- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
වර්ල්ඩ් කැපිටල් සෙන්ටර් හැදෙන්නේ වැලිකඩ හිරගෙදර ද?
මේ සම්බන්ධයෙන් අදාළ ආයතනයේ ප්‍රකාශකයෙකු කියා සිටින්නේ අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ස්ථානය තවමත් තෝරා ගෙන නොමැති බවත්, ස්ථාන කිහිපයක් නිරීක්ෂණය කරමින් පවතින බවත්ය. මෙහිදී එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටින්නේ වැලිකඩ බන්ධනාගාරය, දෙමටගොඩ දුම්රිය නිවාස පිහිටි ඉඩම්වලින් අදාළ ඉදිකිරීම් ඉවත් කිරීමට රජය පියවර ගෙන ඇති බවත්, වැලිකඩ බන්ධනාගාර ඉඩමේ අක්කර 69 ක්, දෙමටගොඩ දුම්රිය නිවාස පිහිටි භූමිභාගයේ අක්කර 35 ක් හා පෑලියගොඩ අක්කර 14 ක ඉඩමක් ඇති බවයි. මේවායින් අදාළ ව්‍යාපෘතිය සඳහා තෝරා ගන්නා භූමිභාගය පසුව තීරණය කෙරෙනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු විසින් වැලිකඩ බන්ධනාගාරය, දෙමටගොඩ දුම්රිය නිවාස වැනි ඉදිකිරීම් ඉවත් කිරීමට රජය තීරණය කර ඇත්දැයි විමසනු ලැබීය. එහිදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ වැලිකඩ බන්ධනාගාරය පිහිටි භූමිය වැනි වාණිජ වටිනාකම් ඇති ඉඩකඩම් පිළිබඳ එවැනි තීරණයක් රජය විසින් ගනු ලැබුවේ 2002 වසරේ දී බවයි.
කෙසේ වෙතත් මෙවැනි විශාල ව්‍යාපෘතියක් සඳහා ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කිරීමේ දී එය ක්‍රියාත්මක වන නිශ්චිත ස්ථානයක් හෝ තෝරා ගෙන නොතිබීම මෙවැනි ව්‍යාපෘති සම්බන්ධයෙන් ගැටළුකාරීත්වයක් ඇතිකරවන්නකි.
පහත දැක්වෙන්නේ අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩල ගිවිසුම් අත්සන් කළ අවස්ථාවයි. ආයෝජන මණ්ඩල සභාපති උපුල් ජයසූරිය, වර්ල්ඩ් කැපිටල් සෙන්ටර් හි සභාපතිවරයා ඇතුළු පිරිසක් මෙහි වේ.