- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු
Image copyright Gtf
විදේශගත ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් පිරිසක් පසුගියදා දකුණේ ගංවතුරෙන් අවතැන් වූ ජනතාවට වෛද්‍යාධාර ලබාදීම ශ්‍රී ලංකාවේ ජනකොටස් අතර විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාදාමයක තවත් අදියරක් බව දෙමළ ඩයස්පෝරා සංවිධානයක් පවසයි.
සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සහ ගෝලීය දෙමළ සංසදයේ (GTF) මෙහෙයවීමෙන් ලොව පුරා රටවල් හතක වෙසෙන ශ්‍රී ලාංකික වෛද්‍ය වෘත්තිකයන් 17 දෙනෙක් පසුගියදා කළුතර සහ මාතර දිස්ත්‍රික්කවල දුෂ්කර ගම්මානවල වෙසෙන ගංවතුරෙන් ආපදාවට පත් ජනතාවට වෛද්‍යාධාර ලබාදුන්හ.
ශ්‍රී ලංකාවේ ජනතාවට ගංවතුරෙන් වූ හානිය දැක කම්පාවට පත් වූ සිය සංවිධානයේ සාමාජිකයන් පිරිසක් ඔවුන්ට ආධාර කිරීමට ඉදිරිපත් වූ බව සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සමග ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරන ගෝලීය දෙමළ සංසදය පවසයි.
ශ්‍රී ලංකාවේ ඉතාම ඉහල මට්ට්මේ සෞඛ්‍ය සේවයක් පවතින නමුත් ආපදාවට ලක් වූ සිය සහෝදර රටවැසියන්ට ආධාර කිරීමට ඔවුන් ඉදිරිපත්වීම, ශ්‍රී ලංකාවේ දෙමළ සහ සිංහල ජනකොටස් යළි එකමුතු කිරීමේ සහ විශ්වාසය ගොඩනැගීමේ ව්‍යායාමයක් ද වූ බවත් නිවේදනයේ සඳහන් වේ.
Image copyright Gtf
"විශේෂයෙන්ම මේ වැඩපිළිවෙල, ජනකොටස් අතර විශ්වාසය ගොඩනැගීමේ අරමුණින් සිය හැකියාවන් සහ නිපුණතාවන් බෙදා හදා ගැනීමේ දෙමළ ඩයස්පෝරාවේ තිබෙන කැමැත්ත ප්‍රදර්ශනය කිරීමකි," යනුවෙන් ද ගෝලීය දෙමළ සංසදය පවසයි.
බ්‍රිතාන්‍යය, කැනඩාව, නෝර්වේ, ඇමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, බහරේනය සහ ජර්මනිය යන රටවල වෙසෙන වෛද්‍ය වෘත්තිකයෝ එම වෛද්‍ය සායනවලට සහභාගි වූහ.
ප්‍රදේශයේ වෛද්‍යවරුන්ගේ ද සහායයෙන් දෙමළ ඩයස්පෝරා වෛද්‍යවරුන් පිරිස දින දහයක් ඇතුළත රෝගීන් 780 කට ප්‍රතිකාර කළ බව ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයක සඳහන් වේ.
ඩයස්පෝරා වෛද්‍ය වෘත්තිකයන් පිරිස ළමා නිවාසයක සහ අනාථ දරුවන් වෙසෙන නිවාසයක රෝගීන්ට ද ප්‍රතිකාර කළ අතර, ඇස් කන්නාඩි සහ අව් කන්නාඩි 300 ක් ද බෙදා දුන්හ.
Image copyright Gtf
ඉන් අනතුරුව පසුගියදා විදේශ අමාත්‍යංශයේ පැවති උත්සවයකදී විදේශ අමාත්‍ය රවි කරුණානායක, සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න, මුදල් අමාත්‍ය මංගල සමරවීර, යළි පදිංචි කිරීම සම්බන්ධ අමාත්‍ය ඩීඑම් ස්වාමිනාදන්, විපක්ෂනායක ආර් සම්බන්ධන් සහ දෙමළ ජාතික සන්ධානයේ එම්ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිස එම වෛද්‍යවරුන්, ගෝලීය දෙමළ සංසදය සහ සර්වෝදය ව්‍යාපාරයට සිය ස්තුතිය පුද කළහ.
වෛද්‍යවරුන් වෙසෙන රටවල් සහ ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ ස්විට්සර්ලන්තය යන රටවල රාජ්‍යතාන්ත්‍රිකයන් සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතයෙකු ද උත්සවයට සහභාගි වී සිටියහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ ස්ථිර සාමයක් සහ ස්ථාවරභාවය උදාකරගැනීම පිණිස ඉදිරියටත් ගෝලීය දෙමළ සංසදයේ සහයෝගය ලැබෙනු ඇතැයි බලාපොරොත්තු පළ කළ බවත් විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු
- malanp
- Posts : 518
Join date : 2014-03-04
Re: ආපදාවට පත් දකුණේ වැසියන්ට පිහිට වූ ඩයස්පෝරා වෛද්‍යවරු
we kicked them out as refugees to developed world..