- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
කොටස් වෙළෙඳපොළ අධ්‍යක්ෂ මණ්ඩලයට දුමිත් ප්‍රනාන්දු පත්වෙයි
දශක දෙකක පමණ කාලයක ඇමෙරිකානු එක්සත් ජනපදයේ සහ ආසියාවේ ජාත්‍යන්තර ආයෝජන බැංකුකරුවෙකු ලෙස පළපුරුද්දක් හිමි දුමිත් ප්‍රනාන්දු මහතා, 2015 වර්ෂයේ සිට ඒෂියා සෙකියුරිටිස් සමාගමෙහි සභාපති හා ප්‍රධාන කොටස් හිමියකු ලෙසද කටයුතු කරයි. එතුමා Credit Suisse (හොංකොං ප්‍රදේශයේ) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක හා සමුහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ධුරය හෙබවිමට පෙර Credit Suisse සහ JP Morgan යන සමාගම්වල ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස ධුරය හොබවමින් රටවල් 12ක මෙහෙයුම් කටයුතු අධීක්ෂණයෙහි නිරත විය. තවද නිව්යෝක් සහ හොංකොං නගරවල පිහිටි JPMorgan සමාගමෙහි සාංගමික මුල්‍ය කටයුතු, M&A උපදේශක, පෞද්ගලික සුරැකුම්පත් ආයෝජනය සහ සාංගමික උපායමාර්ග යන අංශවලද විවිධ තනතුරු එතුමා දරා ඇත.
ගෝලිය වත්කම් කළමනාකරන සමාගමක් වන හොංකොං Tybourne Capital Management සමාගමෙහි ජ්‍යෙෂ්ඨ උපදේශකයකු ලෙස කටයුතු කරන එම මහතා සමාගම් කිහිපයක වීධායක නොවන සභාපති ලෙස කටයුතු කරමින් පවතී. 2013 වර්ෂයේදී World Economic Forum යන ගෝලීය සංසදය විසින් ඔහුව Young Global Leaders සංසදයට තෝරා පත් කරන ලදී.
දුමිත් ප්‍රනාන්දු මහතා මිඩ්ල්බරී කොලේජියෙන් (Middlebury College) භෞතික සහ ආර්ථික විද්‍යාව සම්බන්ධ උපාධියෙන්ද හාවඩ් බිස්නස් ස්කුල් (Harvard Business School) විශ්ව විද්‍යාලයෙහි MBA උපාධියෙන්ද පිදුම් ලබා ඇත.
කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලය සමාජික තැරැව්කාර සමාගම් විසින් පත්කර ගත් අධ්‍යක්ෂවරුන් පස් දෙනකුගෙන්ද ශ්‍රී ලංකා රජය විසින් පත්කර ගත් අධ්‍යක්ෂවරුන් සතර දෙනකුගෙන්ද සමන්විත වේ.
- රාධිකා කුමාරස්වාමි ජෝන් කීල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට
- කොළඹ හිල්ටන් හෝටල් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට ප්‍රියංක දිසානායක, පද්මා මහරාජා ඇතුළු පිරිසක්
- කොටස් වෙළෙඳපොළ අඛණ්ඩව 5 වන දිනයටත් ඉහළට. සියලු කොටස් ඒකක 94 කින් නගී
- ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ දෙවැනි විශාලතම කොටස් ගනුදෙනුව අද
- කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට