- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
ලන්ඩන් : මුස්ලිම් බැතිමතුන් යටකෙරේ - තවත් වෑන් රිය ප්‍රහාරයක්
BBC Sandeshaya පැය 5 කට පෙර
උතුරු ලන්ඩනයේ මුස්ලිම් දේවස්ථානයක් අසළදී පදිකයින් වෙතට වෑන් රියක් කඩාවැදීම හේතුවෙන් එක් අයෙකු මියගොස් තවත් අට දෙනෙකුට තුවාල සිදුවිය.
ඊයේ (ජුනි 18) මධ්‍යම රාත්‍රිය ඉකුත්ව යද්දී, ෆින්ස්බරි පාක් මුස්ලිම් දේවස්ථානය අසළ දී මේ සිද්ධිය හටගත් අතර මේ සම්බන්ධයෙන් වෑන් රියේ රියැදුරා වූ 48 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනිණි.
සිද්ධියට මුහුණ පෑ බොහෝ දෙනා රාමදාන් උපවාසය නිම කිරීමෙන් අනතුරුව සැදෑ යාඥාවෙන් පසු යමින් සිටි බව පැවසේ.
ත්‍රස්ත මර්දන නිලධාරීන් සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව ලන්ඩන් නාගරික පොලිසිය පැවසූ අතර බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය කියාසිටියේ "වෑන් රිය හිතා මතාම බැතිමතුන් යටකළා" යනුවෙනි.
ත්‍රස්තවාදී ප්‍රහාරයක් විය හැකියැයි සළකා කටයුතු කෙරෙනවා
අගමැතිනි තෙරේසා මේ
"ඉස්ලාමය කෙරෙහි ඇති භීතිකාව පෙන්වන ප්‍රචණ්ඩ ක්‍රියාවක්" ලෙසද එය හඳුන්වාදුන් බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය, මුස්ලිම් දේවස්ථාන අසලට අමතර ආරක්ෂාවක් යොදවන ලෙස ඉල්ලා සිටියේය.
හදිසි රැස්වීමකට සහභාගී වීමට නියමිත අගමැතිනි තෙරේසා මේ, මෙය "ත්‍රස්තවාදී ප්‍රහායක් විය හැකියි සළකා" පොලිසිය විසින් ක්‍රියාකරනු ලබන බව කියා සිටියාය.
වෑන් රියේ රියැදුරා පොලිස් අත්අඩංගුවට පත්වුණේ, මහජනතාව විසින් ඔහුව රඳවා ගනු ලැබීමෙන් අනතුරුවය.
Image copyright Reuters
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම