් ස්‌ටාර් ලොජිස්‌ටික්‌ස් පුද්ගලික සමාගම මගින් බවද ඇය කීවාය.
එය මිලට ගැනීමට පෙර මුලින් බද්දට සිටියදී ඒ සඳහා සියලු ගනුදෙනු වාචිකව කතා කළේ අර්ජුන් ඇලෝෂියස් මහතා සමඟ බවද ඒ සඳහා තමාට ඇලෝෂියස් මහතා මුදලින් රුපියල් මිලියන 1.4 ක් සහ චෙක්‌පතකින් තවත් මිලියන 10.2 ක් වශයෙන් රු. මිලියන 11.6 ක මුදලක් ලබාදුන් බවද ඇය කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කීවාය.
මේ මිලියන 11.6 ට මාස දෙකක නැවත ගෙවන තැන්පතුවක්‌ද ඇතුළත්ව තිබූ බව ඇය කීවාය.
තමා බද්දට ගත්තත් මෙහි රවි කරුණානායක මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් පදිංචි වී සිටින බව ඇලෝෂියස් මහතා තමාට වාචිකව ප්‍රකාශ කළ බවද ඇය කීවාය.
මෙයට අදාළ බදු ගිවිසුම අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා විසින් ඊයේ කොමිසමට ඉදිරිපත් කරන ලදී.
අදාළ බදු ගිවිසුම අත්සන් කරන ලද්දේ තමා සහ වෝල්ට් ඇන්ඩ් රෝ පුද්ගලික සමාගම සමඟ බවද විනෝදනී මහත්මිය කොමිසමට හෙළි කළාය.
මෙය කොළඹ 03, මොනාක් රෙසිඩන්සීස් හි පිහිටි නිවාසයක් බවද 5 ඡ්‍යÊ2 අංකය දරන මෙම නිවාසය තමා 2015 වසරේ අප්‍රේල් මාසයේ දී සුසන්ත රත්නායක මහතාගෙන් රු. මිලියන 120 කට මිලදී ගත් එකක් බවද විනෝදනී මහත්මිය කීවාය.
තම පියාගෙන් තිළිණයක් ලෙස ලද මුදලින් තමා මෙම මහල් නිවාස ඒකකය මිලදීගත් බවද, එය මිලදී ගැනීමෙන් පසු එය අලුත්වැඩියා කිරීම සඳහා තවත් රු. මිලියන දහයක් පමණ වැයකළ බවද ඇය කීවාය.
මුලින් මාස හයක කාලයක් රවි කරුණානායක මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් මෙහි සිටි බවත්, ඉන්පසු ඔවුන්ගේ නිවසේ අලුත්වැඩියා කටයුතු නිමවී නොතිබූ නිසා තවත් මාස දෙකක් එම මොනාක් රෙසිඩන්සීස්‌හි තම මහල් නිවාස ඒකකයේ රවි කරුණානායක පවුලට සිටීමට ඉඩ ලබාදුන් බවත් විනෝදනී මහත්මිය කොමිසමට හෙළි කළාය.
එය වර්ග අඩි 4000 කින් පමණ සමන්විත එපාර්ට්‌මන්ට් දෙකක් එකට බද්ධකොට ඇති විශාල නිවාස ඒකකයක් බවත්, ඒ නිසා මොනාක් රෙසිඩන්සීස් කළමනාකාරිත්වය විසින් එය "පෙන්ත්හවුස් එපාර්ට්‌මන්ට්" ලෙස නම්කර තිබූ බවත් ඇය කියා සිටියාය.
තමා එම නිවාස ඒකකයේ අයිතිකරු බවත්, එය බද්දට ගන්නා පුද්ගලයා වූයේ අර්ජුන් ඇලෝෂියස් මහතා බවත් එහි නැවතී සිටියේ රවි කරුණානායක පවුල බවද ඇය කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුර දෙමින් පිළිගත්තාය.
නිවාස ඒකකය බැලීමට පැමිණි 2016 ජනවාරි 27 දින එම හමුවෙන් දින කීපයකට පසුව අර්ජුන් ඇලෝෂියස් මහතා සමඟ සාකච්ඡා කර තමා එම නිවාස ඒකකය බදුදීම පිළිබඳ සාකච්ඡා කර අවසන් වාචික එකඟතාවට පත්වූ බවද ඇය කොමිසම හමුවේ තවදුරටත් පිළිතුරු දෙමින් ප්‍රකාශ කළාය.
http://www.divaina.com/
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: අර්ජුන් රුපියල් ලක්ෂ 1650කට මිලදී ගත් සුපිරි නිවස ඇමතිට දීලා - කොමිසමේදී හෙළි වෙයි
Three-Member Committee Appointed To Probe Into Central Bank ...
https://www.colombotelegraph.com/.../three-member-committee-appointed-to-probe-i...
Mar 10, 2015 - A Three-member committee has been appointed by Prime Minister ... of action to be taken with concern to the treasury bonds issue. ... Secondly, Ranil's proposed committee of 3 UNP crony lawyers is ... As the JVP says its only correct that the CB governor relinquishes his post until inquiry is concluded
No direct involvement by Mahendran-Committee - Daily Mirror - Sri ...
www.dailymirror.lk/69549/committee-clears-arjuna-mahendran
Apr 19, 2015 - The committee of eminent lawyers which inquired into the 30-year Treasury ... from the Central Bank, primary dealers and Perpetual Treasuries. ... The three-member Committee that looked into the 30-year bond issue consisted: .... only Mahendran, Ravi K. who appointed him and Ranil W. who defended
I dont think there is any other need to inquire this as former CBSL head is already cleared from all allegations by PM's committee...
- malanp
- Posts : 518
Join date : 2014-03-04
Re: අර්ජුන් රුපියල් ලක්ෂ 1650කට මිලදී ගත් සුපිරි නිවස ඇමතිට දීලා - කොමිසමේදී හෙළි වෙයි
Hats off to MS for exposing this big hora..
MR. clean is in fact a cleaning man washing others linen..A bigger fool than MR..
President is a smarter man than these two fools.
- The Invisible
- Posts : 3116
Join date : 2016-11-28
Age : 44
Re: අර්ජුන් රුපියල් ලක්ෂ 1650කට මිලදී ගත් සුපිරි නිවස ඇමතිට දීලා - කොමිසමේදී හෙළි වෙයි
- guruji
- Posts : 602
Join date : 2015-04-27
Re: අර්ජුන් රුපියල් ලක්ෂ 1650කට මිලදී ගත් සුපිරි නිවස ඇමතිට දීලා - කොමිසමේදී හෙළි වෙයි
- malanp
- Posts : 518
Join date : 2014-03-04
Re: අර්ජුන් රුපියල් ලක්ෂ 1650කට මිලදී ගත් සුපිරි නිවස ඇමතිට දීලා - කොමිසමේදී හෙළි වෙයි
Now Royalist clan robbing the country,,
thievs form a clan for themselves somehow..
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: අර්ජුන් රුපියල් ලක්ෂ 1650කට මිලදී ගත් සුපිරි නිවස ඇමතිට දීලා - කොමිසමේදී හෙළි වෙයි
_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
- The Invisible
- Posts : 3116
Join date : 2016-11-28
Age : 44
Re: අර්ජුන් රුපියල් ලක්ෂ 1650කට මිලදී ගත් සුපිරි නිවස ඇමතිට දීලා - කොමිසමේදී හෙළි වෙයි
But the thing what impressed me is that the current government has allowed the proceedings of this at will. Hope I don't need to elaborate the case if the same thing happened under previous regime.
- jiggysaurusTop contributor
- Posts : 548
Join date : 2014-07-09
Re: අර්ජුන් රුපියල් ලක්ෂ 1650කට මිලදී ගත් සුපිරි නිවස ඇමතිට දීලා - කොමිසමේදී හෙළි වෙයි
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: අර්ජුන් රුපියල් ලක්ෂ 1650කට මිලදී ගත් සුපිරි නිවස ඇමතිට දීලා - කොමිසමේදී හෙළි වෙයි
I, as a pro yahapalanaya person feel very sad about the whole incident, but remember, such investigations on Ministers in the ruling party never occurred in our political history.
I am proud of such investigations unknown to Sri Lankan hither to.
If any other Minister or MP have similar charges, all of them should be investigated fully & brought them to book irrespective of their status.
As members of the civil society, our duty is to press the current government to do that soon irrespective of party politics, because, we never know whether the next government would continue the same policy.
The writings on the wall is no good.
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: අර්ජුන් රුපියල් ලක්ෂ 1650කට මිලදී ගත් සුපිරි නිවස ඇමතිට දීලා - කොමිසමේදී හෙළි වෙයි
your above characteristic is one of the best... You often appear when there is injustice...
- mymoney
- Posts : 544
Join date : 2014-08-06
Re: අර්ජුන් රුපියල් ලක්ෂ 1650කට මිලදී ගත් සුපිරි නිවස ඇමතිට දීලා - කොමිසමේදී හෙළි වෙයි
- malanp
- Posts : 518
Join date : 2014-03-04
Re: අර්ජුන් රුපියල් ලක්ෂ 1650කට මිලදී ගත් සුපිරි නිවස ඇමතිට දීලා - කොමිසමේදී හෙළි වෙයි
The big hora Ranil tried so many tricks to hide the truth and protect thievs, but with Joint Opposition it was not easy.. Ultimately the president had the guts to appoint the commission..
Last November I met a highest level treasury official, he said Ranil is a fool still trying to defend Mahendran..
Good that president and pri-minister are from two different parties..
- HUNTERTop contributor
- Posts : 1935
Join date : 2014-07-14
Re: අර්ජුන් රුපියල් ලක්ෂ 1650කට මිලදී ගත් සුපිරි නිවස ඇමතිට දීලා - කොමිසමේදී හෙළි වෙයි
- malanp
- Posts : 518
Join date : 2014-03-04
Re: අර්ජුන් රුපියල් ලක්ෂ 1650කට මිලදී ගත් සුපිරි නිවස ඇමතිට දීලා - කොමිසමේදී හෙළි වෙයි
HUNTER wrote:So, what is the punishment you guys want to give; to whom?
Ravi and Ranil both should resign..
Otherwise country will face dangerous situation leading to gang warfare and ultimately civil war. This situation will gradually develop due to people lose confidence in the government, Rule of law and the Justice System, then people trying to take the law onto their hands slowly..
we faced same situation in 1971, 87-89 and LTTE war, mainly due to lack of confidence in the government,, we are recreating the same situation.
- අමෙරිකානු ඩොලරයේ වටිනාකම රුපියල් 140ට ළං වෙයි
- ඉන්දියාවේ මෑගි නූඩ්ල්ස් විෂ වෙයි. සන්නම් තානාපති වරුන් වු Amitabh Bachchan, Madhuri Dixit සහ Preity Zinta යන සුපිරි තරු වලටත් වැඩ වරදින ලකුණු!
- උතුරු කොරියානු යුද රහස් හෙළි වුනාද? හෙළි කළාද?
- ඇඳුම ලක්ෂ 3හමාරයි! ඔරලෝසුව ලක්ෂ 50යි! සොෆ්ට්ලොජික් හිමිකරු පිටුපස කතාව මෙන්න..!
- ට්‍රම්ප් 'ඉතා රහස්‍ය තොරතුරු රුසියාවට හෙළි කරලා'