- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ
BBC Sandeshaya මිනිත්තු 43 පෙර
තමන් සමග අත්සන් තබා තිබෙන කොන්ත්‍රාත්තුව "දිගින් දිගටම උල්ලංඝනය කිරීම" සම්බන්ධයෙන් ලසිත් මාලිංගට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සහ විනය කමිටුවේ සභාපති අසේල රැකව එම කමිටුවේ සාමාජිකයෝය.
විශේෂයෙන්ම එංගලන්තයේ පැවති චැම්පියන්ස් කුසලාන තරගාවලියෙන් අනතුරුව ලසිත් මාලිංග දෙවතාවක්ම අවසරයකින් තොරව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වීම හේතුවෙන් ඔහුට එරෙහි විනය පරීක්ෂණය කඩිනම් කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග අත්සන් තබා තිබෙන ගිවිසුම ප්‍රකාර මාධ්‍ය වෙත අදහස් පළ කිරීමට පෙර ක්‍රීඩකයන් ඒ සඳහා ක්‍රිකට් ආයතනයෙන් අවසර ලබා ගත යුතුය.
ලසිත් මාලිංග සම්බන්ධයෙන් සුදුසු විනය ක්‍රියාමාර්ග ගැනීම පිණිස කමිටුවේ පරීක්ෂණ වාර්තාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාව චැම්පියන්ස් කුසලාන තරගාවලියේ දෙවැනි වටයට සුදුසුකම් ලැබීමට පවා අපොහොසත් වූ නමුත් බංග්ලාදේශය, ඉන්දියාව සහ පකිස්තානය යන අනෙක් කළාපෙය රටවල් තුනම දෙවැනි වටයට සුදුසුකම් ලැබූහ.
අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගියදා ප්‍රකාශයට පත් කළ එක් දින තරග ක්ෂේත්‍රයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව සිටින්නේ බංග්ලාදේශයටත් පිටුපසිනි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයකු වන චන්දික හතුරුසිංහ බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරුවාය.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රය මුහුණ දී සිටින අර්බුදකාරී තත්වය විසඳීම පිණිස දේශීය පළමු පෙළ තරගාවලියේ පූර්ණ සංශෝධනයක් කළ යුතු බව මහේල ජයවර්ධන සහ සිදත් වෙත්තමුණි වැනි හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් පෙන්වා දී තිබේ.
එහෙත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පසුගියදා බීබීසී සිංහල සේවයට කියා සිටියේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ කිසිදු කඩාවැටීමක් නොමැති බවය.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ
Sri Lanka do not want straight people.
They applaud match fixers and despise people who call spade a spade.
This is the sad state of the country.
_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: මාලිංගට එරෙහි පරීක්ෂණය: කමිටුව පත් කෙරේ
කිත්සිරි ද සිල්වා wrote:I think it is time for this wonderboy from රජ්ගම to hang his boots and close the chapter of playing for the country.
Sri Lanka do not want straight people.
They applaud match fixers and despise people who call spade a spade.
This is the sad state of the country.