- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ස්විස් බැංකු ගිණුම්වල රුපියල් කෝටි 489 ක්
( තිළිණි ද සිල්වා )
ස්විට්සර්ලන්ත ජාතික බැංකුව විසින් 2016 වසර සඳහා ඉදිරිපත් කළ නවතම දත්ත සංඛ්‍යා ලේඛන අනුව ස්විස් බැංකු ගිණුම්වල ලාංකිකයින්ගේ මුදල් ස්විස් ෆ්‍රෑන්ක් මිලියන 307ක් පමණ තැන්පත් කර ඇති බව ඉන්දීය ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය වාර්තා කරයි.
ඒ අනුව ස්විස් බැංකු ගිණුම් වල මුදල් තැන්පත් කරන තැන්පතුකරුවන්ගේ ලැයිස්තුවට අනුව ශ්‍රී ලාංකියන් මුදල් තැන්පත් කිරීමේ දී ශ්‍රී ලංකාවට එම ලැයිස්තුවේ 151 වන ස්ථානය හිමිව ඇති බව එම පුවත් සේවා වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
ලොව පුරා තැන්පතුකරුවන් විසින් ස්විස් ෆ්‍රෑන්ක් ට්‍රිලියන 1.42ක් තැන්පත් කර ඇති අතර ස්විස් බැංකු ගිණුම් වල වැඩියෙන්ම මුදල් තැන්පත් කර ඇති රටවල් දහය අතර පළමු ස්ථානය හිමි කර ගෙන ඇත්තේ එක්සත් රාජධානියයි.
ඊට අමතරව පිලිවෙළින් ඇමෙරිකා එක්සත් ජනපදය , බටහිර ඉන්දීය කොදෙව්,ප්‍රංශය, බහමාස් දූපත්, ජර්මනිය, ඉංග්‍රීසි ඕඩය ආසන්නයේ ඇති ගර්න්සේ දූපත්, ජර්සි, හොංකොං, සහ ලක්සම්බර්ගය යන රටවල් පිළිවෙලින් පසුවෙති.